සම්ප්‍රදායික දේශීය සහල් සාරයෙන් නිමවූ ලොව ප්‍රථම සම සුරැකුම් සන්නාමය වන Vivya ගෝලීය වෙළඳ පොලට

0

ශ්‍රී ලංකේය උරුමය රැගත් සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන,හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳ පොළ තුළ දැඩි කතාබහකට ලක්වූ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත.  විශේෂයෙන්ම කාන්තාවන් බලාපොරොත්තු වන තාරුණ්‍යයෙන් පිරි දීප්තිමත් සමක් ලබා ගැනීම උදෙසා වූ නිෂ්පාදන පෙළක් Vivya සන්නාමය යටතේ වෙළඳ පොලට හඳුන්වා දුන් අතර, එහි සුවිශේෂී අන්තර්ගතයන් සහ ගුණත්වය හේතුවෙන් ඒ සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් නිර්මාණය වී ඇත. 

නවතම Vivya නිෂ්පාදන පරාසය තුළ ඩේ ක්‍රීම්, ෆේෂල් සීරම්, ෆේස් වොෂ්, නයිට් ක්‍රීම් සහ ක්ලෙන්සර් ඇතුළත් වන අතර, මෙම සියලුම නිෂ්පාදන පාරම්පරික  සහල් වල පෝෂණීය ගුණයන් සහ සම තෙත් සහිතව දීප්තිමත්ව තබාගැනීමට අවශ්‍ය මොයිස්චරයිසර් ගුණයන් සමගින් පැමිණේ.  තාරුණ්‍යයේ දීප්තිය පුබුදු කරවන Golden Trice සාරය සපිරි Vivya,  දිනෙන් දින ඔබේ සම පෝෂණය කරමින් ඔබට සුපැහැදිලි සහ නිරෝගිමත් සමක් ලබා දෙයි. 

දැනටමත් Vivya සන්නාමයේ විශිෂ්ට නිෂ්පාදන මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයන් රැසකගේ සිත් ආකර්ෂණය කරගෙන ඇති අතර, මෙය   ශ්‍රී ලාංකේය නාමය ගෝලීය තලයට රැගෙන යාමට කදිම අවස්ථාවකි. 

මෙම සුවිශේෂී නවෝත්පාදනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී මෙල් මහතා මෙලෙස පවසා සිටියි. “නූතන සමාජයේ අවශ්‍යතාවන් සඳහා ගැළපෙන, දේශීය සම්ප්‍රදායික සහලේ උරුමය රැගත් හේමාස් කන්සියුමර් හි නවතම හඳුන්වා දීම වන  Vivya හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම අපට සතුටක්. මේ පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. මේ හරහා ශ්‍රී ලංකාවට පමණක් උරුම වෙලා තිබුණු පාරම්පරික සම සුරැකුම් විසඳුම් සහ රූපලාවන්‍ය ක්‍රමවේදයන් ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙනයාමේ හැකියාව අපට ලැබිල තිබෙනවා. එවැනි නව නිෂ්පාදන තුළින් අපගේ කුඩා දිවයින ගෝලීය වෙළඳපොළේ අවධානයට සහ ආකර්ෂණයට ලක් කිරීම පිළිබඳව මම හේමාස් කණ්ඩායමට සුභ පැතුම් එක් කරනවා.”

කාලයක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත වූ ශ්‍රී ලංකාව තුළ ස්වදේශීය සහල් වර්ග 1500කට වැඩි ප්‍රමාණයක් පවතිනවා. මෙම සහල් වර්ග ඒවාටම අවේනික වූ ඖෂධීය ගුණයන් නිසා අතීතයේ සිටම රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කර තියෙනවා.  විශේෂයෙන්ම මේවායේ අන්තර්ගත සමේ තරුණ දීප්තිය ජනනය කරන ප්‍රතිඔක්සිකාරක බලයන් හේතුවෙන්, මේවා අන්තර්ගත කරමින් නිපදවූ නිෂ්පාදන නිරෝගී සහ දීප්තිමත් සමක් හිමිකර දේ. කාලයාගේ ඇවෑමෙන් ඈත් වූ මෙම රූපලාවන්‍ය සත්කාරයන් නැවත භාවිතයට ගනිමින්, පාරම්පරික සහල් වල පෝෂණයෙන් කාන්තාවන්ගේ සමේ තරුණ බව සහ දීප්තිය ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම Vivya හි අරමුණයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ව්‍යාපාර සංවර්ධන සහ නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්රීනා යුසුෆාලි මහත්මිය මෙලෙස පවසයි. “ශ්‍රී ලාංකේය කාන්තාවන් රැසක් බලාපොරොත්තු වන්නේ නිරෝගිමත්, පැහැපත් සහ දීප්තිමත් සමක්. නමුත් මේ සඳහා වෙළඳ පොළේ පවතින නිෂ්පාදනයන් ගෙන් 90% පමණම සම සුදු කිරීම, එසේත් නැත්නම් සමේ පැහැය වෙනස් කිරීම  පිළිබඳ පමණක් අවධානය යොමුකර තියෙනවා.  අපගේ නවෝත්පාදනයක් වන Vivya, විශිෂ්ට නිෂ්පාදනයක් වෙන්නේ, අප සෑම කාන්තාවකගේම සම හා සම්බන්ධ ගැටළු හොඳින් හඳුනා ගනිමින්, ඒවාට පිළියම් වශයෙන් පුළුල් නිෂ්පාදන පරාසයක් හඳුන්වා දීම හේතුවෙන්. සමේ වර්ණය, වයස වැනි සාධක පිළිබඳව නොතකමින්, අපගේ දේශීය සහල් වල සම පුබුදුවන ගුණයෙන් නිමවූ Golden Trice සාරය සපිරි Vivya  සෑම යුවතියකටම තාරුණ්‍යයේ දීප්තිය රැගෙන එමින්, ඔවුන්ට නිරෝගී සමක් ලබා දෙන්න සූදානම්. තවද, ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සුන්දරත්වය හා යහපැවැත්ම වැඩිදුයුණු කිරීම වෙනුවෙන් හේමාස් කන්සියුමර් ආයතනයේ කැපවීම Vivya සම  සුරැකුම් නිෂ්පාදන පෙළ හඳුන්වා දීම තුළින් ඉතා හොඳින් පැහැදිළි වෙනවා.”

දැනටමත් Vivya නිෂ්පාදන පරාසය භාවිත කළ පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් වඩාත් ධනාත්මක ප්‍රතිචාර දක්වමින් සිටියි.  විශේෂයෙන්ම Vivya භාවිත කිරීමෙන් සති දෙකක කාලයක් තුළ සමේ දීප්තිය මෙන්ම මොයිස්චරයිසර් අගයන් වර්ධනය වන බව සායනික පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. 

Vivya මේ වන විට Hemas E-stores https://hemasestore.com/brand/vivya  වෙතින් මෙන්ම, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිසැල්, තෝරාගත් සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳ සැල්  සහ ඖෂධ අලෙවිසැල් වැනි තෝරාගත් ස්ථානවලින් ද මිලදී ගැනීමේ හැකියාව ඇත.

ඡායාරූප විස්තරය

වමේ සිට-  චිත්‍රාංජලී දිසානායක – අධ්‍යක්ෂ ජනරාල්, අපනයන සංවර්ධන මණ්ඩලය, සුරේෂ් ඩී මෙල් මහතා – සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සබ්රීනා යුසුෆාලි- ව්‍යාපාර සංවර්ධන සහ නවෝත්පාදන අධ්‍යක්ෂිකා, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, මොහොමඩ් ෂෆ්රාස්- ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්

Hemas Consumer Brands පිළිබඳව 

Hemas Consumer Brands යනු ජාතියේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ විශාලතම ශ්‍රී ලාංකික ආයතනයයි. වසර 70කට අධික උරුමයක් සමඟින්, ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් තුළින් Hemas Consumer Brands පාරිභෝගික හදවත් දිනා ඇත. නව්‍ය කණ්ඩායම්වල සහය ඇතිව සිය ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ හරහා උසස් නිෂ්පාදන නිර්මාණය කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න  පුද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands සමත් වී ඇත.ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකින් ශක්තිමත් වී සිටින  Hemas Consumer Brands, ෆෙම්ස්‌ ‌“‌ඇය‌”‌මුලපිරීම‌,පිළිකා‌ ‌‌රෝගීන්‌ ‌‌සඳහා‌ ‌‌වන‌ ‌‌කුමාරිකා‌ ‌“‌සොඳුරු‌ ‌‌දිරියවන්ති‌ ‌”‌ ‌‌හිසකෙස්‌ ‌ පළඳනා‌ පරිත්‍යාග‌ ‌කිරීමේ‌ ‌‌ව්‍යාපෘතිය ‌‌සහ‌ Baby Cheramy ‌‌හි‌ progressive inclusive parenting මුලපිරීම‌ ‌‌වැනි ව්‍යාපෘති ‌‌ගණනාවක්‌ ‌‌අඛණ්ඩව‌ ‌‌සිදු‌ ‌‌කරයි‌.‌ හරිත‌ ‌‌සංකල්පය‌ ‌‌මත‌ ‌‌පදනම්‌ ‌‌ව‌ Hemas Consumer ‌‌සන්නාම‌ ‌‌තනි‌ ‌‌භාවිත‌ ‌‌සැෂේ‌ ‌‌වෙනුවට‌ Dandex Handy ‌‌සහ‌ Kumarika Poddi ‌‌ෂැම්පු‌ , Vivya heirloom වැනි සහල්‌ ‌‌පදනම්‌ ‌‌කරගත්‌ ‌නිෂ්පාදන‌  ‌‌වැනි‌ ‌‌විප්ලවීය‌ ‌‌නිෂ්පාදන‌ ‌‌වෙළදපොලට‌ ‌හදුන්වා‌ ‌‌දීමට‌ ‌සමත්‌ ‌‌විය‌.‌ සියලුම‌ ‌‌ශ්‍රී  ‌‌ලාංකික‌ ‌‌පාරිභෝගික‌ ‌‌ප්‍රජාව සඳහා‌ ‌‌වඩාත්‌ ‌‌තිරසාර‌ ‌අනාගතයක්‌‌ ‌‌ලබා‌‌ ‌‌දීම‌‌ ‌‌උදෙසා‌‌ Hemas Consumer  ‌‌පෙරමුණ‌‌ ‌‌ගනී‌.‌ ‌

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *