පියයුරු සෞඛ්ය සත්කාරයේ නව ප්රමිතියක් සනිටුහන් කරමින් වත්තල හේමාස් රෝහලෙන් සුවිශේෂී සායනික සම්මන්ත්රණයක්
ප්රමුඛ විශේෂඥ වෛද්යවරුන්, පිළිකාවෙන් සුවය ලැබූවන්ගේ අත්දැකීම් සහ ශ්රී ලංකාවේ ප්රමුඛතම 3D මැමෝග්රැෆි තාක්ෂණය එකම වේදිකාවකට ගෙනා Breastober වැඩසටහන
කොළඹ, 2026 ඔක්තෝබර් 28: ‘Empowering Care, Awareness & Hope’ යන තේමාව යටතේ පියයුරු සෞඛ්යය සහ පිළිකා සත්කාර පිළිබඳ විශේෂ සායනික සම්මන්ත්රණයක් පවත්වමින්, වත්තල හේමාස් රෝහල ශ්රී ලංකාවේ පියයුරු සෞඛ්ය සත්කාරයේ ප්රමුඛ ගමනාන්තයක් ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කළේය.
වෛද්ය නිස්සංක ජයවර්ධන විසින් සංකල්පනය කර මෙහෙයවූ මෙම සම්මන්ත්රණයට ප්රමුඛ වෛද්ය විශේෂඥයන්, රෝගීන්, පියයුරු පිළිකාවෙන් සුවය ලැබූවන්, මාධ්ය නියෝජිතයන් සහ සෞඛ්ය ක්ෂේත්රයේ නියෝජිතයන් එක්වූ අතර, කල්තියා හඳුනාගැනීම, ප්රතිකාර, සුවය ලැබීම සහ නිසි වේලාවේ ක්රියා කිරීමේ වැදගත්කම පිළිබඳ විවෘත සාකච්ඡාවක් පැවැත්විණි.
වත්තල හේමාස් රෝහලේ වාර්ෂික Breastober වැඩසටහනේ කොටසක් ලෙස පැවති මෙම අවස්ථාව, දැනුවත්භාවය පමණක් නොව නවීන පරීක්ෂණ, විශේෂඥ වෛද්ය දැනුම, ප්රතිකාර මාර්ග සහ රෝගීන්ට අවශ්ය අඛණ්ඩ සහාය එක් කරන පරිපූර්ණ පියයුරු සෞඛ්ය සත්කාර පද්ධතියක් පිළිබඳ අවධානය යොමු කළේය.
දැනුවත්භාවයෙන් ක්රියාමාර්ගයට
වෛද්ය කාංචන විජේසිංහ, වෛද්ය කලුම් පණ්ඩිතරත්න, වෛද්ය නිස්සංක ජයවර්ධන, වෛද්ය අජිත් ද සිල්වා සහ වෛද්ය ලංකා දිසානායක ඇතුළු ප්රමුඛ විශේෂඥ වෛද්යවරු මෙම සම්මන්ත්රණයට එක්වෙමින්, පරීක්ෂණ, ප්රතිකාර සහ ප්රජා සහාය පිළිබඳ සිය දැනුම හා අත්දැකීම් බෙදාගත්හ.
පියයුරු පිළිකාවට මුහුණ දුන් රෝගීන් සහ එම රෝගයෙන් සුවය ලැබූවන් සඳහා වෙන් කළ විශේෂ සැසියක් ද පැවැත්විණි. රෝග විනිශ්චයේ සිට ප්රතිකාර සහ සුවය ලැබීම දක්වා වූ සැබෑ අත්දැකීම් හුවමාරු වීම, සම්මන්ත්රණයට වඩාත් මානුෂීය පැතිකඩක් එක් කළ අතර, කල්තියා ක්රියා කිරීම සහ නිසි සත්කාර ලබාගැනීම තුළ බලාපොරොත්තුව ඇති බව අවධාරණය කළේය.
පියයුරු සෞඛ්යය පිළිබඳ කතාබහ වඩාත් විවෘත, නිවැරදි සහ ක්රියාමාර්ගයට යොමු වූ එකක් බවට පත් කරමින්, බිය නිසා පරීක්ෂණ ප්රමාද නොකර තම සෞඛ්යය පිළිබඳ වඩාත් සක්රීයව කටයුතු කිරීමට කාන්තාවන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණක් විය.
