DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කරයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, TATA Mortors  සමඟ එක් ව, ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ  වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා  දිවයින පුරා DIMO – TATA මධ්‍යස්ථාන 16ක් ඇතුළුව ස්ථාන 32ක් ආවරණය කරමින් පැවැත්වේ.

 මෙම වැඩසටහන මගින් සියලු ම TATA වෙළෙඳ වාහන පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාහනය අවම නඩත්තු පිරිවැයක් සහිත ව හොඳ තත්ත්වයෙන් ධාවනය කිරීමේ හැකියාව ලබා දෙයි. වාහන ආනයනය කිරීම සීමා කර ඇති වර්තමානයේ පාරිභෝගිකයාගේ දෛනික වැඩ කටයුතු පහසු කිරීම මෙන් ම වාහනවල ආයු කාලය වැඩි කිරීමට සහයෝගය ලබා දීම ද මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි. 

 මෙම වැඩසටහනට සහභාගි වන පාරිභෝගිකයින්ගේ TATA වෙළෙඳ වාහනවල එන්ජිම, ගියර් පද්ධතිය, Differential, Propeller Shaft, Clutch, Suspension, Steering, Brake, Hydraulics, විද්‍යුත් උපාංග, ඉන්ධන පද්ධතිය ඇතුළු තවත් රථ වාහන උපාංග ගණනාවක් ආවරණය වන පරිදි  පූර්ණ පරීක්ෂණයක් නොමිලේ  ලබා දෙයි. එමෙන් ම එහි දී  වාහනයට ලබා දිය යුතු අලුත්වැඩියා  සහ සේවා කටයුතු පිළිබඳව ද  උපදෙස් හා  සවිස්තර වාර්තාවක් ලබා ගත හැකි වීම ද විශේෂ වරප්‍රසාදයකි. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් 2023 මාර්තු 31 දක්වා කාල සීමාව තුළ TATA අමතර කොටස් සඳහා 50% දක්වා වට්ටම් ලබා ගැනීමේ හැකියාව ද පවතී. 

 දීපව්‍යප්තව පවත්වන මෙම වැඩසටහන තුලින් DIMO – TATA සේවා  මධ්‍යස්ථාන මඟින් පිරිනමන සේවා සහ TATA වාහනවලට අදාළ ලිහිසිකරණ සේවා, ක්ලච් අලුත්වැඩියාව, ටයිමින් බෙල්ට්, හබ් ග්‍රීස් කිරීම, එන්ජින් අලුත්වැඩියා කිරීම්  ආදී අලුත්වැඩියා පැකේජ පිළිබඳව ද පාරිභෝගික ජනතාව දැනුවත් කෙරෙයි.  මෙම පැකේජ මගින් පාරිභෝගිකයින්ට වෙනත් වාහන සේවා මධ්‍යස්ථානවලින් නොලැබෙන සේවාවක් අවම මිල ගණන් යටතේ ලබා ගත හැකි අතර, DIMO – TATA ටී-ෂර්ට්, සහ තවත් බොහෝ වාසී ලබා ගැනීමේ හැකියාව පවතී.

 DIMO හි අලෙවියෙන් පසු සේවා අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පැවසුවේ, “2023 වර්ෂය සඳහා අපගේ පාරිභෝගික ජනතාවගේ වාහන නඩත්තු කිරීම සඳහා නිවැරදි ආරම්භයක් ලබා දීම වෙනුවෙන් දීප ව්‍යප්තව මෙම DIMO – TATA Mega Campaign සංවිධානය කිරීමට කටයුතු කළා. පාරිභෝගික ජනතාවට කාලෝචිත සේවාවක් දැරිය හැකි අයුරින් ලබා දෙන මෙම වැඩසටහන්  මඟින් ක්ෂේත්‍රයේ සියලු ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂයන්  බල ගැන්වීම  අපගේ අරමුණයි.” යනුවෙනි.

 කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “ඉන්ධන මිල සහ ඉන්ධන ලබා ගැනීම ගැන වඩාත් සැලකිලිමත් වන වර්තමානයේ දී, වාහනයක් නිසි ලෙස නඩත්තු කිරීම මගින් විශ්වසනීයත්වය සහතික කරනවා වගේ ම ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගනිමින් වාහනයේ සමස්ත ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව ලබා දෙනවා. එමගින් නඩත්තු සහ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිරීමට සිදු වන අමතර වියදම් අවම කිරීමට බෙහෙවින් උපකාරී වෙනවා. වර්තමාන ආර්ථික පසුබිම තුළ නිසි පරිදි වාහන නඩත්තු කිරීමේ අවශ්‍යතාව ඉතා වැදගත් නිසා ම මෙම වැඩසටහන මගින් පාරිභෝගික ජනතාවට තම වාහනවල සුමට ක්‍රියාකාරිත්වය තහවුරු කර ගැනීමේ පහසුව ලබා දෙනවා.” යනුවෙනි. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *