පැල්වත්ත කිරි සමාගම හොඳම කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සුදානම්

0

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර තිබේ. මෙහිදී පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් ඇතුළු නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකර කරගෙන ඇත.

පැල්වත්ත කිරි සැපයුම් දාමය පුළුල්ව සිදු කෙරෙන ක්‍රියාවකියකි. පැල්වත්ත සිය කර්මාන්තශාලා සඳහා ඉහළම තත්ත්වයේ නැවුම් කිරි පමණක් ලබා ගන්නා අතර එම ක්‍රියාවලිය ඉතා ඉහළ පිරිවැයකින් යුතුවේ. කිරි කර්මාන්තයේ ප්‍රසිද්ධ අදහසක් වන්නේ “හොඳ කිරි නිෂ්පාදන ලැබෙන්නේ හොඳ අමු කිරි වලින් පමණකි” යනුවෙනි. නිරතුරුව ගුණාත්මක නිෂ්පාදන පාරිභෝගිකයාට පිරිනමන පැල්වත්ත සමාගමද එම අදහසින් කිසි විටෙකත් බැහැර නොවේ.

ග්‍රාමීය මට්ටමින් ගොවීන් තම දෛනික කිරි අස්වැන්න ගොවි සමිතිය වෙත එකතු කෙරෙන අතර කිරිවල නැවුම් බව සහ සනීපාරක්ෂාව ආරක්ෂා කරමින් උෂ්ණත්වය සංරක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විත පැල්වත්ත සමාගම කුලියට ගත් කිරි බවුසර් ජාලය මගින් එම කිරි එකතු කරනු ලබයි. අනතුරුව ඔවුන් එය PDIL ශීතකරණ මධ්‍යස්ථාන වෙත ලබා දේ. එකතු කිරීමේ මධ්‍යස්ථානවල සීත සැපයුම්දාම තාක්‍ෂණය සහ තාප සංරක්ෂණ පද්ධති මගින් එම කිරි, සෙල්සියස් අංශක 07 දක්වා වහාම සිසිල් කෙරේ. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් විශේෂයෙන් තාප ආරක්ෂණ කිරි බවුසර් මගින් බුත්තල පිහිටි කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරනු ලබන අතර එම කිරි කර්මාන්ත ශාලාවේ ශීත ගබඩාවලට පැටවීම සිදු කෙරේ. ඉන්පසුව කිරිපිටි සෑදීමට අවශ්‍ය මේදය සහ ඝන-මේද (SNF) අවශ්‍ය මට්ටමට පැමිණි පසු ප්‍රමිතිකරණය සිදු කරයි. කිරි ප්‍රමිතිගත කිරීමෙන් පසු, ජලය ඉවත් කර කිරි වියළීම සඳහා නිස්සාරණය කරනු ලබයි. මෙම සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම පැල්වත්ත සමාගම සියයට සියයක්  ISO 22000:2018 ට තත්ත්ව සහතික ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරනු ලබයි.

පැල්වත්ත නිෂ්පාදන පෙළ සඳහා වන අමු කිරි සැපයුම් දාමය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එහි සුවිශේෂිතාවය වන්නේ ශ්‍රී ලංකාවේ 6500ක ශක්තිමත් කිරි ගොවි පදනමක් පැල්වත්ත සමාගම සතු වීම සහ ඔවුන්ගේ ජීවනෝපාය සඳහා පැල්වත්ත සමාගම සෘජුවම සහය දක්වන බැවිනි. මධ්‍යස්ථාන 50 කින් යුතු සමාගමේ කිරි එකතු කිරීමේ ජාලය ඌව, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පැතිරී ඇති අතර නැවුම් කිරි ලීටර් මිලියන 4.5 ක විශාල මාසික කිරි සංචිතයක් සමාගම සතුව ඇත. COVID අර්බුදය මධ්‍යයේ ද සමාගම ගොවීන්ට රුපියල් බිලියන 3.18ක් ගෙවීම් සිදු කර ඇත. එය 2019/20 වසරට සාපේක්ෂව 2020/21 දී 70%ක වැඩිවීමකි. මීට අමතරව, පැල්වත්ත විසින් ඔවුන්ගේ ගොවීන්ගේ ජිවන තත්ත්වය නඟා සිටුවීම සඳහා නොමිලයේ ගොවි සුබසාධන වැඩසටහන් රැසක් පවත්වාගෙන යන අතර, පසුගිය වසර හතර පුරාවටම එකම ගොවි පදනම සෑම වසරක් පාසාම පැල්වත්ත සමඟ කටයුතු කරනු ලබයි.

පැල්වත්ත සන්නාමය සඳහා සිඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුම සඳහා කිරි සංරක්ෂණ තාක්ෂණය වැඩිදියුණු කරමින් භාවිත කිරීමට සහ කිරි නිෂ්පාදන ඉහළම තත්ත්වයෙන් ලබා දීම සහතික වේ. මේ සඳහා සමාගම මේ වන විටත් සැලකිය යුතු ආයෝජන රැසක්  සිදු කර ඇත.

පැල්වත්ත සිය සමස්ත කිරි එකතු කිරීමේ දාමය සහ නිෂ්පාදන ක්‍රියාවලීන් හරහා සියයට සියයක් ප්‍රමිතීන්ට අනුකූල වන බැවින්, මෙම ක්‍රියාවලියේදී වියදම් අඩු කිරීම සඳහා යම් යම් කප්පාදු සිදු කිරීම නුවණට හුරු නොවන බව සමාගමේ අදහසයි. විශේෂයෙන්ම මෙලෙස තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කිරීම සුවිශේෂී ප්‍රතිඵල අත්කර දෙන බව පැහැදිලිය. එහිදී  අසාමාන්‍ය ගන්ධයන් සහ වර්ණ සහිත කිරි නිෂ්පාදන, රසයෙන් තොර, අපද්‍රව්‍ය සහ අවසාදිත ද්‍රව්‍ය වැනි පරිභෝජනයට නුසුදුසු කිරි නිෂ්පාදන බෙදා හැරීම මේ හරහා වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම ඉහළ බැක්ටීරියා ප්‍රමාණයක් අන්තර්ගත වීම කිරි නිෂ්පාදන වෙළඳ නාමයක් අසාර්ථක වීමට හේතු වන පොදු සාධකයකි. මේ අනුව, සමස්ත ජාතික කිරි සැපයුම් දාමයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට, පැල්වත්ත සිය කිරි නිෂ්පාදන දාමයේ කප්පාදුවක් කරන්නේ නම් මිස, දැනට පවතින සන්නාමයේ කිරි නිෂ්පාදනයන්හි  මිල වැඩිවීම ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකි බව පැහැදිලිය. ශ්‍රී ලාංකේය කිරි පාරිභෝගිකයාගේ යහපැවැත්ම හා ඉහළම ගුණාත්මක භාවය සඳහා වන කැපවීම හේතුවෙන්, පැල්වත්ත කිරි සමාගම ගුණාත්මක භාවය පහළ හෙළීම කිසිදාක සිදු නොකරනු ඇත.

සාමාන්‍යයෙන් කිරිපිටි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා අමු කිරි ලීටර් 8.4කට ආසන්න ප්‍රමාණයක්  වැයවෙයි. කිරිපිටි නිෂ්පාදනය සඳහා පමණක් අවශ්‍ය වන අමු කිරි ප්‍රමාණය එමගින් දැකිය හැකිය. එබැවින්, කිරි නිෂ්පාදන දාමයේ පිරිවැය වැඩිවීම බලපා ඇති ප්‍රධාන කරුණු ඉස්මතු කර ගැනීම වඩා වැදගත් වේ.

ප්‍රධාන කරුණ වන්නේ අමු කිරිවල ගොවිපල මිල ගණන් ය. එය සැලකිය යුතු ලෙස වැඩි කර ඇති අතර නිෂ්පාදන කලාපය අනුව වර්තමාන සාමාන්‍ය මිල ලීටරයකට රුපියල් 85 සිට 105 දක්වා වෙනස් වේ. අමු කිරි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට තවත් හේතුවක් වන්නේ ලංකාවේ ගොවීන් අතින් හෝ අර්ධ ස්වයංක්‍රීය කිරි දෙවීම් ක්‍රම භාවිත කිරීමය. එය වෙනස් කිරීම සදහා පැල්වත්ත සමාගම කිරි දෙවීම් ක්‍රම වෙනස් කිරීමට ගොවින් දැනුවත් කිරීමේ සැසි හරහා උපකාර කරයි. පැල්වත්ත මෙම කරුණ ඉස්මතු කරන්නේ වියදම් වැඩිවීමේ බර තම වටිනා ගොවි පදනමට තැබීම සඳහා නොවන අතර ඔවුන්ගේ  සුභසාධනය සඳහා සමාගම නිරන්තරව කැපවී සිටි.

කිරි නිෂ්පාදන දාමයේ පිරිවැය වැඩිවීම බලපා ඇති අනෙකුත් ප්‍රධාන කරුණු වන්නේ විදුලිය සහ බලශක්ති සැපයුම, ඇසුරුම්කරණය, ප්‍රවාහනය සහ ශ්‍රමයයි. මේ සියලු පිරිවැය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර නිදසුනක් වශයෙන්, ඇසුරුම් ද්‍රව්‍ය පිරිවැය පමණක් 40% කින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, රජය විසින් පනවන ලද මිල පාලනයන්ට අනුව උපරිම සිල්ලර මිල පැල්වත්ත පාරිභෝගිකයාගේ අන්තයෙන් වැඩි නොකර එකම නිෂ්පාදන මිලක් දිගටම පවත්වා ගෙන ගියේය. එහෙත් එහි නිෂ්පාදන පිරිවැය ඉහළ ගිය බැවින් පැල්වත්ත සමාගම අඛණ්ඩව පාඩු ලැබීම ඇරඹිණි.

2020 අප්‍රේල් 28 දින සිට එම විකුණුම් මිල  සන්නාමයේ පැවැත්මට තර්ජනයක් වෙමින් පාඩු ලැබීමට පටන් ගත්තේය. අවසාන වශයෙන්, පැල්වත්ත සිය නිෂ්පාදන මිල ගණන් තවමත් අවම මට්ටමකින් සංශෝධනය කරන ලද්දේ පිරිවැය වැඩිවීම ආවරණය කර ගැනීම සඳහාම පමණි.  නමුත් තම ආදරණීය පාරිභෝගිකයින්ට මුහුණ දිය හැකි සාධාරණ සහ දැරිය හැකි පරාසයක් තුළ එය පවත්වා ගැනීමට සමාගම නිරතුරුව කටයුතු කරයි. මෙම පිරිවැය අඩු වුවහොත්, පැල්වත්ත ද එහි නිෂ්පාදනයන වල විකුණුම් මිල අඩු කරනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *