රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා ජාතික නියෝජිතායතනයක්

0
Sri-Lanka-Public–Private-Partnership-Vision

රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීම සහ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලැස්වීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසමින් නව පනතක් හඳුන්වා දීම පිණිස 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, නීතිපති විසින් එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නෛතික නිෂ්කාශනය ලබා දී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *