අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියට පරිසර ඇමතිගෙන් කොළ එළියක්
පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
ඊයේ (04) අම්බුළුවාව ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.ෙ
මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරය ආසන්නයේ පිහිටි අම්බුළුවාව කුලුන මෙරට දර්ශනීයම සංචාරක ස්ථාන අතරින් එකක් ලෙසින් ප්‍රචලිත වී ඇත.
ඒ නිසාවෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමනාත්තයක් වූ මෙහි, සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මෙරට ප්‍රථම කේබල් කාර් අත්දැකීම ලෙසින් සැලකෙන, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණ කේබල් කාර් ව්‍යාපෘතිය වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සිදු වූයේ 2023 වසරේ දී යි.
කෙසේ වෙතත් පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් අම්බුළුවාව කන්දේ ඇතැම් ස්ථාන නායයෑමේ අවදානමකට ලක්වුණි.
පවතින අවදානම් සහගත තත්ත්වය සලකා බැලූ පරිසර අමාත්‍යාංශය, අම්බුළුවාව කන්දේ සිදුකරන සියලු ඉදිකිරීම් තාවකාලිකව නතර කරන ලෙස පසුගිය ජනවාරි මසදි මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණි.
උපුටා ගැනීම : අද දෙරණ