මැමෝග්රැෆි පරීක්ෂණය වඩාත් පහසු සහ විශ්වාසදායක අත්දැකීමක් කරමින්
බොහෝ කාන්තාවන්ට මැමෝග්රැෆි පරීක්ෂණය පිළිබඳ සැලකිල්ල ඇත්තේ ප්රතිඵලය ගැන පමණක් නොවේ. පරීක්ෂණය නුහුරු වීම, පියයුරු තද කිරීමෙන් ඇතිවිය හැකි අපහසුතාව සහ සමස්ත අත්දැකීම පිළිබඳ බිය ද පරීක්ෂණය ප්රමාද කිරීමට හේතුවක් විය හැකිය.
මෙම අවශ්යතාවයට ප්රතිචාර දක්වමින්, වත්තල හේමාස් රෝහල Hologic Selenia Dimensions සහ Hologic 3Dimensions පද්ධති මඟින් 2D Digital Mammography සහ 3D Digital Breast Tomosynthesis සේවාවන් සපයන අතර, ශ්රී ලංකාවේ ප්රමුඛතම 3D මැමෝග්රැෆි තාක්ෂණයක් රෝගීන්ට ලබාදෙයි.
මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ උසස් තත්ත්වයේ රූප ලබාදීමත්, පරීක්ෂණයට මුහුණ දෙන කාන්තාවගේ අත්දැකීමත් එකසේ සැලකිල්ලට ගනිමිනි. පරීක්ෂණයේදී අවශ්ය පියයුරු සම්පීඩනය රෝගියාගේ පහසුව සලකා සිදු කිරීමට උපකාරී වන අතර, dose-efficient imaging මඟින් රෝගී ආරක්ෂාවටද අවධානය යොමු කරයි.
නවීන 3D imaging තාක්ෂණය මඟින් පියයුරු පටක වඩාත් විස්තරාත්මකව නිරීක්ෂණය කිරීමට වෛද්යවරුන්ට හැකි වන අතර, සාමාන්ය රූපගත කිරීමකදී පැහැදිලි නොවිය හැකි සුළු වෙනස්කම් හඳුනාගැනීමටද සහාය වේ.
කාන්තාවකට එහි ප්රධාන වාසිය සරලයි: වඩාත් පහසු අත්දැකීමක් ලබාදීමට සැලසුම් කළ පරීක්ෂණයක්, ඉතා දියුණු රූපගත කිරීමේ තාක්ෂණයේ සහාය සහ පරීක්ෂණයේ ගුණාත්මකභාවය පිළිබඳ වැඩි විශ්වාසයක්.
මෙම තාක්ෂණය, පරීක්ෂණ සහ රෝග විනිශ්චයේ සිට විශේෂඥ වෛද්ය උපදෙස්, ශල්ය ප්රතිකාර සහ සුවය ලැබීමේ සහාය දක්වා සම්බන්ධ වන පුළුල් පියයුරු සත්කාර පද්ධතියක කොටසක් ලෙස ක්රියාත්මක වේ.
Breastober: දැනුවත්භාවයෙන් සැබෑ ක්රියාමාර්ගයට
ඔක්තෝබර් 28 දින පැවති වැඩසටහනේ කොටසක් ලෙස, මහජනතාවට වත්තල හේමාස් රෝහලේදී නොමිලේ ශාරීරික පියයුරු පරීක්ෂාවක් ලබාගැනීමේ අවස්ථාවද සලසා දෙන ලදී. එමඟින් දැනුවත්භාවය සෘජුවම වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ ක්රියාමාර්ගයකට පරිවර්තනය විය.
Breastober වැඩසටහන හරහා, කාන්තාවන්ට තම පියයුරු සෞඛ්යය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට, අවශ්ය පරීක්ෂණ සිදුකර ගැනීමට සහ කල්තියා වෛද්ය උපදෙස් ලබාගැනීමට වත්තල හේමාස් රෝහල අඛණ්ඩව දිරිගන්වයි.
හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ සාමාන්යාධිකාරී – අලෙවිකරණ, චින්තක දිසානායක මහතා පැවසුවේ,
“Breastober වැඩසටහනේ අරමුණ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය පණිවිඩයකට හෝ ප්රචාරණ වැඩසටහනකට පමණක් සීමා කිරීම නොවෙයි. එම දැනුවත්භාවයට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ, පියයුරු සෞඛ්යය ගැන කතා කිරීමට, වෛද්ය උපදෙස් ලබාගැනීමට හෝ අවශ්ය පරීක්ෂණයකට යාමට කෙනෙකුට විශ්වාසය ලබාදෙන විටයි. මෙම සම්මන්ත්රණය හරහා වෛද්ය විශේෂඥ දැනුම සහ රෝගීන්ගේ සැබෑ අත්දැකීම් එකම වේදිකාවකට ගෙන ඒමෙන්, මෙම කතාබහ වඩාත් විවෘත, සමීප සහ බලාපොරොත්තු ඇති කරන එකක් බවට පත් කිරීමට අපට අවශ්ය වුණා. සෞඛ්ය සේවා සපයන ආයතනයක් ලෙස අපගේ වගකීම කෙනෙකු රෝගියෙකු වූ පසු පමණක් ආරම්භ වන්නේ නැහැ. ඊට පෙර සිටම, නිවැරදි තොරතුරු මත තම සෞඛ්යය පිළිබඳ වඩා හොඳ තීරණ ගැනීමට ජනතාවට සහාය වීමත් එහි කොටසක්.”
වත්තල හේමාස් රෝහලේ අධ්යක්ෂ සාමාන්යාධිකාරී ප්රභාන් ගුණවර්ධන මහතා පැවසුවේ,
“වත්තල හේමාස් රෝහලේදී නවීන පරීක්ෂණ තාක්ෂණය, පළපුරුදු විශේෂඥ වෛද්යවරුන් සහ ක්රමානුකූල සත්කාර මාර්ගයක් එකම ස්ථානයකින් සම්බන්ධ වන පරිපූර්ණ පියයුරු සත්කාර පද්ධතියක් අපි ගොඩනඟා තිබෙනවා. මැමෝග්රැෆි පරීක්ෂණය ඇතැම් කාන්තාවන්ට බියක් හෝ අපහසුතාවක් ඇති කළ හැකි බව අපි තේරුම් ගන්නවා. ඒ නිසා 3D මැමෝග්රැෆි තාක්ෂණය සඳහා අපගේ ආයෝජනය වඩා හොඳ රූප ලබාගැනීම සඳහා පමණක් නොවෙයි; පරීක්ෂණයට මුහුණ දෙන කාන්තාවට වඩාත් පහසු, ආරක්ෂිත සහ විශ්වාසදායක අත්දැකීමක් ලබාදීමත් එහි අරමුණක්. නවීන තාක්ෂණය, විශේෂඥ දැනුම සහ අඛණ්ඩ සත්කාර එකට එක් වූ විට, පරීක්ෂණයේ සිට රෝග විනිශ්චය, ප්රතිකාර සහ සුවය ලැබීම දක්වා සෑම අදියරකදීම කාන්තාවන්ට වැඩි විශ්වාසයකින් ඉදිරියට යාමට අපට සහාය විය හැකියි.”
Breastober වැඩසටහන, නවීන මැමෝග්රැෆි තාක්ෂණය, විශේෂඥ වෛද්ය දැනුම සහ පරිපූර්ණ සත්කාර මාර්ග හරහා, ශ්රී ලංකාවේ පියයුරු සෞඛ්යය සහ පිළිකා සත්කාර සඳහා ප්රමුඛ මධ්යස්ථානයක් ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට වත්තල හේමාස් රෝහල කටයුතු කරයි.
පියයුරු රූපගත කිරීමේ සහ විකිරණවේද සේවා පිළිබඳ විමසීම් සඳහා: 071 1 941 941
ශාරීරික පියයුරු පරීක්ෂණ පිළිබඳ තොරතුරු සඳහා: 070 400 1191