සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී

0

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ 75,000කට අධික පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් 57%ක් ම කාන්තාවන් වේ. රසායනික චිකිත්සා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් ‍ගැලවී යාම මේ කාන්තාවන් මුහුණ දෙන එක් අභියෝගාත්මක අත්දැකීමකි. මේ තත්වය හේතුවෙන් පීඩා විදින කාන්තාවන්ගේ මානසික කම්පනය අවබෝධ කර ගනිමින් සහ හිසකෙස් අහිමි වීම හා සම්බන්ධ සමාජ දුර්මත බිඳ දැමීමට සහය වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින්  කුමාරිකා, “සොඳුරු දිරියවන්ති” වැඩසටහන ආරම්භ කරන ලදි. පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා ලබා දීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කරන ලද අතර, සෑම කාන්තාවක්ම එක ලෙස සුන්දරත්වය දරන බව පසක් කරමින්  සොඳුරු දිරියවන්ති ප්‍රථම වැඩසටහන 2021 ඔක්තෝම්බර් 05 වන දින දියත් කරනු ලැබීය.

කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වාර්ෂිකව හිසකෙස් පළඳනා 6000ක් පරිත්‍යාග කිරීමට සැලසුම් කරයි. ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සහයෝගය සමඟින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි. 2021 නොවැම්බර් මස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දී සිදු කළ ප්‍රථම පරිත්‍යාගයෙන් පසුව 2021 නොවැම්බර් 23 සහ 24 යන දිනයන් හි දී පිළිවෙළින් කුරුණෑගල රෝහලට සහ අනුරාධපුර රෝහලට හිසකෙස් පළඳනා පරිත්‍යාග කරන ලදී.

කුරුණෑගල රෝහලේ පරිත්‍යාග  අවස්ථාවට සම්බන්ධ වෙමින් (වමේ සිට) ඉන්දිරා පිළිකා භාරයේ කණ්ඩායම් සාමාජිකයන්, පරිත්‍යාගය ලබා ගත් ඉනෝකා දඹදෙණිය මහත්මිය, වෛද්‍ය රොෂාන් ගුණරත්න, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ලීලා සිරිවර්ධන, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය රේණුකා ජයසිංහ,  පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රගීත් වික්‍රමසිංහ, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විදුර කීර්තිසිංහ, පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කෞෂල්‍ය දිසානායක, හෙද නිලධාරිනි P.S.S.N ධනරත්න මිය, සායනය භාර හෙද නිලධාරිනි A.R.M.T සුවාහිර් 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පරිත්‍යාග අවස්ථාවට සම්බන්ධ වෙමින් (වමේ සිට) වෛද්‍ය මහේසන් නෙත්තිකුමාර, පිළිකා රෝග විශේෂඥ අනුෂ් තරංගනී මිය, රසායන චිකිත්සා ඒකකය භාර හෙද, ලක්මිණී වීරසිංහ මිය, පරිත්‍යාගය ලබන්නා සහ ඉන්දිරා පිළිකා භාරයේ කණ්ඩායම් සාමාජිකයන්

සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටි තවත් ජාතික රෝහල්, මහ රෝහල්, මූලික රෝහල් සහ ශික්ෂණ රෝහල් කිහිපයකට හිසකෙස් පළඳනා 50ක කාණ්ඩ පරිත්‍යාග කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *