Diva Power, 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී ඇගයුම් ලබයි

0

2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්‍රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power  හිමිකර ගැනීමට සමත් විය.

2020 දී හඳුන්වා දුන් Diva Power රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ දියර ඉතා කෙටි කලක් තුළ දී මෙරට ඩිටර්ජන්‍ට් නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ශ්‍රී ලාංකික හදවත් දිනා ගැනීමට සමත් විය. ඇඳුම්වලට ආරක්ෂාවක් හා  සුපිරිසිඳු බවක්  ලබා දෙන Diva Power දැරිය හැකි මිලකට මෙන් ම වර්ග කිහිපයකින් ලබා ගත හැකි ය. Diva Power Germ Guard ඇඳුම්වල විෂබීජ  99.9% ක් ඉවත් කරන අතර, Diva Power Colour Guard මගින් ඇඳුම් දුර්වර්ණ  වීම අවම කරයි.

ලබා ගත් මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෘහස්ථ නිෂ්පාදන කාණ්ඩ කළමනාකාරිණී අනුෂ්කා සබනායගම් මහත්මිය පැවසුවේ, ” Diva Power නිෂ්පාදනය හඳුන්වා දී වසර දෙකක් වැනි කෙටි කාලයක දී මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. වෙළෙඳපොළ වෙත අලුතින් පැමිණි සන්නාමයක් විදියට තරඟකාරීත්වය තුළින් ජය ලැබීමට හැකි වීම ඇත්ත වශයෙන් ම සතුටට කරුණක්. මෙම සම්මානය Diva Power සන්නාමය වටා එක් වී සිටින විශ්වාසවන්ත පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයන් යුත් රෙදි සෝදන නිෂ්පාදන  ලබා දීමට අප දරන උත්සාහය ඇගයීමක් විදියට මා දකිනවා.” යනුවෙනි.

Diva යනු සෑම ආර්ථික මට්ටමක ම  පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා ආකර්ෂණය දිනාගෙන සිටින, තත්ත්වයෙන් උසස් ගෘහස්ථ නිෂ්පාදන සන්නාමයක් වන අතර, එය Diva Power රෙදි සෝදන කුඩු  සහ දියර, Diva සබන්, Diva Fresh රෙදි සෝදන කුඩු ආදී වශයෙන් විවිධ ප්‍රභේදවලින් හා ඇසුරුම් ප්‍රමාණවලින් යුත් නිෂ්පාදන පෙළකින් සමන්විත වේ.

පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වන Diva Power කෙරෙහි විශ්වාසය  තබමින්, ජයග්‍රාහී ගමනේ කොටස් කරුවෙකු වීම පිළිබඳ ව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගම පාරිභෝගික ජනතාව වෙත සිය කෘතඥතාව පළ කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පිළිබඳව

ශ්‍රී ලංකාවේ ගෘහ සහ පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් , Hemas Holdings PLC අනුබද්ධිත ආයතනයකි.  පවුල් ආශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කිරීම සඳහා  උපකාර කිරීමේ අරමුණින්  1948 දී ආරම්භ කෙරුණු හේමාස් අද වන විට 4,500 කට අධික සේවක සංඛ්‍යාවක් සහිත,  ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස පාරිභෝගික, සෞඛ්‍ය සේවා සහ සංචලන යන අංශ ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන හා සේවා කළඹක් ලබා දෙන සමාගමක් බවට පත් වී තිබේ.  හේමාස් ලෝකය ජයගැනීම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ආයෝජනය කරන අතර, අර්ථවත් මෙන් ම විශ්වසනීය හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීම කෙරෙහි ද  දැඩි අවධානයක් යොමු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *