One Galle Face Mall හි පිහිටි Huawei Experience Store අලුත් වෙයි

0

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සෑම විටම උසස්ම තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දෙන ලොව  ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වනු Huawei විසින්, කොළඹ One Galle Face Mall හි පිහිටි සිය Experience Store සඳහා නව මුහුණුවරක් එක්කර ඇත. එළඹෙන වසර වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ තාක්ෂණික සේවාවන් එකම වහලක් යටින්, කඩිනමින්ම ඉටු කරගැනීමේ අවස්ථාව ලබාදෙමින්  Huawei විසින් Experience Store සඳහා නව මුහුණුවරක් ලබාදී ඇත. මෙහිදී මේ සඳහා පිවිසෙන සියලුම පාරිභෝගිකයින්ට Huawei හි නවතම තාක්ෂණික නවෝත්පාදන සහ උපාංග පිළිබඳ විස්තර සහ අත්දැකීම් Huawei හි දක්ෂ සහ ප්‍රවීන සේවක මණ්ඩලය හරහා ලබා ගත හැකිය.

කොළඹ අවට සිටින Huawei පාරිභෝගිකයින්ට දැන් One Galle Face Mall හි පිහිටි Huawei Experience Store වෙත පිවිස විවිධ දීමනා වලට යටත්ව උසස්ම තත්ත්වයේ ස්මාර්ට් දුරකථන, ටැබ්, මොනිටර්, ලැප්ටොප්, වොච්, ශ්‍රව්‍ය දෘශ්‍ය උපාංග ඇතුලු බොහෝ තාක්ෂණික උපාංග මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. විශේෂයෙන්ම Huawei හි නවතම නිෂ්පාදනයක් වන HUAWEI Vision රූපවාහිනී අත්දැකීම ලබා ගැනීමටද මෙහිදී පාරිභෝගිකයින්ට හිමිවේ. 

Huawei Experience Store වැඩිදියුණු කළ නවතම ශාඛාව වෙත පිවිසෙන පාරිභෝගිකයින් වෙත, අසමසම මිලගණන් යටතේ වෙළඳ පොළ වෙත නිකුත් කරන, තාක්ෂණික විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් උපකරණ, ප්‍රවීණ කාර්ය මණ්ඩලයේ සහයද ඇතුව පහසුවෙන්ම තෝරාගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ. වසර ගණනාවක සිට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ තාක්ෂණික අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඒවාට ගැළපෙන හොඳම තත්වයේ නිෂ්පාදන මෙන්ම සේවාවන් ලබාදීම සඳහා Huawei සමගම කැපවී ක්‍රියා කර ඇත. සියලුම Huawei උපාංග සඳහා පාරිභෝගිකයාට වගකීම් හා සේවා කාලයක්ද හිමිවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙලෙස පවසා සිටියි.  “ශ්‍රී ලංකාවේ අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට හොඳම තාක්ෂණික අත්දැකීම ලබා දීම අපගේ ප්‍රමුඛ අරමුණක් වෙලා තියෙනවා. මේ අරමුණ වෙත ගමන් කිරීමේදී ගෝලීය ප්‍රවණතා පදනම් කර ගනිමින්, දේශීය පාරිභෝගිකයාගේ අභිරුචීන් සඳහා ගැළපෙන හොඳම තත්ත්වයේ තාක්ෂණික උපාංග වෙළඳ පොළට නිකුත් කිරීමට අපි ක්‍රියා කරලා තියෙනවා. විශේෂයෙන්ම 2021 වර්ෂයේදී Huawei විසින් ස්මාර්ට් දුරකථන මෙන්ම, පුළුල් පරාසයක විහිදුනු වෙනත් තාක්ෂණික නිෂ්පාදන රැසක් පාරිභෝගිකයා වෙතට හඳුන්වා දීමට සමත් වුණා. මේ සෑම උපාංගයක්ම ඒවායේ වූ සුවිශේෂී විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ජනාදරයක් දිනාගැනීමට සමත් වුණා. 2022 වර්ෂයත් අපට ඉතා සුවිශේෂී වර්ෂයක්, අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් නවෝත්පාදන මුල්කොට ගත් නිෂ්පාදන රැසක් තිලිණ කිරීමට අප සුදානමින් සිටිනවා.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *