අනවසරයෙන් තැන්පතු රැස් කළ කොට්ටාවේ සමාගමක් ගැන දැනුම් දීමක්

0
notice_20260114_RD_media_earning_hub_s1

කොට්ටාවේ පිහිටි ආර් ඩී මීඩියා අර්නිං හබ් නම් සමාගමක් විසින් මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් තැන්පතු රැස් කර ඇති බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී.

ඒ අනුව අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු හට,

1. ඇප තැන්පත්, ආයෝජන ගිවිසුම් නික්තු කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාර නොගන්නා ලෙස සහ

2. එම සමාගමේ පවතින සියලුම තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන කර ඇත.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *