ස්වදේශී කොහොඹ බේබි, හැටන් නැෂනල් බැංකුව හා එක්ව අලුත උපන් බිළිඳුන්, මෙලොවට බිහි කළ මව්වරුන්ට තිළිණ ලබා දෙයි

0

දශක 08ක විශ්වාසය දිනා ගත්  ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා ස්වදේශී කොහොඹ, සිය ළදරු සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ බේබි සබන් හා හැටන් නැෂනල් බැංකුව සමඟ සහයෝගිත්වයෙන් අලුත උපන් බිළිඳුන්,  මෙලොවට බිහි කළ  මව්වරුන්ට තිළිණ ලබා දෙයි. ස්වදේශී කොහොඹ බේබි වෙතින් ආකර්ෂණීය ළදරු සනීපාරක්ෂණ  තෑගි පාර්සලයක්  ලබා දෙන අතර හැටන් නැෂනල් බැංකුව  වෙතින් HNB සිඟිති කිරිකැටියෝ තිළිණ පත් ලබා දෙයි.

“අලුත උපන් බිළිඳුන්ගේ සනීපාරක්ෂණ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් බිළිඳුන්ට මෙලොවට බිහි කළ මව්වරුන්ට ත්‍යාග ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අප ඉතා සතුටට පත් වෙනවා. ස්වභාවික ශාක සාර පදනම් කර ගත්  ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීමේ යහපත්කම පිළිබඳව තරුණ මව්වරුන් දැනුවත් කිරීමේ උත්සාහයක් ලෙස ස්වදේශී විසින් දිවයින පුරා පිහිටි මාතෘ රෝහල් වෙත මෙම දායකත්වය ලබා දෙනු ඇත. ස්වදේශී කොහොඹ ළදරු සනීපාරක්ෂණ තෑගි පාර්සලය සමඟින් ළදරු රැකවරණය පිළිබද ප්‍රයෝජනවත් වන තොරතුරු ඇති ‘කොහොඹ බේබි කිරි සුවඳේ කතාව’ නම් පොත් පිංචක් තරුණ මව්වරුන් වෙත තිළිණ කරනවා” යනුවෙන් මේ පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා C.S.M. සමරසිංහ මහත්මිය අදහස් පළ කර සිටියාය.

“ශ්‍රී ලංකාවේ ජනයාගේ ජීවිතය සාරවත් කරලනු වස් ඔවුනගේ යහපත වෙනුවෙන් විවිධ සමාජ සත්කාර ව්‍යාපෘති දියත් කිරීම ස්වදේශී සම්ප්‍රදායයයි.  ශ්‍රී ලාංකේය මව්වරුන් ඔවුනගේ අලුත උපන් කිරිකැටියන්ගේ මෘදු සම මත ස්වභාවික,  ආරක්ෂිත සහ මෘදු සනීපාරක්ෂණ  ළදරු සබන් නිෂ්පාදන භාවිතා කළ යුතු යැයි අප හදවතින්ම විශ්වාස කරන අතර ස්වදේශී – HNB සහයෝගීත්වය පසුපස ඇති  අදහස ද එය වේ.” 

ස්වදේශී 1941  වසරේ සිට ගුණාත්මක බවින් යුත්  ශාකසාර සබන් නිෂ්පාදනය කරන අතර,  හොඳම ශාකසාර අමුද්‍රව්‍යයන්ගේ මිශ්‍රිතයක් වන කොහොඹ බේබි සන්නාමය අප පාරිභෝගිකයන්ට වටිනාකමක් එක් කරයි.  සබන් , කොලෝන්, ක්‍රීම්, පවුඩර්, ඔයිල්, ෂැම්පූ සහ ගිෆ්ට් පැක් නිෂ්පාදන ඇතුළත් පුළුල් පරාසයක නිෂ්පාදනයන්ගෙන්  ස්වදේශී කොහොඹ බේබි  සමන්විත වේ. දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂා කර සහතික කරන ලද ශාකසාර අමුද්‍රව්‍යයන්ගේ එකතුවක් වන මෙය දේශීය වෙළඳ පොළෙහි ඇති වසර 80ක විශ්වාසය දිනූ එකම නිෂ්පාදනය වේ.  යහපත් සෞඛ්‍යය, සනීපාරක්ෂාව,   ආරක්ෂාව සහ සමේ මෘදු බව සඳහා ස්වභාවධර්මයට  හිතකර නිෂ්පාදන වෙනුවෙන් වර්ධනය වන වෙළඳපොළට ස්වදේශී නිෂ්පාදන විවෘත වේ.

ළදරු සම ස්වභාවිකවම  විෂබීජවලින් හා ඉරිතැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා මෘදු සුසිනිදු පිරිසිදු කාරක ගුණාංගවලින් යුත් කොහොඹ ශාකසාරය සියලුම ස්වදේශී කොහොඹ බේබි සබන් නිෂ්පාදනවල අඩංගු ප්‍රධාන සංඝටකය වෙයි. ස්වදේශී කොහොඹ බේබි වෙළඳ පොළේ ඇති හොඳම ස්වභාවික ශාක සාර පදනම් කර ගත් සබන් වේ. සමට අත්‍යවශ්‍ය පෝෂණයක් හා සමට මෘදු සුවඳක් ලබා දෙන වසර 80ක විශ්වාසය ඇති  එකම සබන් සන්නාමය කොහොඹ බේබි සබන් වේ. .

කොහොඹ බේබි නිෂ්පාදන සබන්, ක්‍රීම් සහ කොලොන්වලින් වර්ග 04කින් සමන්විතය. එනම් කොහොඹ, කෝමාරිකා සහ ඔලිව් ඔයිල් අඩංගු කොහොඹ බේබි හර්බල්, කොහොඹ, රත්මල්, රෝස වතුර සහ ඔලිව් ඔයිල් අඩංගු කොහොඹ බේබි ෆ්ලෝරල්, කොහොඹ, වෙනිවැල් සහ ඔලිව් ඔයිල් අඩංගු කොහොඹ බේබි වෙනිවැල් සහ කොහොඹ, ඇවකාඩෝ සහ ඔලිව් ඔයිල් අඩංගු කොහොඹ බේබි ඇවකාඩෝ වේ.  මෙම සෑම කොහොඹ බේබි නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි.  එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම, ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

මෙම නිෂ්පාදනවල ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොහොඹ  ශ්‍රී ලාංකීය මව්වරුන් විසින් සියවස් ගණනාවක් පුරා භාවිතා කරන ලද ශාකසාර අමුද්‍රව්‍යයක් වේ.  ස්වදේශී දශක 08කට වැඩි කාලයක් පුරාවට ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදනයේ විශේෂඥයා වේ.  ඉහළම ප්‍රමිතියෙන් යුත් හොඳම ශාකසාර මිශ්‍රිතයක් ඔබට ලබා දීම සඳහා මෙම ශාකසාර ප්‍රවේසමෙන් තෝරා ගෙන ඇත. මෙම ශාකසාර දශක ගණනාවක් තිස්සේ  ළදරුවන් නැහැවීමේ දී ස්වභාවිකව විෂබීජවලින් ආරක්ෂා  කිරීමට සහ සම ආරක්ෂිතවත් මෘදුවත් තැබීමට සම මත ඖෂධීය ශාකසාර ගැල්වීම  අතීතයේ සිට සිදු වූවකි.

ශ්‍රී ලංකාවේ  පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක්   අප භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. මෙම සියලු නිෂ්පාදන 100%  ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි.

100%ක් දේශීය සමාගමක් ලෙසින් ස්වදේශී ජාතිය ගොඩ නැගීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්  අඛණ්ඩව සිදු කරයි.  ස්වදේශී කොහොඹ, ස්වභාව දහම රැක බලා ගැනීමට සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට අවධානය යොමු කරමින් තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැපවෙයි.   සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ දිවයිනේ පූජනීය ස්ථානවල වාර්ෂිකව සිදු කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ  පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය යටතේ කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය සහ ස්වදේශී කොහොඹ බේබි ‘හොද පුරුදු’ පොත හරහා ඉක්මනින් වියැකී යන යහපත් වටිනාකම්   ඉස්මතු කරමින් පාසල් දරුවන් දැනුවත් කිරීම අඩංගු වේ.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. ස්වදේශී, Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන  ආයතනය ද වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *