ඩොලරය විකිණෙන මිල රු. 193.75 ක් දක්වා ඉහළට

0

ශ්‍රී ලංකා රුපියල මත ඇති කෙරෙන විනිමය පීඩනය තවදුරටත් තීව්‍ර කරමින්, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (03) දින රු. 193.75 ක් දක්ව ඉහළ යන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.55 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර මෙරට මූල්‍ය ඉතිහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) අද දින රු. 191.00 ක් ලෙසින් සටහන්ව තිබිණි.

2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *