රොක් පොස්පේට් සඳහා අගය එකතු කරන්න ආයෝජකයින් 14ක්

0
1624090904-Phospate_L

ලංකා පොස්පේට් සමාගම මඟින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යට‌තේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2025-08-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එකී අමාත්‍ය මණ්ඩල තිරණය පරිදි අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, අභිලාෂ ප්‍රකාශ කිරීම් 14ක් ලැබී ඇත.

එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමෙන් අනතුරුව තෝරා ගනු ලබන සුදුසුකම් ලත් ආයෝජකයින් වෙතින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *