Daraz.lk වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගෙන සුවිශේෂී තෑගි දිනාගන්න

0

ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය වන vivo පසුගිය නොවැම්බර් 11 වන දින සිය  විශාලතම එක්දින අලෙවිය Daraz.lk සමඟ අත්වැල් බැඳ ගනිමින් වාර්තා කළේය.  ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 3ක දිගු හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo සහ Daraz වෙතින් V සහ Y ශ්‍රේණියේ vivo ස්මාර්ට්ෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අඛණ්ඩ බැඳීම තවත් ශක්තිමත් කරමින් සහ ඒ වෙනුවෙන් ස්තූති කිරීම සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබේ. ඒ අනුව නොවැම්බර් 11 සිට නොවැම්බර් 17 දක්වා වූ දින 7ක කාලය තුළ vivo ස්මාර්ට් ජංගම දුරකථන විශේෂ මිල ගණන් යටතේ ලබා ගත හැක. මෙම ප්‍රචාරණය අතරතුර, Daraz.lk වෙතින් vivo නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට earbuds, earphones, pen drives සහ vivo T-shirts නොමිලේ පිරිනමනු ලබයි.

මෙම Daraz.lk සහ vivo සුවිශේෂී ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා පාරිභෝගිකයින්ට විශේෂයෙන්ම vivo හි නවතම හඳුන්වා දීමක් වන ඉතා මට සිලිටු සහ ආකර්ශනීය නිමාවකින් යුතු, 44MP OIS Night Selfie පද්ධතියකින් සහ V21e ඉදිරිපස 44MP Eye Autofocus කැමරාවක් සමඟින් පැමිණෙන V21 5G ස්මාර්ට් ජංගම දුරකථනය මිලදී ගත හැකිය. එසේම  64MP පසුපස කැමරාවක්, 5000mAh බැටරියක් සහ 33W Flash Charge සහිත Y1s, Y12s, Y20s සහ නවතම Y53s වැනි Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් ද මෙහිදී පාරිභෝගිකයන්ට තෝරා ගැනීමේ අවස්ථාව හිමි වේ. vivo Y1s හි අඟල් 6.22 6.22-inch Halo Full View™ Display මගින් විශිෂ්ට නැරඹීම් අත්දැකීමක් ලබා දෙයි. වඩා හොඳ සහ දිගුකාලීන පරිශීලක අත්දැකීමක් සඳහා, vivo Y12s 3GB RAM එකක්ද සහිතව දැවැන්ත 5000mAh බැටරියකින්ද සමන්විතව ඔබ වෙත පැමිණේ. එපමණක් ද නොව, vivo Y20s ඔබ වෙත පැමිණෙන්නේ G80 Gaming Processor එකක්, 4GB RAM එකක් සහ 128 GB ROM එකක් සමඟිනි. ඒ අනුව බලන කල සෑම වර්ගයකම පරිශීලකයෙකු සඳහාම වූ ස්මාර්ට් ජංගම දුරකථන මෙම අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාරය මගින් ඔබට ලබා ගත හැකිය.

මෙහිදී පාරිභෝගිකයින්ට සුවිශේෂී වවුචර සහ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් පහසු ගෙවීමේ අවස්ථා පිරිනමා තිබේ. අදාල සුවිශේෂී වාසි පිරිනැමීම පිළිබඳ වැඩි විස්තර සඳහා  https://click.daraz.lk/e/_7E4qH, .Daraz Mall හි vivo ප්‍රධාන වෙළඳසැල වෙත පිවිසෙන්න. නැතහොත් vivo Sri Lanka හි Facebook පිටුවට පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *