British Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයි

0

British Council ආයතනයේ කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇති සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන, 2022 ජනවාරි 07  දින සිට නැවත විවෘත කරන බව එම ආයතනය නිවේදනය කරයි. Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් British Council අධ්‍යාපනික මධ්‍යස්ථාන සියල්ලක් ම සැලකිය යුතු කාලයක් වසා තැබුණු අතර, එම කාල වකවානුව තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමට ඉඩ නොතබමින්, අන්තර්ජාලය ඔස්සේ සියලු ම අධ්‍යාපන කටයුතු නිසියාකාරව පැවැත්වීමට British Council ආයතනය විසින් කටයුතු කෙරිණි.

අධ්‍යාපන කටයුතුවලට අමතරව විනෝදාත්මක වැඩසටහන්, විවිධ ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන්, සහ මානසික සුවතාව හා වර්ධනය අරමුණු කරගත් වැඩසටහන් වැනි විවිධ ක්‍රියාකාරකම් අන්තර්ජාලය ඔස්සේ ම   සංවිධානය කරමින් තම සිසු සිසුවියන්ගේ මානසික මට්ටම සමබරව පවත්වාගැනීමට සහයෝගය ලබාදීමට British Council ආයතනය කටයුතු කළේය. පාසල් වසා දැමීමත් සමඟ දරු දැරියන්ට තම  මිතුරු මිතුරියන් සමඟ අන්‍යෝන්‍ය සබඳතාවන් පැවැත්වීමේ අවස්ථාව  අහිමි වූ අතර, මෙම වැඩසටහන් තුළින් ලැබුණු එම අවස්ථාව සියලුම දෙනාට ඉතා වැදගත් විය.

British Council ආයතනය  අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීමත් සමග මෙරට ඇතැම්  සිසු සිසුවියන්  British Council ආයතනය  ජාත්‍යන්තර වශයෙන් සංවිධානය කරන කථික  සහ  චිත්‍ර තරඟවලින් ජයග්‍රහණ අත්කරගැනීමට  සමත් විය. එමෙන් ම  බ්‍රිතාන්‍ය සිසු සිසුවියන් සමඟ මෙන් ම  ස්පාඤ්ඤය, තායිවානය සහ කොරියාව යන රටවල සිසු සිසුවියන් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමට සහ  ඔවුන්ගේ සංස්කෘතීන් හා ජීවන රටාවන් පිළිබඳව ඉගෙනීමට British Council සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේවි .

 ශ්‍රී ලංකා British Council ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන කළමනාකාරිණී හෙලන් සයික්ස්  මහත්මිය අදහස් දැක්වුවේ මේ අයුරිණි. “British Council ආයතනයේ සියලුම සිසු සිසුවියන්  පන්ති කාමරය තුළ දී ඉතා විනෝදයෙන් ඉගෙනගත්තා. නමුත් පවතින තත්ත්වය නිසා අපගේ බොහෝ සිසු සිසුවියන්ට එම අවස්ථාව අහිමි වී තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අපි නැවත අපගේ අධ්‍යාපන මධ්‍යස්ථාන ආරම්භ කරන තෙක් බලා සිටිනවා. විශේෂයෙන් භාෂාවක් ඉගෙනීමේ දී  කථන කුසලතා වර්ධනය සඳහා පන්තිකාමරය තුළ සැම දෙනා එක් ව ඉගෙනීම ඉතා වැදගත්. එමනිසා  රජය මගින් ප්‍රකාශයට පත් කරල තිබෙන සියලුම සෞඛ්‍ය  මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් අපි නැවතත් අපගේ අධ්‍යාපනික මධ්‍යස්ථාන විවෘත කරනවා. එහි මූලික අදියරේ දී  කොළඹ, මහනුවර, යාපනය සහ මාතර  ප්‍රදේශවල පිහිටා ඇති  අධ්‍යාපනික මධ්‍යස්ථාන මුලින් ම ආරම්භ කිරීමට නියමිතයි.”

මේ වන විට British Council ආයතනය මගින් ලොව පුරා සිසු සිසුවියන් මිලියන 100 කට අධික සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දී තිබේ. එමෙන් ම British Council ආයතනය  ශ්‍රී ලංකාව තුළ ද වයස අවුරුදු 3 සිට සියලුම වයස් මට්ටම්වල  සිසුසිසුවියන් වෙත අධ්‍යාපනික සේවාවන් ලබා දෙයි.  එමෙන් ම අන්තර්ජාලය ඔස්සේ පවත්වන ඉක්මන් සහ සරල  පරීක්ෂාවකින් අනතුරුව British Council පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට හැකි වීම ද විශේෂිත ය.

British Council ආයතනයේ විශේෂඥ ආචාර්‍ය මණ්ඩලය මගින් හුදෙක් භාෂා කුසලතාවට අමතරව  බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ සිසු සිසුවියන්ගේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ද විශේෂත්වයකි.  විනෝදකාමී, සැහැල්ලු ඉගෙනුම් පරිසරයක් තුළ නායකත්වය,  සහයෝගීතාව, කුසලතා වර්ධනය, චින්තන කුසලතා වර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීම වැනි ගුණාංග කෙරෙහි  අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන  British Council  ආයතනය සමග සම්බන්ධ වන සිසු සිසුවියන්,  එම ආයතනය මගින් ගොඩනගා ඇති ගෝලීය ජාලයක කොටස්කරුවන්  බවට පත්වීම විශේෂත්වයකි..  එමෙන් ම British Council සමග එක් වන සිසු සිසුවියන් වෙත පුස්තකාල පහසුකම්, අන්තර්ජාතික තරඟ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථා සහ  ප්‍රවීණ ආචාර්‍ය මණ්ඩලය සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අවස්ථාව ඇතුළු බොහෝ පහසුකම් නොමිලේ ම  ලබා දීම ද විශේෂිත ය. British Council පරිශ්‍රය යනු ළමුන් සඳහා ආරක්ෂිත අවකාශයක් වන අතර,  සම වයසේ මිතුරන්  ආරක්ෂිතව හමුවීමට මෙන් ම අන්‍යෝන්‍ය සබඳතා පැවැත්වීම සඳහා එය තෝතැන්නකි.

British Council පිළිබඳව අදහස් දක්වමින් දෙමාපියෙක් ප්‍රකාශ කළේ, “මගේ පුතා British Council ආයතනය තුළ ගොඩනැගුණු ආකාරය ඉතා පුදුම සහගත යි.  ඔහුගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම සහ ලිවීම යන අංශ දෙකේ ම විශාල වර්ධනයක් මා දුටුවා. ඒ වගේ ම ඉංග්‍රීසි භාෂාව භාවිතයේ දී පෙරට වඩා විශ්වාසයක්  සහ චතුරබවක් මම ඔහු තුළින්  දකිනවා.  බලාපොරොත්තු වුණු වෙනස මම දැන් මගේ දරුවා තුළින් දකිනවා. ඒ පිළිබඳව මම British Council ආයතනයට ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් පැවසුවේ ය.

ඇකඩමි සම්මානලාභී ‘Aardman’ සජීවිකරණ චිත්‍රාගාර සමඟ  සංවර්ධනය කර ඇති British Council පෙර පාසල් පාඨමාලාව වන ‘Learning Time with Timmy’ ඉතා ජනප්‍රිය පාඨමාලාවකි.  විනෝදාත්මක සහ ක්‍රියාකාරකම් රැසක් සහිත මෙම පාඨමාලාව අවුරුදු 3, 4 සහ 5 යන වයස්කාණ්ඩ වල දරුවන් සඳහා සතිපතා පැවැත්වෙ යි.

6 වසර  සිට 11 වසර දක්වා සිසු සිසුවියන් සඳහා නිර්මාණය කොට ඇති ‘Primary Plus’ පාඨමාලාව,  දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවන් වර්ධනය කිරීමෙන් ඔබ්බට යමින්, විශ්වාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන් ම British Council මගින් දියත් කරන ‘Secondary Plus’ පාඨමාලාව වසර 12 සිට 17 දක්වා දරුවන්ගේ විශ්වාසය ගොඩනඟමින් අනාගත ජීවිතය සාර්ථක කිරීම සඳහා සහයෝගය ලබාදෙන  කුසලතාවන් වර්ධනය කරයි.

British Council ආයතනය 2022 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත  නව අධ්‍යයන වර්ෂය සඳහා සිසු සිසුවියන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇත. www.britishcouncil.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පාඨමාලා  සඳහා ලියාපදිංචි විය හැකි අතර,  වැඩි විස්තර දැනගැනීමට 0707521521 යන දුරකථන අංකය අමතන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *