vivo චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ අංක 1ට එයි

0

2021 දෙවන කාර්තුවේදී vivo චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සියයට 23.5 ක වෙළඳපල කොටසක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත් වී ඇති බව ලෝකයේ ජංගම දුරකථන පිළිබඳ අධ්‍යනය කරන IDC කාර්තුමය වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වාර්ෂිකව සියයට 23.6 ක වර්ධන වේගයක් සහිතව, mid-range සහ higher-end  ස්මාර්ට් ජංගම දුරකථනයන් ද ආවරණය වන පරිදි සියළුම මිල පරාසයන් තුළ ඇති සිය නිෂ්පාදනයන්ගේ එකතුව මගින් vivo මෙලෙස ඉහළම ස්ථානයට ඔසවා තබා ඇත. මේ වන විට vivo සිය අලෙවි ජාලය රටවල් 50 කටත් වඩා වැඩි ප්‍රමාණයක් හරහා ලොව පුරා මිලියන 400 කට අධික පරිශීලකයින්ගේ ආදරය දිනාගෙන ඇත.

IDC2 ට අනුව වාර්ෂිකව සියයට 33.7 ක වර්ධනයක් සහිතව 2021 දෙවන කාර්තුවෙහි සමස්ත වෙළඳපල කොටස සමඟ සියයට 10.1 ක සමස්ත වෙළඳපල ප්‍රතිශතයක් ලබා ගනිමින් ගෝලීය වශයෙන් vivo ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ ඉහළම සන්නාම 5 අතර රැඳී සිටියේය. දේශීයත්වය සහ දේශීය සංස්කෘතිය හා කළමනාකරණය පිළිබඳ මනා අවබෝධයකින් vivo ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *