ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වන කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතිය සෞඛ්‍ය සේවා ආයතන හරහා අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට

0

පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත්  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක සන්නාමයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමඟ එක්ව, සොඳුරු දිරියවන්ති ජාතික ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

කාන්තාවන්ගේ සුන්දරත්වය සෑම ආකාරයකින්ම අගයමින්,  ඔවුන් දිරි ගැන්වීම සඳහා  පසුගිය ඔක්තොම්බර් මස 05වන දින ආරම්භ කළ මෙම වැඩසටහන වෙතින් හඳුනාගත්, පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත් වූ කාන්තාවන්, පිළිකා රෝගී තත්වයන් මත හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට  ස්වභාවික කේෂ පළඳනා 6,000ක් වාර්ෂිකව  පරිත්‍යාග කිරීමට  අපේක්ෂා කරයි. මෙම පළමු අදියර නොවැම්බර් 01 දින care packs – 50ක් පරිත්‍යාග කරමින් කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහලේ දී ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා (වමේ සිට): W. A. D සුරංගි (පරිත්‍යාග ලාභීයා) පිළිකා රෝග විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සචිනි රස්නායක, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක (සභාපති / භාරකාර – ඉන්දිරා පිළිකා භාරය), මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (උප කුලපති, කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලීය ශික්ෂණ රෝහල), P. M චන්දිමා ධනන්ජනී (හෙද නිලධාරිනි), වෛද්‍ය ජයන්ත බලවර්ධන (පිළිකා රෝග දෙපාර්තමේන්තුවේ සභාපති), මහාචාර්ය නාමල් විජේසිංහ (අංශාධිපති – වෛද්‍ය පීඨය), වෛද්‍ය ජයාන් මෙන්ඩිස් (අධ්‍යක්ෂක – වෛද්‍ය සේවා), බ්‍රිගේඩියර්  සමන් තිලකරත්න, දසුන් යටවර (සන්නාම කළමනාකරු – කුමාරිකා, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්), සහ සිංහ ෆීලික්ස්  තෝමස් (ලේකම්, සිංහ සමාජය, ගල්කිස්ස) සහභාගි විය. මේ වනවිට මහරගම අපේක්ෂා රෝහල, මහනුවර, බදුල්ල, කරාපිටිය, කුරුණෑගල, අනුරාධපුර, යාපනය – තෙලිප්පලායි, රත්නපුර, මඩකලපුව යන මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ පළාත්  මහ රෝහල් වෙත මෙම වැඩසටහන ඔස්සේ care packs පරිත්‍යාග කිරීම   අදියර    කිහිපයක් යටතේ සිදු කර ඇත 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *