ඩොලරයේ අද කැපීපෙනෙන පහළ යාමක්
අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක් දක්වා ත් අද (23) දිනයේ දී පහළ ගොස් ඇත.
අද දින ඩොලරයේ මධ්‍ය අගය ද ඊයේ (22) දින වාර්තා වූ රු. 330.81 සිට රු. 329.88ක් දක්වා අඩු වී තිබේ.
අද දෙරණ