අද්විතීය Huawei Nova 9 SE ස්මාර්ට් දුරකථනය සහ MateBook D 15 ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

0

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්,  අද්විතීය විශේෂාංග රැසක් එක් කළ  Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්‍රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්‍රිය කරන මධ්‍ය පරාසයේ  Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ. තවද, වැඩි දියුණු කල තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් 11වන පරම්පරාවේ MateBook D 15 ලැප්ටොප් පරිගණකය ද විශිෂ්ට නිමවා සහ අන්තර්ගත තාක්ෂණික විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ජනාදරයක් හිමිකරගනු ඇත.

අඟල් 6.78 ක  LCD ස්ක්‍රීන් එකක්,90Hz රිෆ්‍රෙශ් ස්පීඩ්, centre punch-hole සෙල්ෆි කැමරා සහ 3D glass back සහිත Nova 9 SE, ක්‍රිස්ටල් බ්ලූ, පර්ල් වයිට්, මිඩ්නයිට් බ්ලැක් යන මනරම් වර්ණ ත්‍රිත්වයෙන් වෙළඳ පොළට පැමිණේ. මෙහි සුවිශේෂී කැමරා විශේෂාංග අතර, 108MP ක ප්‍රධාන කැමරාව, 2MP Bokeh lens,  2MP macro lens සහ 8MP ultra-wide-angle lens සහිත 108MP AI Quad කැමරා පද්ධතිය  සුවිශේෂී වනුයේ, දවසේ ඕනෑම වේලාවක විශිෂ්ට සහ පැහැදිළි ඡායාරූප ලබා ගැනීමට ලබාදෙන අවස්ථාව හේතුවෙනි.

විශේෂයෙන්ම වර්තමාන තාරුණ්‍යයයේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් නිෂ්පාදනය කළ Nova 9 SE හරහා, front/rear dual-view video, front/rear video recording ඇතුලු බොහෝ නව්‍ය වීඩියෝ විශේෂාංග අත්හදා බැලිය හැකිය. තවද, මතක ධාරිතාවය පිළිබඳ ගැටලු රැසකට විසඳුම් සපයමින් Nova 9 SE, Qualcomm Snapdragon 680 ප්‍රොසෙසර් මඟින් බලගන්වා ඇති අතර, මෙහි 8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් පවතී. තවද, නැවත නැවතත් දුරකථනය චාර්ජ් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන පරිදි Huawei SuperCharge තාක්ෂණය හරහා ඉතාමත් ඉක්මනින් Nova 9 SE චාර්ජ් කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.

වඩාත් පහසුවෙන් එහාමෙහා ගෙනයාමේ හැකියාව සහිත සැහැල්ලු නිමාවක් සමඟින් වෙළඳ පොලට හඳුන්වා දුන් MateBook D 15, විශිෂ්ට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් මාදිලියකි. කාර්යක්ෂමව වැඩ කිරීමට කැමති සියලු දෙනා වෙනුවෙන් නිපදවා ඇති MateBook D 15 හි සැහැල්ලු  බර වන්නේ කිලෝ ග්‍රෑම් 1.56ක් පමණි. මෙහි Full HD 1920×1080 resolution සහිත අඟල් 15.6 ක Huawei Full View ඩිස්ප්ල්යේ හරහා වඩාත් පුලුල් සහ පැහැදිළි නැරඹුම් අත්දැකීමක් පරිශීලකයාට හිමිකර දෙයි.  වැඩි වෙලාවක් පරිගණකය භාවිත කිරීමේදී ඇස් සඳහා වන හානි අවම කරන තාක්ෂණයන් සමගින් සන්නද්ධ කරමින් නිපදවා ඇති, MateBook D 15, 11වන පරම්පරාවේ Intel Core ප්‍රොසෙසර් සහ 16GB RAM සහිතව පැමිණේ. දත්ත ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් නිපදවා ඇති MateBook D 15, Fingerprint පවර් බටන් සමඟින් නිපදවා ඇති අතර, 65W USB-C චාර්ජර් හරහා කඩිනමින්ම ලැප්ටොප් පරිගණකය චාර්ජ් කරගත හැකිය.

Huawei Nova 9 SE සහ MateBook D 15 දැන් Huawei experience centers, බලයලත් Huawei අලෙවි නියෝජිත ජාලය හරහා සහ සිංගර් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *