දේශීය පාරිභෝගිකයන්ගේ තාක්ෂණික අවශ්‍යතා රැසක් සඳහා හොඳම විසඳුම් Huawei වෙතින්

0

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei, වඩාත් සංවර්ධිත මෙන්ම සම්බන්ධිත ලොවක් තාක්ෂණය හරහා ගොඩ නැගීමට ඉහළ කැපවීමකින් කටයුතු කරන සන්නාමයකි. දේශීය පාරිභෝගිකයාගේ වෙනස්වන තාක්ෂණික අවශ්‍යතා හඳුනා ගනිමින්, ඒවාට ගැළපෙන කාලීන තාක්ෂණික විසඳුම් රැසක් Huawei විසින් වෙළඳ පොළට ඉදිරිපත් කර ඇති අතර, මෙම සියලුම නිෂ්පාදන ඒවායේ අන්තර්ගත සුවිශේෂී විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමිකර ගෙන ඇත.

විශේෂයෙන්ම දේශීය පාරිභෝගිකයාගේ විවිධ වූ තාක්ෂණික අවශ්‍යතාවන් මූලික කරගනිමින්, මෙම වසරේ මුල භාගයේ සිටම පහසුකම් සහ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන, ටැබ්, මොනිටර්ස්, ලැප්ටොප්, වොච් සහ විවිධ ශ්‍රව්‍ය උපාංග තාක්ෂණික උපකරණ රැසක් Huawei වෙළඳ පොළට ඉදිරිපත් කරන ලදී.  මේ අතර  මෑතකදී වෙළඳ පොලට හඳුන්වා දුන් කාර්යාලීය මෙන්ම අධ්‍යාපනික කටයුතු කාර්යක්ෂම කරන Huawei MatePad 11, Huawei Matebook X Pro, Huawei Mateview Monitor සහ ඉහළ තත්වයේ සන්නිවේදන අත්දැකීමක් ලබාදෙන Huawei Freebuds 4  සුවිශේෂී වේ.

වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනු ඇති බව නොඅනුමානයි.  ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින්,  ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩිදියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11, පරිශීලක කාර්යන් ඉතාමත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11 හි පරිශීලකයාට පහසුවෙන් අල්ලාගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ  පරිශීලක නැරඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත.

පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන  3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ.  කාර්යසාධනය (performance) පිළිබඳ සැළකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි.

Huawei MateView මොනිටරය ද ශ්‍රී ලාංකිකයින්ට නවතම තාක්ෂණික අත්දැකීමක් හිමිකර දෙමින් වෙළඳ පොලට හඳුන්වා දී ඇත. 4K+ Ultra HD ඩිස්ප්ල්යේ, cinema-level colour gamut, wireless projection,  Smart Bar මෙහි ඇති අද්විතීය විශේෂාංග අතරින් කිහිපයකි. පරිශීලකයාගේ ඇසට පහසු Eye comfort mode Huawei MateView මොනිටරය තුල අන්තර්ගත කර ඇති අතර, මෙහි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් ලෙස Huawei ස්මාර්ට් දුරකථනය හා මොනිටරය කඩිනමින් සම්බන්ධ කිරීමේ හැකියාව විශේෂ වේ. මෙහිදී MateView base එක වෙත ස්මාර්ට් දුරකථනය tap කිරීම හරහා, ඔබේ දුරකථන තිරය පුළුල් MateView තිරයේ දිස්වේ. මේ හරහා වඩාත් පහසුවෙන් files හුවමාරු කිරීම සිදුකල හැකිය.  

නවතම Huawei Freebuds 4 ඉතාමත් පහසුවෙන් පැළඳිය හැකි නිමාවකින් වෙළඳ පොළට පැමිණෙන අතර, පරිශීලකයට ඉතාමත් පැහැදිළි ලෙස සිය ඇමතුම් ඇතුළු සන්නිවේදන ක්‍රියා සිදුකරගැනීමට හැකිවන අයුරින් අදාළ තාක්ෂණයන් භාවිත කරමින් මෙය නිපදවා ඇත. විශේෂයෙන්ම මෙහි අන්තර්ගත කර ඇති  high-resolution sound, swipe controls, open-fit active noise cancellation 2.0, intelligent audio connection වැනි විශේෂාංග සුවිශේෂී වනු ඇත. තවද පැය 10ක කාලයක් පුරාවට පවතින බැටරි ධාරිතාවය කාර්යබහුල පරිශීලක කාර්යයන් රැසක් පහසු කරන අතර, මෙහි ඉතා අලංකාර සහ නව නිමාව පාරිභෝගිකයින් ආකර්ෂණය කරගනී. 

මෙම උපාංග පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය නම් https://consumer.huawei.com/lk/ වෙත පිවිස ලබාගත හැකි අතර,  Huawei experience centers, Singer showrooms, Daraz.lk සහ Singer.lk වෙතින් මෙම සුවිශේෂී උපාංග මිලදී ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *