Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය අවසන් වේ

0

Huawei සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය පසුගියදා අවසන් වූ අතර, ඒ සඳහා රටවල් 10ක් නියෝජනය කරමින්, රජයේ නිලධාරීන්, ක්ෂේත්‍ර විශේෂඥයින්, පර්යේෂකයන්, හවුල්කරුවන් සහ විශ්ලේෂකයින් 1500කට අධික සංඛ්‍යවක් සහභාගී විය. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය,  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම හරහා කර්මාන්ත සංවර්ධනය කළහැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වන ලදී.

මෙම සමුළුව තුළ විද්වත් මණ්ඩලයක් විසින් පවත්වන ලද සාකච්චාවක් පැවතුණු අතර, ඒ සඳහා Asia Competitiveness Institute  හි අධ්‍යක්ෂ මහාචාර්ය Paul Cheung, ආසියානු පැසිෆික් කලාපය සඳහා UNESCO Regional Science Bureau හි අධ්‍යක්ෂ Mohamed Djelid, MIMOS Berhad හි ආයතනික තාක්ෂණික උපායමාර්ග අධ්‍යක්ෂ Dr. Saat Shukri Embong, Huawei Asia Pacific හි අලෙවි හා උපාය මාර්ග ප්‍රධානී David Lu සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ Huawei හි වර්තමාන සභාපති Ken Hu මෙලෙස පවසා සිටියි. ” ආසියානු පැසිෆික් කලාපය ලෝකයේ සංස්කෘතිකමය හා ආර්ථිකමය වශයෙන් වඩාත් ජවසම්පන්න කලාපයක් ලෙස මම දකිනවා. ගෝලීය ආර්ථික සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින ආසියානු පැසිෆික් කලාපය, තාක්ෂණික සංවර්ධනය අතින්ද ඉහළ සංවර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා.  Huawei විසින් ආසියානු කලාපයේ පාරිභෝගිකයන් වෙත විසඳුම් සපයන්නේ වසර 30කට අධික කාලයක සිට. මෙම දශක තුනක කාලය පුරාවට කලාපයේ ඩිජිටල් පරිවර්තනයන් සඳහා අපට විශාල දායකත්වයක් දැක්වීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වෙනවා. 2022  වර්ෂය තුළත් මෙම කලාපයේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අප කැපවී ක්‍රියා කරන්නට නියමිතයි.”

මෙහිදී අදහස් දැක්වූ ආසියානු පදනමේ විධායක අධ්‍යක්ෂිකා Yang Mee මෙලෙස පවසා සිටියි.  “Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය, ASEAN පදනම සහ Huawei හවුල්කාරිත්වයේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එය කලාපයේ ඩිජිටල් කුසලතා ගැටලුව විසඳීමට උපකාරී වන කුසලතා සංවර්ධනය කේන්ද්‍ර කරගත් ඉගෙනුම් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට සහයෝගය ලබාදීම අරමුණු කරගනිමින් සිටිනවා. “

එහිදී අදහස් දක්වමින් ASEAN Economic Community සඳහා නියෝජ්‍ය මහලේකම් Satvinder Singh මෙලෙස පවසා සිටියි. COVID-19 වසංගත තත්වයේ පැතිරීමත් සමඟ ආසියානු කලාපය වෙත නව ඩිජිටල් පාරිභෝගිකයින් මිලියන 60 ක් එකතු වී ඇති අතර, මිලියන 400 කට ආසන්න අන්තර්ජාල භාවිතා කරන්නන් සිටින ASEAN කලාපය තුන්වන විශාලතම අන්තර්ජාල පදනමක් ඇති කලාපය බවට පත් වී ඇත. තවද, ASEAN හි ඩිජිටල් ආදායම 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 363 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඩිජිටල් පරිවර්තනයේ පූර්ණ ප්‍රතිලාභ ළඟ කර ගැනීම සඳහා පුද්ගලික අංශය ඇතුළු බහු පාර්ශ්වකරුවන්ගෙන් වඩාත් ශක්තිමත් සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය වනවා”

ඉන්දුනීසියාවේ සංචාරක හා නිර්මාණාත්මක ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ආචාර්ය H. Sandiaga Salahuddin, ඩිජිටල් ඉන්දුනීසියාවක් හැඩගැස්වීමට නවෝත්පාදනය උපකාර වී ඇති ආකාරය ගැන මෙහිදී සාකච්චා පවත්වන ලදී. හෙතෙම කියා සිටියේ ඩිජිටල්කරණයෙන් ඉන්දුනීසියාව සවිබල ගැන්වීම සඳහා Huawei හා එක්ව උපායමාර්ගික සැලසුම් රැසක් ක්‍රියාත්මක කළ බවයි.

“මැලේසියාව මෑතකදී මැලේසියානු ඩිජිටල් ආර්ථික සැලැස්ම (MyDIGITAL) දියත් කර ඇති අතර එය දේශීය ඩිජිටල් තාක්‍ෂණ ආරම්භකයින් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් විසින් සංවර්ධනය කරන ලද සහ යොදවා ඇති ඩිජිටල් විසඳුම් සඳහා සහයෝගී පදනමක් ලෙස ක්‍රියාත්මක වනවා.” මැලේසියාවේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය Dr. Adham Bin Baba පවසා සිටියි.   

බංගලාදේශයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය Mustafa Jabbar පැහැදිලි කළේ 2008 දී ඩිජිටල් බංගලාදේශ උපායමාර්ගය දියත් කිරීමෙන් කිරීමෙන් පසු බංගලාදේශයේ සන්නිවේදන කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවයි. උදාහරණ ලෙස, රට තුළ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය 0% සිට 98.5% දක්වා ඉහළ ගොස් ඇති අතර, පරිශීලක පදනම 2018 දී මිලියන 40 සිට මිලියන 180 දක්වා පුළුල් වී ඇත. මෙය බංගලාදේශ ජනතාවගේ ජීවිත විශාල වශයෙන් සංවර්ධනය කර තිබෙනවා”.

ආසියා පැසිෆික් කලාපයේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයට Huawei සහාය දක්වන ආකාරය පිළිබඳ අවධාරණය කළ, Huawei ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධානී Simon Lin මෙලෙස පැවසීය.  ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රජාව වෙත වඩාත් දියුණු තාක්ෂණ පහසුකම් අත්විඳීමේ අවස්ථාව ලබා දෙමින්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා Huawei කැපවෙමින් ක්‍රියා කරනවා. Lin ට අනුව, Huawei විසින් ආසියා-පැසිෆික් කලාපයේ මිලියන 90කට අධික නිවාස සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන භාවිතා කරන්නන් බිලියනයක් සඳහා සම්බන්ධතා සපයා ඇත. මෙම සමුළුව තුල,  intelligent campuses, full-stack data centers, digital power සහ cloud අංශ ආවරණය කරමින් ඩිජිටල් යටිතල පහසුකම් තුල නවෝත්පාදනයන් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද කර්මාන්ත සැසි හතරක් ඇතුළත් විය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *