Sterling සමාගම මෝටර් රථ සේවා කර්මාන්තයේ ඩිජිටල්කරණයට මුල පුරයි

0
  • අලුත්වැඩියා කිරීම්, සේවා ස්ථාන හා වෙලාව වෙන් කර ගැනීම, නඩත්තු ඉතිහාස වාර්තා, ඇස්තමේන්තු, සේවා මිල ගණන්, අන්තර්ජාලය හරහා ගෙවීම් ඇතුලු සේවා රැසක් දැන් එකම  App එකකින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන්නකු වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම දැන් ඔබගේ ඕනෑම මෝටර් රථයක ඕනෑම සේවා   අවශ්‍යතාවක් ඇතගිලක දුරින් හිඳ ඉටු කර ගැනීම සඳහා “Steorra” Mobile App  සේවාව හඳුන්වා දී ඇත. වඩාත් වේගයෙන් ඩිජිටල්කරණය වන ලෝකයක පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් නිරතුරුව කැපවී සිටින ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම මෙම “Steorra” Mobile App පහසුකම සහ නව්‍යකරණය කරන ලද sterling.lk සිය වෙබ් අඩවිය හරහා පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වේ.

පාරිභෝගිකයින්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා නිරන්තරයෙන් නව්‍යකරණයන් හඳුන්වාදෙන ආයතනයක් ලෙස සමාගම පවසන්නේ සිය සමාගම පැමිණි ගමන් මග තුළ ස්ටර්ලිං ආයතනය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ පාරිභෝගිකයින්ට සහ පාර්ශවකරුවන්ට සිය ස්තූතිය ප්‍රකාශ කිරීමක් ලෙස ඔවුන්ගේ පහසුව, කාල කළමනාකරණය, නව සාමාන්‍යකරණය තුළ පාරිභෝගික ආරක්ෂාව හා සුව සෞඛ්‍ය රැකදීම, සිය මෝටර් රථය සහ එහා බැඳී සියලු සේවාවන් පිළිබඳව ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක සිට දැනුවත් වීමේ පහසුව ලඟා කර දීම සඳහා මෙම නවීකරණය කරන ලද වෙබ් අඩවිය සහ “Steorra” Mobile App  හඳුන්වා දීම සියමූලික අරමුණ වූ බවයි.

ඒ අනුව මුලික වශයෙන් මෙම mobile app සේවාව සහ වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින්ට මෝටර් රථ අලුත්වැඩියා කිරීම් හා සේවා අවශ්‍යතා සඳහා සේවා ස්ථාන හා වෙලාව කලින් වෙන් කරවා ගැනීම, ස්ටර්ලිං සමාගමේ දිගුකාලින සේවාලාභියෙකුනම් වාහන නඩත්තු කිරීමේ ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ වාර්තා ලබා ගැනීම, අනතුරු අළුත්වැඩියා ඇස්තමේන්තු සහ තම කැමැත්ත අනුව සේවා මිල ගණන් ලබා ගැනීම, සිය අවශ්‍යතාවය පරිදි පරිභෝගිකයාටම app එක හරහා වියදම් ඇස්තමේන්තු ගණනය කර ගැනීමේ හැකියාව, පැය 24 පුරාම මාර්ග සහයක කණ්ඩායමේ සහය මෙන්ම පාරිභෝගික සේවා ඇමතුම් ලබා ගැනීමේ පහසුකම් මෙන්ම පුර්ණ වාහන සේවාවන් පිළිබඳ තොරතුරු, යාන්ත්‍රික අලුත්වැඩියාවන් සහ බඳ අලුත්වැඩියාවන්, අමතර කොටස් පිළිබඳ තොරතුරු ඇතුළු අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කිරීම, ශාඛා ජාලයට ප්‍රවේශ වීම සහ තවත් බොහෝ සේවාවන් රැසක් මෙමගින් පාරිභෝගික ඔබට ඇඟිලි තුඩඟ දුරින් හින්ද හැසිරවීමේ අවස්ථාව ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් පිරිනමා තිබේ.

මෙහිදී ස්ටර්ලිංන් සමාගමේ නව්‍යකරණය කරන ලද sterling.lkවෙබ් අඩවිය මගින් පාරිභෝගිකයින්ට සමාගමේ සමාජ මාධ්‍ය පිටු සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන අතර නවතම ප්‍රවෘත්ති, පරිබෝගිකයින් වෙනුවෙන් ලබා දීමට බලාපොරොත්තු වන විශේෂ අවස්ථාවන් සහ ප්‍රවර්ධන දීමනා පිළිබඳව ද දැනුවත් කෙරේ.

විශ්වාසයෙන් යුතුව රිය පැදවීමට ඇති හැකියාව පිළිබඳ සහතික වන ඔබේ විශ්වාසවන්තම මෝටර් රථ සහකරු වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස්  සමාගම මෙම ඩිජිටල් වේදිකා දියත් කිරීමත් සමඟම ඔබේ සියලු වාහන අවශ්‍යතා ඉක්මනින් හා කාර්යක්ෂමව සපුරාලීමට සූදානම්ය. අනාගතයේදී පාරිභෝගිකයින්ට අංගසම්පූර්ණ, ස්වයංක්‍රීය වාහන සේවා හා අළුත්වැඩියා කිරීමේ පහසුකම් වඩාත් ඩිජිටල්කරණය කළ පරිසරයක් තුළ ලබා දීමෙන් අනාගතයේදී සිය සේවා තවදුරටත් පුළුල් කිරීමටද සමාගම අරමුණු කර ගෙන ඇත.

“Steorra” mobile app එක දැන් Google Play සහ Apple App Store වෙතින් download කරගත  හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර www.sterling.lk වෙත පිවිසෙන්න හෝ 0117 600 800 අමතන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *