Huawei විසින් AI, 5G සහ පරිශීලක අත්දැකීම් සංවර්ධනය කරන නව සොයාගැනීම් රැසක් නිවේදනය කරයි

0

පසුගියදා ෂේන්සෙන් හි පැවති “Top Ten Inventions” සම්මාන උළෙල්දී Huawei විසින් ඔවුන්ගේ නව නිපැයුම් සමූහයක් පිළිබඳ නිවේදනය කර සිටියි. මෙම සම්මාන උළෙල සැලසුම් කර ඇත්තේ නව නිෂ්පාදන මාලාවක් නිර්මාණය කළ හැකි සමාගම් සහ කර්මාන්ත සඳහා සැලකිය යුතු වටිනාකමක් ජනනය කළ හැකි නව නිපැයුම් හඳුනා ගැනීම සඳහාය. මෙහිදී සම්මාන හිමිවූ නවෝත්පාදන, තාක්ෂණික පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ඇත.

“නවෝත්පාදන ආරක්ෂා කිරීම සඳහා IP ආරක්ෂා කිරීම ප්‍රධාන සාධකයක්.  අපගේ නවෝත්පාදනයන් ලෝකය සමඟ බෙදා ගැනීමට අපගේ පේටන්ට් බලපත්‍ර සහ තාක්ෂණයන්ට බලපත්‍ර ලබා දීමට අපි උනන්දු  වෙනවා. මෙය නවෝත්පාදන පුළුල් කිරීමට, අපගේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට සහ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි තාක්ෂණයන් දියුණු කිරීමට උපකාරී වනවා.”

2021 අවසන් වන විට, Huawei විසින් පේටන්ට් බලපත්‍ර කාණ්ඩ 45,000කට වැඩි ප්‍රමාණයක් හරහා සක්‍රීය පේටන්ට් බලපත්‍ර 110,000කට වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. Huawei විසින් වෙනත් සෑම චීන සමාගමකටම වඩා පේටන්ට් බලපත්‍ර හිමිකර ගෙන ඇති අතර, යුරෝපා සංගම් පේටන්ට් කාර්යාලයට වැඩිම පේටන්ට් බලපත්‍ර අයදුම්පත් ගොනු කර ඇත්තේද Huawei විසිනි. තවද, පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම්පත් අනුව අඛණ්ඩව වසර පහක් පුරා Huawei ලොව පුරා අංක 1 ස්ථානයට පත්ව ඇත.

Huawei හි IPR දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇලන් ෆෑන් පැවසුවේ, Huawei පේටන්ට් බලපත්‍රවල වටිනාකම, කර්මාන්තය තුළ, විශේෂයෙන්ම සෙලියුලර් තාක්‍ෂණය, Wi-Fi, සහ ශ්‍රව්‍ය/වීඩියෝ කෝඩෙක්ස් වැනි  ප්‍රමිතීන් තුළ පුළුල් පිළිගැනීමක් ලබා ඇති බවයි.තවද, පසුගිය වසර පහ තුළ, Huawei හි 4G/5G පේටන්ට් බලපත්‍ර සඳහා ස්මාර්ට්ෆෝන් බිලියන දෙකකට වඩා බලපත්‍ර ලබා දී ඇත.

Huawei බලපත්‍ර විශේෂඥයින් සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පේටන්ට් බලපත්‍රලාභීන් සමඟ 5G පේටන්ට් බලපත්‍ර සඳහා ඒකාබද්ධ බලපත්‍ර වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටී.

චීනයේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂ Liu Hua විසින්, Huawei විසින් නව්‍යකරණය කෙරෙහි දක්වන තිරසාර අවධානය අගය කරමින් මෙසේ පැවසීය: “Huawei එහි අරමුණ වන නවෝත්පාදනයන් සමඟින් ඉහළ මට්ටමේ ගෝලීය තරඟයකට දිගටම සහභාගී වනු දැකීමට අපි බලාපොරොත්තු වෙමු.”

පර්යේෂණ සහ සංවර්ධන වියදම් ප්‍රතිශත අනුව, Huawei, 2021 වර්ෂයේ EU Industrial R&D Investment Scoreboard හි දෙවන ස්ථානයට පත් විය. 2021 දී, සමාගම සිය පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනය CNY142.7 බිලියනයක් දක්වා ඉහළ නංවා ඇති අතර එය ඔවුන්ගේ මුළු ආදායමෙන් 22.4% නියෝජනය කරයි. පසුගිය දශකය තුළ, Huawei හි සමස්ත පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනය CNY බිලියන 845 ඉක්මවා ගියේය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *