2026 වසරට කොළඹ කොටස් වෙළෙඳපොළන් ජයග්‍රාහී ආරම්භයක්

0
CSE-02.01.2026

2026 වසරේ පළමු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (02) පෙරවරුවේ දී ආරම්භ විය.

දිනය ආරම්භයේ පටන් ආයෝජකයින්ගේ සහභාගීත්වයේ ඉහළ සක්‍රීය ස්වභාවයක් අද දින දැක ගත හැකි වූ අතර දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 239.77ක කැපීපෙනෙන වාර්ධනයක් වාර්තා වුණි. එය පෙර දිනයට සාපේක්ෂව 1.06%ක වර්ධනයකි.

S&P SL20 දර්ශකය අද දින ඒකක 28.71කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,186.09ක් ලෙසින් වාර්තා වී තිබිණ.

අද දින රු. බිලියන 5.16ක වාර්තාගත ගනුදෙනු පිරිවැයක් වාර්තා වීම විශේෂත්වයකි. එහිදී දේශීය මිලදී ගැනීම් රු. බිලියන 5.02 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.93ක් ලෙසින් ද, විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 146ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 233ක් ලෙසින් ද සටහන්ව ඇත.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *