තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දෙවන තැනට වැඩි වශයෙන් අලෙවි වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට realme පත් වෙයි

0

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාව තුළ ද ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාම තත්ත්වයක් අත්කර ගෙන ඇත.

2021 තුන්වන කාර්තුවේදී realme ශ්‍රී ලංකාවේ අලෙවි වන සියලුම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් සන්නාම අතර දෙවන ස්ථානයට පත් විය. ස්වාධීන විශ්ලේෂකයෙකු වන Canalys විසින් නිකුත් කරන ලද නවතම Sri Lanka: Top Smartphone Vendors, Q3 2021 වාර්තාවට අනුව, realme ’21 හි තුන්වන කාර්තුවේදී ඒකක 18% ක කොටසක් ලබාගෙන රටේ දෙවන තැනට වැඩි වශයෙන් අලෙවි වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් realme ශ්‍රී ලංකා හි  අලෙවි ප්‍රධානී ෂෝන් යාන් මහතා මෙසේ පැවසීය, “ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ realme හි ඉහළම කාර්ය සාධනය පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යය වැඩි වැඩියෙන් realme රසිකයින් බවට පත්වෙමින්, සන්නාමය මෙවන් නව සන්ධිස්ථාන කරා ගෙන යන ආකාරයයි. සැලකිල්ලට ගත යුතු වැදගත්ම දෙය නම්, 2020 දී මෙරටට පැමිණි දා සිට කෙටි කාලයක් තුළ රසිකයින් සන්නාමය වැලඳගෙන ඇති ආකාරයයි. මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඉහළ මට්ටමේ තාක්ෂණයක් සහිතව තරුණයින්ට දැරිය හැකි මිලකට අලෙවි කිරීමයි. අප කෙරෙහි තැබූ විශ්වාසයට realme  රසිකයින්ට සහ ගැනුම්කරුවන්ට අපි ස්තූතිවන්ත වන අතර මෙම කාර්ය සාධන වාර්තාව ලබා ගැනීමට අපට හැකි වන පරිදි අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් විසින් අපට ලබා දෙන සහයෝගය ද අපි ඉතා අගය කරනවා.”

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෙදාහැරීමේ නාලිකා වලට අමතරව, realme මෑතකදී ඊ-වාණිජ්‍යය නව වර්ධන නාලිකාවක් ලෙස හඳුනාගෙන ඇති අතර එමඟින්  ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි ප්‍රමාණයක් වෙත ළඟා වී ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *