ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා ASEAN Foundation, Huawei සමඟින් එක්වේ

0

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් නවෝත්පාදන දිනය – ඩිජිටල් කුසලතා සමුළුව 2021 තුළදී, Huawei විසින් ASEAN Foundation අත්වැල් බැඳ ගනිමින්, ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු මෙම සමුළුව සඳහා කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයන් සහ කර්මාන්ත විශේෂඥයින් රැසක් සහභාගී වූ අතර,  ඔවුන් ඩිජිටල් කුසලතා පෝෂණය කිරීමට උපකාරී වන තිරසාර පරිසර පද්ධතියක් ගොඩනැගීම සඳහා වන විසඳුම් සහ හොඳම භාවිතයන් පිළිබඳ සාකච්චා පවත්වන ලදී. 

කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධන පද්ධතිය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින්,  සමුළුවේ ආරම්භක කතා මාලාවන් සිදුකරන ලද්දේ,  ගරු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,  ASEAN Political Security Community හි නියෝජ්‍ය මහ ලේකම් Robert Matheus Michael Tene, කාම්බෝජයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ආචාර්ය Chea Vandeth,  ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජෙනරල් TNI (Purn) Dr. Moeldoko, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති Jose Santiago L. Sta. Romana, තායිලන්ත ජනරජයේ අධ්‍යාපන ඇමති Sirirurg Songsivilai ඇතුළු පිරිස විසින්ය. 

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින්, ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ Huawei වැනි සමාගම් ආසියානු කලාපයේ තාක්ෂණික සංවර්ධනයන් සිදුකරන   අතරම,  අනාගත තොරතුරු තාක්ෂණ කර්මානත්යේ සංවර්ධනය මූලික කරගනිමින්, තාක්ෂණික කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායකක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහය අගය කරන බවයි.  “ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල සිසුන් සඳහා දැරිය හැකි, අධිවේගී අන්තර්ජාල ප්‍රවේශයක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට Huawei සමාගම කැපවී ක්‍රියා කරනවා, ඒ වගේම Huawei විසින් සිසුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් සංවර්ධනය කිරීම සඳහා විශ්ව විද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.  එය අප ඉතා අගය කර සිටිනවා. තවද, මෙම නව ඒකාබද්ධ නවෝත්පාදන ආකෘතිය දේශීය සිසුන් හට 5G, AI සහ cloud-computing වැනි කර්මාන්තවල අති නවීන තාක්ෂණයන් පිළිබඳ නවෝත්පාදන සහ පර්යේෂණ සිදු කිරීමට දිරිමත් කරනවා. අනාගතයේදී, අපේ රටේ ඩිජිටල් පරිවර්තනයන් සඳහා වඩා හොඳින් අනුවර්තනය වීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ඩිජිටල් කුසලතා සංවර්ධනය සඳහා නව්‍ය තාක්ෂණික පද්ධතියක් ගොඩනැගීමට Huawei සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”  හෙතෙම වැඩි දුරටත් පැවසීය. 

“කොවිඩ් වසංගතය හමුවේ වූ අභියෝග සඳහා මුහුණ දීමට, ඩිජිටල් තාක්ෂණයන් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මෙහිදී විශේෂයෙන්ම ඩිජිටල් මත පදනම් වූ ආර්ථිකයක අභියෝග සඳහා මුහණ දියහැකි, තරුණ පරපුරක් නිර්මාණය කරමින්, ඔවුන්ව ඩිජිටල් තාක්ෂණික කුසලතා වලින් සන්නද්ධ කිරීම සඳහා ආරම්භ වන මෙවන් ආකාරයේ ව්‍යාපෘති  ඉතා කාලෝචිතයි.” ASEAN Political Security Community හි Robert Matheus Michael Tene  රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය. 

“නවෝත්පාදන සහ ආර්ථික සංවර්ධනය, රටක මානව කුසලතා පද්ධතියක් මත රඳා පවතී. Huawei නවෝත්පාදන දිරිගන්වන, කුසලතා සංවර්ධන පරිසර පද්ධතියක් ගොඩනැගීමට විවිධ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම්,” Huawei ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වන කැතරින් චෙන් සිය සමාරම්භක ප්‍රකාශය අතරතුර සඳහන් කර සිටියි. 

සමුළුව තුළදී Huawei Asia Pacific හි සභාපති Jeffery Liu පවසා සිටියේ, ඔවුන්ගේ හවුල්කරුවන් සමඟ එක්ව, ආසියා පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා 500,000ක් සංවර්ධනය කිරීම සඳහා සමාගම ඉදිරි වසර 5 තුළ ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරනු ඇති බවයි. 

ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කෙරුණු මෙම ගිවිසුම මඟින්, Huawei විසින් 2008 වසරේ සිට ක්‍රියාත්මක කරන ප්‍රමුඛ සමාජීය ව්‍යාපෘතියක් වන Seeds for the Future වැඩසටහනේ තවත්, සංවර්ධිත වැඩසටහනක් වන ASEAN Seeds for the Future ආරම්භ කිරීම ගැන වැඩි අවධානයක් යොමුකර ඇත. මෙම වැඩසටහන වයස අවුරුදු 18-30 අතර තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් 2022 වර්ෂයේ ආරම්භ වීමට නියමිතයි.  ASEAN Seeds for the Future හරහා ASEAN පදනම සහ Huawei ASEAN ඇකඩමිය, ආසියාවේ සාමාජික රටවල් දහයක තරුණ තරුණියන්ට ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා අවස්ථා ලබාදෙයි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුලස්ති ගුණවර්ධන මහතා මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වෙමින් ඩිජිටල් පරිවර්තනයන් සඳහා ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් ඇති බව අවධාරණය කළේය. “අනාගතයේ දී 5G, ක්ලවුඩ්, AI වැනි තාක්ෂනයන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා එකට එකතු වනු ඇත. එබැවින් දේශීයව ඩිජිටල් කුසලතා සංවර්ධනය කෙරෙහි අප වඩාත් අවධානය යොමුකළ යුතුව ඇත.” මෙහිදී Huawei වැනි ආයතන මේ සඳහා ලබාදෙන ඉහළ දායකත්වය අප අගය කර සිටිය යුතුයි. හෙතෙම වැඩි දුරටත් පවසා සිටියි.   

“Huawei සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අප කලාපයේ තරුණ තරුණියන්ට ඩිජිටල් ආර්ථික යුගයේ දියුණුවට පත්වීමට හැකි අත්‍යවශ්‍ය කුසලතා වලින් සන්නද්ධ කරමින් කලාපය තුළ ඩිජිටල් කුසලතා පරතරය අවම කිරීමට මෙම කලාපීය වැඩසටහන වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මගේ විශ්වාසයයි.” ASEAN Foundation හි විධායක අධ්‍යක්ෂ Dr. Yang Mee Eng පවසා සිටියි. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *