Quickee විසින් ‘Quickee Mansion’ විවෘත කෙරෙයි

0

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාර්ගගත වෙළෙඳපොළ වන Quickee තවත් ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින්, තමාට ම අයත් බෙදාහැරීමේ සේවාව සමඟ එක්ව භෞතිකමය සේවා මධ්යස්ථානයක් වන ‘Quickee Mansion’  හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

‘Quickee Mansion’ මගින්  Quickee  කාර්ය මණ්ඩලය හරහා ලබා දෙන අද්විතීය සේවාවේ ගුණාත්මක බව වර්ධනය කරමින්, සිය පාරිභෝගික ජනතාවට වඩාත් පහසුව ලබා දීම සඳහා කටයුතු කර ඇත.

කොළඹ 03 පිහිටි ‘ Quickee මන්දිරය’ දින 365 ම ක්‍රියාත්මක  ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත වන අතර, එමඟින් පාරිභෝගික ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දීම අරමුණු කරයි. එමෙන් ම Quickee Mansion යනු Quickee හි ශක්තිමත් බෙදාහැරීම් සේවාවේ මූලස්ථානය ලෙසින් ද හඳුන්වා දිය හැකිය. ලැබෙන ඇණවුම් ආරක්ෂිතව පාරිභෝගිකයින් අතට පත් කිරීම එමඟින් තහවුරු කරයි.

නැවත දියත් කරන ලද Quickee මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාර්ගගත වෙළෙඳපොළ බවට පත් වී ඇති අතර, එමගින් මෙරට ක්‍රියාත්මක වෙනත් කිසිඳු ඩිජිටල් වාණිජ සේවාවක් මගින් ලබා නොදෙන අසමසම නිෂ්පාදන හා සේවාවන් රැසක් ලබා දෙයි. එහි භෞතික කේන්ද්‍රස්ථානය ලෙස ‘Quickee Mansion’ ආරම්භ කිරීමත් සමඟ ම Quickee සිය පාරිභෝගික ජනතාවට ලබා දී ඇති ප්‍රතිඥාව ශක්තිමත් ලෙස ඉටුකිරීමේ හැකියාව ලැබී ඇති බවත්, එමගින් රට පුරා ඕනෑ ම තැනකට ඉතා කාර්‍යක්ෂමව හා ආරක්ෂිතව ඇණවුම් ප්‍රවාහනය කර දීම සිදුකරන බවත් පැවසිය යුතු ම ය.  ඕනෑ ම දිනක අලුයම 3 දක්වා බෙදා හැරීම් සේවා ලබා දෙන  Quickee බෙදා හැරීමේ සේවාවේ කාර්‍යක්ෂමතාව නිසා ම එහි ලාංඡනයට සඳහා ලොව වේගවත්ම සත්වයා වන චීටාගේ රුව ඇතුළත් කර ඇති බව ද පැවසිය යුතු ම කරුණකි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සුවිශේෂී බෙදාහැරීමේ සේවාවක් වන ‘Quickee Concierge’  කාර්යබහුල වෘත්තිකයින් සහ  දිවා කාලයේ විවිධ කාර්‍යයන් නිසා කාර්‍යබහුල වන ගෘහණියන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සේවාවකි.  සැබෑ සාප්පු සවාරියක හැඟීම ලබා දෙන Quickee Concierge සේවාව මගින් පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව Quickee වෙත ලබා දුන් පසුව  එහි නියෝජිතයෙකු එම භාණ්ඩ සියල්ල ම පාරිභෝගිකයාගේ නිවසටම ගෙනැවිත් දීම සිදු කරයි.

‘Quickee SoS’ සේවාව මගින් උදෑසන 9 සිට 3 දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත පාරිභෝගිකයින්ගේ හදිසි අවශ්‍යතා මිල දී ගැනීම් සඳහා සහයෝගය ලබා දෙන අතර, සාදයකට අවශ්‍ය දෙයක් හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය යමක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, Quickee’s ‘Party SOS’ සහ ‘Emergency SOS’ යන සේවාවන් හරහා එය ඔබගේ නිවසට ක්ෂණිකවම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

“Quickee Mansion, ශ්‍රී ලංකාවේ තරඟකාරී අන්තර්ජාල වෙළෙඳපොළ තුළ අපගේ භෞතික පැවැත් මේ නියෝජනයයි. එමගින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපගේ කැපවීම සහ සමීප බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බොහෝ මාර්ගගත අලෙවි සේවාවන්ට භෞතික පැවැත්මක් නැහැ. නැතිනම් භෞතික කාර්‍යාල පිහිටා තිබෙන්නෙ වෙනත් රටවල.  ‘සියලු පාරිභෝගික අවශ්‍යතා     සඳහා එක නැවතුම්පොළක්’ කියන අපගේ තේමාව Quickee Mansion සමඟ යථාර්ථයක් බවට පත් වෙනවා.” යනුවෙන්  Quickee හි ප්‍රධාන විධායක නිලධාරී සැමී අක්බාර් මහතා ප්‍රකාශ කළේය.

Google Play හා Apple Appstore වෙතින් Quickee ඇප් එක ක්ෂණිකව Download කරගැනීමේ හැකියාව පවතී. එමෙන් ම  Quickee වෙබ් අඩවියට පිවිසීමෙන්, 0117324325 ක්ෂණික ඇමතුම් අංකයට  ඇමතීමෙන් හෝ 0777842533 අංකයට WhatsApp කිරීම මගින් පාරිභෝගිකයින්ට Quickee  සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. . තවද, අපගේ ක්ෂණික දුරකථන අංකය සහ whatsapp වලට අමතරව, විදේශගතව සිටින පාරිභෝගිකයින්ට Quickee  ඇමතීමෙන් (ඇමරිකා එක්සත් ජනපදය : +1 315 232 0426, කැනඩාව : + 1 289 804 0587, සහ එක්සත් රාජධානිය : + 44 203 769 8734)  ශ්‍රී ලංකාවේ සිටින සිය ආදරණීයයන් සඳහා මල්, කේක්, ඖෂධ සහ විවිධ ත්‍යාග ඇණවුම් කළ හැකි අතර, Quickee  කාඩ්පත්, බැංකු හුවමාරු, මාර්ගගත ගෙවීම්, සහ QR ගෙවීම් ඇතුළු පුළුල් පරාසයක ගෙවීම් ක්‍රම සහ විකල්ප ගෙවීම් ක්‍රම  පිළිගන්නා බව ද සිහිපත් කළ යුතුය. 

ඡායාරූප

01 – EFL Global හි නිර්මාතෘ සහ සභාපති, හනීෆ් යූසුෆ් මහතා – Quickee Mansion විවෘත කිරීමේ උත්සවය අතරතුර

02 – Quickee Mansion හි Quickee කණ්ඩායම

 Quickee පිළිබඳව 

2013 වසරේ දී ආරම්භ වූ Quickee පූර්ණ වශයෙන් Expolanka Holdings PLC ආයතනයට අනුබද්ධිත සමාගමකි. පාරිභෝගික පහසුව මූලික කරගනිමින් ක්‍රියාත්මක වන මාර්ගගත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Quickee සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙත සේවා සපයන නවෝත්පාදන ක්ෂේත්‍රයයේ දැවැන්තයෙකු ලෙස කටයුතු කරයි. මෙම ආයතනය EFL3PL හි කළමනාකරණය යටතේ ක්රියාත්මක වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *