FusionV 2022 – බලවත් අනාගතයක් සඳහා තාරුණ්‍යයේ හඬ

0

ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306, යනු ලියෝ සමාජ 176 කින් යුත් ලියෝ දිස්ත්‍රික්ක හයකින් සමන්විත පරිපාලන ව්‍යුහයයි- 12,500 ට අධික සාමාජිකත්වයකින් යුතු ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 දැනට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය ද වේ- මුළු දිවයිනම ආවරණය කරමින් 306 A1, 306 A2, 306 B1, 306 B2, 306 C1 සහ 306 C2  ලෙස දිස්ත්‍රික් 6 කින් සැදුම්ලත් ලියෝ බහු මණ්ඩල දිස්ත්‍රික් 306 ෂබිචසරු එද Thrive තේමාව යටතේ ලියෝ ලයන් දිල්ශාන් පීරිස් ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වේ-

වර්ෂ 1969 සිට තරුණ ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකීය ලියෝවරුන් ශ්‍රී ලාංකීය ප්‍රජාව නඟා සිටුවීම සඳහා නව මුල පිරීම් සහ සේවාවන් රැසක් සිදු කර ඇත- FusionV යනු මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික ලියෝවරුන් විසින් හඳුන්වා දුන් නවතම සංකල්පයක් වන අතර එය වර්තමාන ගැටලු සඳහා තාරුණ්‍යයට මැදිහත් වීමට අවස්ථා විවර කර දෙනු ලබයි-

ශ්‍රී ලාංකික ලියෝවරුන් විසින් අඛණ්ඩව දෙවැනි වසරටත් FusionV 2022   – බලවත් අනාගතයක් සඳහා තාරුණ්‍යයේ හඬ, සංවිධානය කරන ලද අතර එය දැනට පවතින දේශපාලනික, සමාජයීය සහ අර්ථික අර්බුදය පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවක දී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රථම අවස්ථාව ද වේ-

පවතින අර්බුදය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට පිළිපැදිය හැකි විසඳුම් ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් රටේ සියලුම තරුණ ස්වේච්ඡා සංවිධාන එකම වේදිකාවකට ගෙන ඒම ද මෙහි තවත් උත්සාහයක් විය-

විද්වත් කතිකාවක් ලෙස ලියෝ බහුමණ්ඩල දිස්ත්‍රික් 306 විසින් සංවිධානය කරන ලද FusionV 2022, 2022 මැයි මස 27 වන දින පස්වරු 4-00 සිට රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි- මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිංහ බහුමණ්ඩල දිස්ත්‍රික් 306 හි සිංහාධිපති, සිංහ ශ්‍රීලාල් ප්‍රනාන්දු සහභාගී වූ අතර විද්වත් මඩුල්ලෙහි සාමාජිකයන් ලෙස හේමාස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි කස්තුරි චෙල්ලරාජා විල්සන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ගරු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ඇඩ්වොකාටා ආයතනයේ නිර්මාතෲ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ අධ්‍යක්ෂ ධුර අපේක්ෂක/ ඉසුරු ඉන්ජිනියරින් (පුද්) සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සිංහ මහේෂ් පැස්කුවල් සහභාගී විය- මෙම විද්වත් කතිකාව මෙහෙයවන ලද්දේ සිස්කෝ ලැබ්ස් හි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් ප්‍රධානී – මානව මෙහෙයුම් අමෝද් ජයසිංහ විසිනි-

තවද ශ්‍රී ලංකා සහ මාලදිවයින් රොටරැක්ට් දිස්ත්‍රික් 3220 දිස්ත්‍රික් නියෝජිත අකිල අධීෂ්වර, AIESEC ශ්‍රී ලංකා සභාපති භානුක හතුරුසිංහ මෙන්ම සිංහ නායකයන් සහ ලියෝ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය-

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *