DIMO නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්රය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති Komatsu පාරිභෝගික හමුවකදී වෛද්‍ය කිත්සිරි මංචනායක මහතා  වෙත ලබා දෙන ලදී.

‘200 න් 300 ක වැඩ’ යන තේමාව යටතේ DIMO මෙම නවතම හදුන්වා දීම වෙළෙදපළට ඉදිරිපත් කරන ලදී .

Komatsu PC210-10M0 Excavator සහ PC200-8 යන මාදිලි ද්විත්වයම 200-පන්තිය (ටොන් 20) යටතේ ක්‍රියා කරන නමුත් Komatsu PC210-10M0 Excavator සතුව 300-පන්තියේ (ටොන් 30) යන්ත්‍රයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇති අතර PC200-8 මාදිලියට සාපේක්ෂව 40% වැඩි ඵලදායිතාවයක් ද ලබා දෙයි.සුවිශේෂී ජපන් තාක්‍ෂණය මුසු කරමින් විශිෂ්ට කල්පැවැත්මක් සහතික කර ඇති මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඕනෑම වැඩබිමකට / පරිසර තත්ත්වයකට සුදුසු වන අතර එහි පරිසර හිතකාමී එන්ජිම කාබන් විමෝචනය අඩු කරයි.

DIMO හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන මහතා  මෙසේ ප්‍රකාශ කළේය.“අපි  Komatsu සමඟ වසර 50ක  ශක්තිමත් සබඳතාවයක්  පවත්වනවා.ඉදිකිරීම්  ක්ෂේත්‍රය සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීමේ ප්‍රමුඛතම සමාගමක් වන DIMO   ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu සමග හවුල් වීමට හැකි වීම  අපට ගෞරවයක්” නව Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය  හඳුන්වා දීම  DIMO හි තවත් සන්ධිස්ථානයක් වන අතර එය දේශීය ඉදිකිරීම්  ක්ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ගෝලීය තාක්‍ෂණය හඳුන්වාදීමේ අපගේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ශක්තිමත් කරයි.”

DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ  අදහස් දැක්විය.“අපගේ නවීනතම ඉංජිනේරු විසඳුම් සමඟින් රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට DIMO සෑම විටම ඉදිරියෙන්ම සිටිනවා .මෙම නවතම ඉංජිනේරු නවෝත්පාදනයන් හඳුන්වාදීම  මගින් අපගේ  ගනුදෙනුකරුවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමට  අපට හැකිවෙනවා.

මෙම නවතම Komatsu කැණීම් යන්ත්‍රය 1.20 m3 ක බකට් ධාරිතාවයකින් සමන්විත වන අතර Komatsu PC210-10M0 අශ්වබල 165 සමග, වැඩි යන්ත්‍ර ස්ථායිතාව, බලගතු කැණීම් මෙහෙයුම් සහ වැඩිදියුණු කළ සංචාරක ක්‍රියාකාරිත්වය සමඟ පැමිණේ. ඉන්ධන සඳහා 25% ක පමණ ඉතිරියක් ලබා දෙන අඩු ඉන්ධන පරිභෝජනය, උසස් කළමනාකරණ පද්ධතියක් සහ නවීකරණය කරන ලද හයිඩ්‍රොලික් පොම්ප පද්ධතිය සමගින් Komatsu PC210-10M0 දේශීය කර්මාන්තයට විශාල වටිනාකමක් එකතු කරයි.

DIMO උසස් අලෙවියෙන් පසු සේවාව සහ පැය  24 පුරා ක්‍රියාත්මක තාක්ෂණික සේවාව මෙරට තුල Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය  ප්‍රචලිත වීමට තව දුරටත් ඉවහල් වනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *