Hayleys Solar වෙතින් විදුලිය ඇනහිටීම් සඳහා ඵලදායී විසඳුමක් ලෙස “Energynet” හඳුන්වා දෙයි

0

වර්තමානයේ මෙරට දක්නට ලැබෙන විදුලිය ඇනහිටීම්සඳහා  ඵලදායී විසඳුම් ලබා දීම වෙනුවෙන්  Hayleys Fentons සමාගමේ පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින්, සූර්යබලපද්ධතියක් වන “Energynet” වෙළෙඳපොළටහඳුන්වා දීමට කටයුතු කර ඇත.

දශකයකට අධික කාලයක් පුරා රැකගත් වෙළෙඳපොළ විශිෂ්ටත්වය සහදිවයින පුරා75 MW කටඅධික සූර්යබල  පද්ධතිස්ථාපනයකිරීමේඅත්දැකීමක්සහිතHayleys Solar, ‘ශ්‍රී ලංකා ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් සමාගම (EPC)හා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ජාලගත සූර්යද්ධතිවල දක්නට ලැබෙන ප්‍රධානතම අවාසිය වන්නේ, විදුලිය විසන්ධි වූ විට සූර්ය පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමනිසා දිවා කාලයේ ජනනය කළ හැකි සූර්ය ශක්තිය අපතේ යාමයි.  Energynet මගින් විදුලිය විසන්ධි වන අවස්ථාවලදී සූර්ය බලශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව ලබා දෙන අතරඑම සූර්ය ශක්තිය රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි වන අවස්ථාවල දී ද භාවිත කළ හැක.

Energynetමගින් දිවා කාලයේ ගබඩා කරගන්නා සූර්ය ශක්තිය මගින් අඛණ්ඩ විදුලිය සැපයුමක් තහවුරු කරන අතර, එහි සූර්යබලපද්ධතිය (solar PV ) මගින් දිවා කාලයේ බැටරිය ආරෝපණය (Charge)  කරගනිමින් විදුලිය විසන්ධි වූ විට එම විදුලිය මුදා හරී.Energynet මගින් විදුලි පහන්, ශීතකරණ, විදුලි පංකා, රූපවාහිනී සහ ලැප්ටොප් වැනි අත්‍යවශ්‍ය විදුලි උපකරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය ජනනය කරන අතර,පාරිභෝගිකඅවශ්‍යතාව මත එය වායු සමීකරණ හා පොම්ප වැනි යන්ත්‍ර ක්‍රියාත්මක කළ හැකි ඉහළ විදුලි සැපයුමක් දක්වා සැකසිය හැකි වීම ද විශේෂිතය.

Energynet ක්‍රියාත්මක කිරීමට ඉන්ධන හෝ ගෑස් අවශ්‍ය නොවනඅතරඑය විදුලි බිලඅවම කරන,මෙහෙයුම් පිරිවැය ඉතා අඩුනිෂ්පාදනයක් මෙන් ම,ශබ්දයෙන් තොර, පරිසර හිතකාමී විසඳුමක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන් ම  Energynet නිසා අමතර විදුලි ජනක යන්ත්‍ර(backup generators) සඳහා ඉන්ධන ගබඩා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සිහිපත් කළ යුතු ම කරුණකි.  

Energynet හි අපවර්තකය0.5kW සිට 5kW දක්වා පරාසයකින් යුක්ත වන අතරඑය සූර්යබලපද්ධතියෙහිබැටරි පද්ධතිය (LiFePO4) චීනයේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාදන ආයතනයක් වන BYD/CATL මගින්නිපදවන අතර, එම බැටරි 1.2kWhසිට 10.24 kWhදක්වාවූ පුළුල් පරාසයකින් යුක්ත වේ.ආරෝපණවිසර්ජනවාර 3,000කට වැඩි ආයු කාලයක් සහිත බැටරිය, එහි ගබඩා වන විදුලිය දිනකට එක් වරක් පමණක් සම්පූර්ණයෙන් ම භාවිත කළහොත් ආසන්න වශයෙන් වසර 8ක්පමණදවිදුලිය දිනකට දෙවරක් සම්පූර්ණයෙන් භාවිත කළහොත් වසර 4ක පමණ කාලයකුත් පවතින බව ද ඇස්තමේන්තුගතකරඇත.

වර්තමානයේ මෙවැනි අභියෝගාත්මක කාලවකවානුවල දී ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන්  සිය නිෂ්පාදන මිල දී ගැනීම සඳහා  මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු හා මූල්‍ය ආයතන සමඟඑක් වෙමින්,මාස 12 සිට 60 දක්වාපොළී රහිතපහසු ගෙවීමේ ක්‍රම ණයවරකාඩ්පත්සඳහා හඳුන්වා දීමටද Hayleys Solarආයතනය කටයුතු කරඇත 

දැනට සූර්යබලපද්ධති භාවිත කරන පාරිභෝගිකයින්ට Energynet හි අපවර්තකයහා බැටරි පමණක්මිල දී ගෙන පැනල්වලට සම්බන්ධ කළ හැකිය.නව පාරිභෝගිකයින්ට Energynet පද්ධතිය සූර්යපැනලසහිතවහෝරහිතවලබාගැනීමේ හැකියාව ඇති අතර, මෙය මහල් නිවාසවල පදිංචිකරුවන්ට ද භාවිත කළ හැකි වීම විශේෂිතය.

Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා පවසන්නේමෙවන් අදහසකි. “වර්තමානයේ පවතිනඅභියෝගකාරී තත්ත්වයන්ට සාර්ථක විසඳුම් ලබා දීමට නම්, විකල්ප පුනර්ජනනීය බලශක්ති විසඳුම් සංවර්ධනය කළ යුතුයි. කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක බලශක්ති විසඳුම් ලබා දීමට නිරන්තරයෙන්  අවධානය යොමු කරනවගකිවයුතු ආයතනයක් විදියට අපිඅපගේ පාරිභෝගිකජනතාවට  Energynet හඳුන්වා දීමට කටයුතු කළා.  මෙයකාර්යාල, ශාඛාජාලසාප්පුසංකීර්ණ, ආපනශාලා ඇතුළු තවත් බොහෝ ආයතනවලබලශක්ති අවශ්‍යතාවන් Energynetසැපිරීමටසමත්වේ. ඒ වගේ ම Energynet මෘදුකාංග හා තොරතුරු තාක්‍ෂණක්ෂේත්‍රය ආශ්‍රිත සමාගම්වලට ඉතා ප්‍රයෝජනවත් වෙනවා මෙන්මඑම ආයතනවල සේවය කරන වෘත්තිකයින්ට කිසිදු  විදුලි බාධාවකින් තොරව නිවසේ සිටම වැඩ කිරීමේ පහසුව  ලබා දෙන බවත් සිහිපත් කිරීමට කැමතියි.

Hayleys Solarසමාගමේ අධ්යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොෂේන්පෙරේරා මහතා දැක්වූඅදහස්මෙසේය. “අති දක්ෂතාක්ෂණිකවෘත්තීයවේදීන්ගෙන්  සැදුම් ලත්200කට අධික තරුණ කණ්ඩායමක් අප සතුයි. අපගේ සියලු ම මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ ඔවුන් බව සිහිපත් කළ යුතුමයි.  සුදුසුකම් ලත් ඉංජිනේරු වෘත්තිකයින්ගේ සේවය, කාර්‍යක්ෂමතාවසහ ඉහළප්‍රමිතිය නිරන්තරයෙන් සහතික කිරීම අපගේ විශේෂත්වය බව පැවසුවොත් මම නිවැරදියි.  රට තුළ දිනෙන් දින වැඩි වන  බලශක්ති අවශ්‍යතා සපුරාලීමට හැකි විසඳුම් සංවර්ධනය කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා.  Energynet කියන්නෙ වර්තමානයේ විදුලි බලය ආශ්‍රිත ගැටලුවලට හොඳ ම විසඳුමක් ඒ වගේ ම Energynetඅපගේ පාරිභෝගික ජනතාවට ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙනබවත් පැවසිය යුතුම කරුණක්.

ඡායාරූපවිස්තරය

Hayleys Solar සමාගමේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා
Fentons Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *