පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් සමාගම විසින් රාජකීය – තෝමියන් ඔරු පැදීමේ තරගාවලියේ දී (Regetta) තෝමියන් ක්රීඩකයින් වෙත සිය අනුග්රහය ලබා දෙයි
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් ලිමිටඩ් (Pelwatte Dairy Industries Limited) සමාගම විසින් අනගත තරුණ පරපුරේ ක්රීඩාව සහ පෝෂණය වෙනුවෙන් සිය දායකත්වය නිරන්තරයෙන් පිරිනමනු ලැබේ. ඒ අනුව, ශ්රී ලාංකේය තරුණ පරපුරේ කුසලතා වර්ධනය, ක්රීඩා විශිෂ්ටත්වය සහ අනාගත පරම්පරාවේ යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටින පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් සමාගම, රාජකීය – තෝමියන් ඔරු පැදීම හෙවත් රෙගාටා තරගාවලිය වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්යාලීය නාවික ක්රීඩා (Sailing) කණ්ඩායම සමග අනුග්රාහකයෙකු ලෙස හවුල්කාරිත්වයකට එළඹ ඇත.
100%ක් දේශීය සන්නාමයක් ලෙස පැල්වත්ත සමාගම, තරුණ තරුණියන් ක්රීඩා පිටිය තුළ මෙන්ම ඉන් පිටතදී ද සාර්ථකත්වය කරා ගමන් කිරීමට අවශ්ය කුසලතා, විශ්වාසය සහ ශක්තිය ගොඩනඟා ගැනීමට සහය වීමේ වැදගත්කම තදින්ම විශ්වාස කරයි. සාන්ත තෝමස් විද්යාලීය ඔරු පැදීමේ ක්රීඩා කණ්ඩායමට අනුග්රහය දැක්වීම තුළින්, හික්මීම, කණ්ඩායම් හැඟීම, කැපවීම සහ ක්රීඩාශීලීත්වය යන ගුණාංග පෙරදැරි කරගනිමින් තරුණ ක්රීඩකයන්ගේ උපරිම දක්ෂතා අතරට ගමන් කිරීමට උත්තේජනයක් සැපයීම සමාගමේ අරමුණ වේ.
රාජකීය – තෝමියන් ඔරු පැදීමේ තරගාවලිය යනු තරුණ ක්රීඩකයන්ට සිය දක්ෂතා විදහා දැක්වීමට, සම වයස් කණ්ඩායම් සමග තරග කිරීමට සහ ක්රීඩාවේ අභියෝග හරහා තමන්ගේ කුසලතා ඔප්නංවා ගැනීමට ලැබෙන විශිෂ්ට වේදිකාවකි. නාවික ක්රීඩාවන් සඳහා ඒකාග්රතාවය, සම්බන්ධීකරණය, නම්යශීලීභාවය සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අත්යවශ්ය වන අතර, එය තරුණ ක්රීඩකයන්ගේ චරිත සංවර්ධනයට මෙන්ම පොදු අරමුණක් වෙනුවෙන් එක්ව වැඩකිරීමේ වැදගත්කම වටහා ගැනීමට ද විශාල පිටිවහලක්වෙයි.
ශ්රී ලාංකේය තරුණ පරපුරේ පෞද්ගලික වර්ධනයට දායක වන ක්රීඩා සහ බාහිර ක්රියාකාරකම් සඳහා අවස්ථා නිර්මාණය කිරීමට පැල්වත්ත සමාගම දක්වන පුළුල් කැපවීම මෙම අනුග්රාහකත්වය මගින් මනාව පිළිඹිබු වේ. පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් තරුණ කුසලතා පෝෂණය කිරීම තුළින් ස්වයං විශ්වාසය, අභියෝගවලට මුහුණදීමේ හැකියාව සහ යහපත් තරගකාරීත්වයක් තරුණ ප්රජාව අතර ගොඩනැගීමට බෙහෙවින් උපකාරී වන බව සමාගම විශ්වාස කරයි.
මෙම කැපවීමට අමතරව, ශ්රී ලාංකේය පවුල් වෙත උසස් ප්රමිතියෙන් යුත් කිරි පෝෂණය ලබා දීම කෙරෙහි ද පැල්වත්ත සමාගම මූලික අවධානය යොමු කරයි. කිරිපිටි, බටර්, යෝගට්, යෝගට් පානයන් ඇතුළු දේශීය පාරිභෝගික අවශ්යතා සපුරාලන නිෂ්පාදන පෙළක් පැල්වත්ත වෙතින් වෙළඳපොළට නිකුත් කර ඇත. කිරි පෝෂණය සහ තරුණ අභිවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කරමින් සමාගම සමාජයේ යහපැවැත්මට සහ සෞඛ්ය සම්පන්න, ශක්තිමත් අනාගත පරපුරක් බිහිකිරීමට නිරන්තරයෙන් දායක වේ.
මෙම අනුග්රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් ලිමිටඩ් හි මාධ්ය ප්රකාශකයෙකු සඳහන් කරන ලද්දේ, “පැල්වත්ත සමාගම ලෙස අප විශ්වාස කරන්නේ, නිවැරදි පෝෂණය සහ තරුණ වර්ධනය එකිනෙකට බද්ධ වී ඇති බවයි. රාජකීය – තෝමියන් ඔරු පැදීමේ තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්යාලීය නාවික ක්රීඩා කණ්ඩායමට අනුග්රහය දැක්වීමටත්, ක්රීඩාව හරහා විශිෂ්ටත්වය කරා යන මෙම තරුණ ක්රීඩකයන් දිරිමත් කිරීමටත් ලැබීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. එසේම තරගාවලිය සඳහා ක්රීඩා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.” යනුවෙනි.
මෙවැනි හවුල්කාරිත්වයන් හරහා පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්රීස් ලිමිටඩ් සමාගම ශ්රී ලාංකේය ප්රජාව සවිබල ගැන්වීමට සහ අනාගත පරපුරේ හැකියාවන් වෙනුවෙන් ආයෝජනය කිරීමට ඇති කැපවීම තවදුරටත් තහවුරු කරනු ලබයි. පෝෂණය, ක්රීඩාව සහ පෞද්ගලික සංවර්ධනය තුළින් තරුණ පරපුර බලගැන්වීම ඔස්සේ ශ්රී ලංකාවට දීප්තිමත් අනාගතයක් ගොඩනැගිය හැකි බවට වන සමාගමේ විශ්වාසය සාන්ත තෝමස් විද්යාලීය ඔරු පැදීමේ ක්රීඩක කණ්ඩායමට ලබාදුන් මෙම අනුග්රාහකත්වය මගින් විදහා දැක්වේ.
END.