ස්වයංක්‍රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි

0

ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි.

Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’,  3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි.  ශ්‍රී ලංකාව තුළ  ‘Comfie’ සේවාව ස්ථාපිත කිරීම සඳහා  මෙම වෙබිනාර් මාලාව සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව පැවසිය හැකි ය.

මෙම  වෙබිනාර් මාලාව මගින් අනුකූලතා කළමනාකරණය නිවැරදිව අවබෝධ කර ගැනීමට සහ ආයතනික ක්‍රියාවලිය තුළට මූල්‍ය අනුකූලතා ක්‍රමවේදයන් ඇතුළත් කිරීමේ දී නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය භාවිත කර ගැනීම පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් ලබා දීම විශේෂිත ය.  

සැසියේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, Aparajitha Corporate Services Private Limited හි කළමනාකාර අධ්‍යක්ෂ නාගරාජ් ක්‍රිෂ්ණන් මහතා පැවසුවේ මෙසේයි, “ වර්තමානයේ විශේෂ නියාමන විෂමතාවන් සහ COVID-19 නිසා නිර්මාණය වූ නව සාමාන්‍යකරණය සමඟ, ආයතනික අනුකූලතාව  නම් විෂය ක්ෂේත්‍රය තුළ  ප්‍රධාන ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි යි. ස්වයංක්‍රීයකරණය හරහා අනුකූලතා විෂය හා සම්බන්ධ ක්‍රියාවලීන් සරල වීම නිසා  2022 වසරේ දී ඩිජිටල් පරිවර්තනයේ සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. අන්තර්ජාලය මූලික කරගත්  ගෘහ නිර්මාණ ශිල්පය රටේ කුඩාම ඒකකය දක්වා ප්‍රචලිත කිරීම පිළිබඳව අපි ඉතා තියුණු ලෙස අවධානය යොමු කරමින් සැළසුම් කළ යුතුයි. එහි දී  ශ්‍රම, මූල්‍ය, ආයතනික, වාණිජ, EHS, සහ කර්මාන්ත-විශේෂිත නීති යන සියලු ම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි  සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර, එමගින් කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින විශේෂ නීති යාවත්කාලීන කිරීම සහ මෘදුකාංග ස්වයංක්‍රීයව යාවත්කාලීන කිරීම සඳහා පූර්ණකාලීනව ප්‍රවීණයන්ගේ සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත්.”

“SEC, වෙළෙඳපොළ සහ නියාමන ක්‍රමවේදයන් මගින් මෙහෙයවනු ලබන ආයතනික පාලන ක්‍රියාවලිය වේගවත් වී  ඇති නිසා, වර්තමානය වන විට ශ්‍රී ලාංකේය සමාගම් අනුකූලතාව යන සංකල්පය වෙත ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා. Covid වසංගත තත්ත්වය නිසා සිය සේවක සේවිකාවන්ට පහසු ස්ථානයක සිට සේවා කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සැලසීමේ අභියෝගයට මුහුණ දීමට බොහෝ ආයතනයන් ට සිදු වී තිබෙනවා. ඇතැම් ආයතන දෙමුහුන් ක්‍රමවේදයන් වෙත අනුගත නොවීම ඔවුන්ට ඇති අවදානම් සහගත තත්ත්වය තව තවත් වර්ධනය කරනවා. ඒ වගේ ම සමාගම්  මූල්‍ය, මානව සම්පත් හා පාරිසරික යන ක්ෂේත්‍රයන්  ආවරණය වන පරිදි ඔවුන්ගේ මෙහෙයුම් ආකෘතිය  නියාමන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා තිබෙනවා.  ‘Compfie’ ගෝලීය ප්‍රමිතීන්ට අනුකුලව නිර්මාණය කර ඇති ක්‍රමවේදයක් නිසා එමගින් මෙම විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලු ම ආයතනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි යි. ” යනුවෙන් 3W හි කළමනාකාර අධ්‍යක්ෂ ස්ටෙෆාන් මෝර් මහතා පැවසුවේ ය. 

මෙම වෙබිනාර් මාලාව මගින් ඩිජිටල්කරණය ආයතනික ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම හා සම්බන්ධව  ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

  • බහු ස්ථාන / බහු නියාමන අනුකූලතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇති අභියෝග අවම කිරීම –  සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව (DRC), දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD), ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL), ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC)  , මූල්‍ය බුද්ධි ඒකකය (FIU), ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රේගුව (SLC)
  • ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූල සියලු ම නීති හා කළමනාකරණ වගකීම්වලට අනුගත වීම.
  • මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) මගින් නම් කර ඇති මූල්‍ය නොවන ව්‍යාපාර (DNFB) සහ පාරිභෝගික අනුකූලතා (CDD) රෙගුලාසි හරහා ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කරන අතරතුර මුදල් විශුද්ධිකරණය, මූල්‍ය අවදානම් වැළැක්වීම සහ හඳුනා ගැනීම.
  • CBSL, IRD, DRC, IRCSL, FIU, SEC වැනි නියාමකයින් අදාළ මාර්ගෝපදේශ, උපදෙස්, නිවේදන සහ චක්‍රලේඛ සමඟින්  නීති සහ රෙගුලාසිවල වෙනස්කම් සමඟින් ආයතන යාවත්කාලීනව පවත්වාගැනීම. ඕනෑම වැදගත් මූල්‍ය අනුකූලතාවයක් මග හැරීමේ අවදානම වළක්වා ගැනීම – මුදල් විශුද්ධිකරණයට එරෙහි (AML) අනුකූලතා, පාරිභෝගික අනුකූලතා, එක්සත් ජාතීන්ගේ සම්බාධක, බාහිර රෙගුලාසි, Basel III සහ ශ්‍රී ලාංකේය මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති (SLFRS)

3W පිළිබඳව

3W Consulting යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම නව ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමේ සහ උපදේශන හා පුහුණු වැඩසටහන් තුළින් කුඩා ව්‍යාපාර ඉහළ පෙළේ සමාගම් බවට පරිවර්තනය කිරීමේ වගකීම දරණ ආයතනයකි.  එම සමාගමේ උපදේශන වැඩසටහන් ආගන්තුක සත්කාර, බැංකු සහ මුල්‍ය, FMCG, සිල්ලර වෙළඳාම්, ඇඟලුම්, රක්ෂණ, නිෂ්පාදන, ආයෝජන,  යනා දී  ක්ෂේත්‍ර 50කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් ක්‍රියාත්මක වන අතර, ගනුදෙනුකරුවන් 1000කට අධික සංඛ්‍යාවක් සඳහා සේවා ලබා දෙයි. 3W Consulting ආයතනය මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය, බහරේනය, කාම්බෝජය, වියට්නාමය, හොංකොං, මැද පෙරදිග සහ අප්‍රිකාව යන රටවල ජාත්‍යන්තර ව්‍යාපෘති ගණනාවක් දියත් කර ඇති සමාගමකි.

Aparajitha Corporate Services Private Limited පිළිබඳව

2000 වර්ෂයේ දී ආරම්භ කළ Aparajitha Corporate Services Private Limited ආයතනය වර්තමානය වන විට නියාමන අනුකූලතා ආශ්‍රිතව සේවා සපයන අංක 1 ඉන්දියානු සමාගම වේ.  එමෙන් ම Aparajitha Corporate Services Private Limited සමාගම කම්කරු නීතිය සහ කාර්මික නීති අනුකූලතා ආශ්‍රිතව කටයුතු කිරීමේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි.  එම සමාගමේ 1500කට අධික ගනුදෙනුකරුවන්, ආරම්භක අවධියේ පසුවන ව්‍යාපාරවල සිට  දැවැන්ත බහුජාතික සමාගම් දක්වා පුළුල් පරාසයක විහිදී ඇති අතර, එම සමාගම නිර්මාණය කර ඇති ඵලදායී පිරිවැය අවම කිරීමේ විසඳුම් 1300 කට අධික ප්‍රමාණයක්  විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. එමෙන් ම එම සියලු ම මෙහෙයුම් කටයුතු සාර්ථක වීම සඳහා  Aparajitha Corporate Services Private Limited සමාගමේ  ව්‍යාපාරික ආචාර ධර්ම තුළින් නිර්මාණය වී ඇති වෘත්තීයමයභාවය සහ මූලධර්ම බෙහෙවින් බලපා ඇත. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *