බේබි ෂෙරමි විසින් නවතම නිල් මානෙල් ෆ්ලෝරල් බේබි ක්රීම් සහ සබන් වෙළඳ පොළට හඳුන්වා දෙයි

0

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ජනාදරයකට ලක්වූ ආදරණීය ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන්ගේ විශ්වාසය දිනා ගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු ළදරු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. සිඟිති සමට පෝෂණයත්, නිරෝගී පෙනුමත් ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතුව තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන හඳුන්වා දීමේ ප්‍රමුඛයින් ලෙස බේබි ෂෙරමි නම් දරයි.  

වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ක්‍රීම් සහ සබන් වර්ග තෝරා ගැනීමට යාමේදී එහි අඩංගු දෑ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරයි. විශේෂයෙන්ම බිලිඳු සමට ගැළපෙන මොයිස්චරයිසින් සපයන නිෂ්පාදන සඳහා වර්තමානයේ දැඩි කැමැත්තක් පවතී. මව්පියවරුන්ගේ මෙම  අභිරුචීන් පිළිබඳ සලකමින්, ආරක්ෂිතම සහ හොඳම තත්ත්වයේ ළදරු නිෂ්පාදන අඛණ්ඩව වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර,  පිවිතුරු නිල් මානෙල් සුවඳ රැගත් ෆ්ලෝරල් බේබි ක්‍රීම් සහ සබන් මෙහිදී හඳුන්වා දුන් සුවිශේෂී නිෂ්පාදන ද්විත්වයක් ලෙස හැඳින්විය හැකිය.  

ශ්‍රී ලංකාවේ පවතින වියළි කාලගුණික තත්වයන් බිළිඳු සම වියලීමට ඇති ඉඩ ප්‍රස්තාවන් වර්ධනය කරන අතර, මෙහිදී විශේෂයෙන්ම දරුවාගේ සංවේදී සම ආරක්ෂා කරගැනීම සඳහා දෙමව්පියන් විසින් ඉහළ ගුණත්වයේ නිෂ්පාදන භාවිතයට හුරුවී ඇත. බේබි ෂෙරමි නිල් මානෙල් සහ කිරි සාරය සපිරි ෆ්ලෝරල් බේබි ෂෙරමි සබන් සහ ක්‍රීම් පැටියාගේ සමේ තෙතමනය රඳවාගෙන සිසිල් සුවයක් ගෙන දෙයි. මල් මල් පෙත්තක් වන් මුදු සුමුදු සිඟිති සම රැකගන්නට වෙහෙසෙන සුවහසක් ආදරණිය දෙමව්පියන් වෙනුවෙන් තිලිණ කෙරෙන බේබි ෂෙරමි නිල් මානෙල් සහ කිරි සාරය සපිරි ෆ්ලෝරල් බේබි ෂෙරමි සබන් සහ ක්‍රීම්, IFRA  ප්‍රමිතීන්ට  අනුකූල සුවඳ පමණක් අඩංගු කරමින් නිපදවා ඇති අතර, පැරබන්, පෙට්‍රෝලියම් තෙල් හා ෆෝමල්ඩිහයිඩ්වලින් තොරය. 

දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකේය මව්පියවරුන්ගේ ප්‍රියතම තේරීම වූ බේබි ෂෙරමි, දරු පැටවුන්ගේ ආරක්ෂාවත්, මව්පියවරුන්ගේ විශ්වාසයත් සුරකමින් වෙළඳ පොළ වෙත බේබි සබන්, ෂැම්පු, කොලොන්,  බේබි ක්‍රීම් සහ ලෝෂන්, ලොන්ඩ්‍රි වොෂ් පව්ඩර්, ලොන්ඩ්‍රි වොෂ් ලික්විඩ්, බොට්ල් වොෂ්, කොටන් බඩ්ස්, ඔයිල්, ඩයපර්, නැපි රෑෂ් ක්‍රීම්, බේබි ගිෆ්ට් බොක්සස් ඇතුළු පුළුල් පරාසයක විහිදුනු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර ඇත.   බේබි ෂෙරමි පිළිබඳ වැඩි දුර විස්තර සඳහා http://www.babycheramy.lk/ වෙබ් අඩවිය වෙත හෝ https://www.facebook.com/BabyCheramy/ හරහා නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.

About Hemas Consumer Brands

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *