vivo, ශ්‍රී ලංකාවේ 4 වන සංවත්සරය සැමරමින් විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි

0

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ සිය 4 වන සංවත්සරය නිමිත්තෙන්, එහි ප්‍රධාන online හවුල්කරුවන් වන BuyAbans.com සහ Singhagiri හරහා විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 7 වනදා දක්වා වූ ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනමයි.

මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ  Y1s, Y12s, Y20, Y20s, Y53s, V21e, සහ V21 5G වැනි තෝරාගත් vivo V සහ Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට  ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් හිමිවේ. එහිදී BuyAbans.com වෙතින් vivo t-shirts සහ earphones පිරිනමන අතර ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මාස 48ක් දක්වා 0% පොලියකට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් පිරිනමා ඇත. එසේම Singagiri විසින් vivo t-shirts සහ earphones මෙන්ම පාරිභෝගිකයින් සඳහා Bluetooth speakers ද පිරිනමන අතර ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන්නේනම් මාස 36ක් දක්වා 0% පොලීරහිත වාරික ගෙවීමේ පහසුකම ද ලබා දෙයි.

vivo ශ්‍රී ලංකා හී  අධ්‍යක්ෂ ඇලිසන් ජින් මෙනෙවිය මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “vivo සඳහා තීරණාත්මක වෙළඳපොළක් වන ශ්‍රී ලංකාව තුළ වසර හතරක සීමාව සම්පූර්ණ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා වගේම එය අපට අපූරු අත්දැකීමක් වුනා. නවෝත්පාදනයන් සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවය මුලික කර ගනිමින් vivo සන්නාමය සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට උසස්ම තත්ත්වයේ  තාක්ෂණය පිරිනැමීමට කැපවී සිටිනවා. අපි, නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කිරීමේ බෙන්ෆෙන් දර්ශනයට අනුව කටයුතු කරන අතර පාරිභෝගිකයින් සමඟ අර්ථවත් සබඳතා ගොඩනැගීමට සහ පෙරලා ඔවුන්ගේ විශ්වාසය සුරැකීමට ක්‍රියා කරනවා. පසුගිය වසර තුළ අපගේ පාරිභෝගිකයින්ගෙන් අප වෙත ලැබුණු සියලු ආදරය සහ නොසැලෙන සහයෝගයට සැබවින්ම ස්තූතිවන්ත වන අතර, මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ඔවුන්ට අපගේ කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමේ මාර්ගයක් ලෙස හඳුන්වා දීමට කැමතියි. ඒලෙසම මෙම ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට අවස්ථාව සලසා දුන් BuyAbans සහ Singhagiri අපගේ ගෞරවනීය හවුල්කරුවන්ටද ස්තූතිය පුද කර සිටිනවා.”

මේ පිළිබද වැඩි විස්තර සඳහා vivo Sri Lanka හි නිල Facebook පිටුව, www.buyabans.com, සහ www.singhagiri.lk වෙත පිවිසෙන්න.

නවතම vivo පුවත් පිළිබඳව දැනුවත් වන්න https://www.vivo.com/en/about-vivo/news වෙත පිවිසෙන්න

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *