Ocean Lanka සමාගම ‘සේවා අභිමන් 2021’ සම්මාන උළෙල අභිමානයෙන් සමරයි

0

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted  ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල  පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා අවධාරණය කළේ ‘සිය සමාගම සෑම විටම මහජනතාව වෙනුවෙන් කටයුතු කරන අතරම දීර්ඝ කාලීනව සේවකයන් එහි රැඳී සිටීම සමාගමට ඉහළම වටිනාකමක් එකතු කරන කාරණයක්’ බවයි. වැඩිදුරටත් අදහස් පළ කරමින් ඒ මහතා මෙසේද පැවසීය: ‘‘වසර ගණනාවක සේවා කාලයක් ආයතනය වෙනුවෙන් සම්පූර්ණ කරමින් අද දින අප සමාගම භුක්ති විඳින ගෞරවනීය තත්ත්වය උදාකර ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් පාක්‍ෂිකත්වයෙන් හා කැපවීමෙන් අප හා රැඳී සිටින සේවක මහත්ම මහත්මීන් පිරිසක් ලැබීම අප ආයතනයේ මහත් භාග්‍යයක්. විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්වය හේතුවන් පැනනැගුණු විවිධ අභියෝග මධ්‍යයේ වුවද,  ඉහළ විනිවිදභාවයකින් යුතුව, ගෞරවය සහ විශ්වාසය අගයන යහපත් සේවා ස්ථානයක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. අප සමඟ මෙතරම් දිගු කලක් සේවය කළ සේවකයින් මේ සඳහා සාක්ෂි දරනවා”.

‘OCL සේවා අභිමන් 2021’ සම්මානය යනු සමාගමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන සුවිශේෂී වැඩසටහනක් වන අතර ආයතනයේ සේවකයන් ඇගයීමට ලක් කිරීම අරමුණු කරගත් ඉතාම වැදගත් ප්‍රයත්නයක් වශයෙන්ද එය සලකනු ලැබේ. පරිපූර්ණ ලෙස සේවකයන් දිශානුගත කිරීම, සේවකයින් ආයතනික පරිසරයට අනුගත කිරීම, සේවක කාර්යසාධන ඇගයීම්, සේවකයන් අරමුණු කරගත් තවත් විවිධ ක්‍රියාකාරකම් හා සේවක සුභසාධන වැඩසටහන් ඇසුරින් සේවකයන් ඉහළ පාක්‍ෂිකත්වයකින් යුතුව දීර්ඝ කාලීනව ආයතනය තුළ රඳවා ගැනීම වෙනුවෙන් සමාගම සෑම විටම කැප වී සිටියි.

Ocean Lanka සමාගම ගැන

1996 වසරේදී ස්ථාපිත කරන ලද Ocean Lanka (Pvt) Ltd යනු ලොව ඉහළම පිළිගැනීමක් ඇති ව්‍යාපාරික සන්නාම වන Victoria’s Secret, PVH (Tommy Hilfiger/Calvin Klein), Nike, Uniqlo, GAP, Amazon, Michael Kors, Marks and Spencer, Lacoste, Puma, Intimissimi  සහ Hane  ආදිය වෙත ඉහළම තත්ත්වයේ ඇඟළුම් නිෂ්පාදනය සම්බන්ධයෙන් වසර 25 කට වැඩි කාලයක විශේෂඥ පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇඟළුම් නිෂ්පාදන සමාගම වේ. හොංකොංහි පිහිටි Fountain Set Holdings සහ Hirdaramani Group සහ Brandix Lanka Limited වැනි දේශීය සමාගම් සමග ව්‍යාපාරික හවුල්කාරීත්වයකින් මෙම සමාගම ක්‍රියාත්මක වෙයි. ඕෂන් ලංකා, ජාත්‍යන්තර පිළිගත් Bluesign® ඇගයුම් ලබා ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *