අද්විතීය realme 8 ස්මාර්ට් දුරකතන ඇතුලු තවත් සුවිශේෂී AIOT උපාංග රැසක් වෙළඳ පොළට නිකුත් වෙයි

0

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන realme විසින් ඔවුන්ගේ මීළඟ ස්මාර්ට් දුරකථනය වන realme 8 ඇතුළුව සුවිශේෂී තාක්ෂණික උපාංග කිහිපයක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. මෙම නවතම AIOT උපාංග වනුයේ realme Buds Q2, realme Wireless 2 Neo හා realme Watch 2 යි. 

මාධ්‍ය පරාසයේ ස්මාර්ට් දුරකතනයක් වන realme number Series, වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ලොව පුරා මිලියන 33ක විකුණුම් ඉලක්කයක් ළඟා කරගෙන ඇති අතර, එය මෙම මාදිලියේ උපාංග සඳහා ඇති ඉහළ පාරිභෝගික ආකර්ෂණය පෙන්වීමට කදිම නිදසුනකි. දේශීය වෙළඳ පොළට නිකුත් වූ මෙම තාක්ෂණික උපාංග අබාන්ස්, සිංහගිරි, ඩයලොග්, Daraz ඇතුළු දිවයින පුරා විසිරුණු සියලුම realme flagship store සහ බලයලත් අලෙවි නියෝජිත ජාලය හරහා මැයි 20 වන දින සිට මිලදී ගැනීමේ හැකියාව හිමි වේ. 

වඩාත් පැහැදිලි ශ්‍රව්‍ය-දෘශ්‍ය අත්දැකීමක් සඳහා realme 8, UI 2.0 out of box සහ  Hi-Res Audio සහතිකය සමඟින් පැමිණේ. තවද දේශීය පාරිභෝගිකයා වඩාත් ඇලුම් කරන, 64MP AI Quad Camera පද්ධතියක්, Super AMOLED තිරයක් සහ අද්විතීය නිමාවක්  realme 8 හා එක්කර ඇත.  ස්මාර්ට් දුරකථන පරිශීලකයින් නිතරම මුහුණ දෙන දුරකතනයේ ධාරිතාවය හා සම්බන්ධ ගැටලු වලට කදිම පිළියමක් සළසමින්, realme 8, 128 GB ROM සහ 8GB RAM,  බලසම්පන්න Helio G95 ප්‍රොසෙසර් සහිතව පැමිණේ. පරිශීලකයා නිතරම මුහුණ Charging ගැටළු වලට විසඳුම් සලසමින් realme 8, 30W Dart Charge සහ සුවිසල්  5000mAH බැටරියකින්ද සන්නද්ධ කර තිබේ.

නවතම උපාංග පිළිබඳ සිය අදහස් දක්වමින් realme ශ්‍රී ලංකාහී සන්නාම කලමණාකාර රනුර කඩුවෙල මහතා මෙලෙස පවසා සිටියි. “නවෝත්පාදනය මුල් කර ගත් සියලුම  realme ස්මාර්ට් දුරකතන වෙළඳ පොළට නිකුත් වන්නේ තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින්, ඔවුනට අද්විතීය ස්මාර්ට් දුරකතන අත්දැකීමක් හිමි කර දීමේ බලාපොරොත්තුවෙන් යැයි කිව හැකියි. නවතම realme 8 ද නිසැකයෙන්ම තාරුණ්‍ය මග බලා සිටි ස්මාර්ට් දුරකතනයක් වන්නේ, එය වඩාත් ඉදිරිගාමී හැකියාවන්ගෙන් සහ නවීන පෙනුමින් යුත්, සාධාරණ හා ආකර්ෂණීය මිල ගණන් යටතේ වෙළෙඳපොළට පිවිසෙන නව ජංගම දුරකථනයක් නිසා. realme 8 සඳහා සුවිශේෂී දේශීය ඉල්ලුමක් ඇති වේ යැයි අප අපේක්ෂා කරනනවා.”

මෙම සුවිශේෂී විශේෂාංග ඇතුළත් realme 8 හි මිළ වනුයේ රුපියල් 64,999ක් පමණි. තවද, ඕනෑම realme 8 මිලදී ගැනීමක් සඳහා රුපියල් 6,999 ක් වටිනා realme Buds Q ත්‍යාග ලෙස හිමි වේ. නවතම realme Wireless 2 Neo රුපියල්  8,999 ක මිලකටත්, realme Buds Q 2 රුපියල් 6,999ක මිලකටත්, realme Watch 2 රුපියල්  16,999 මිලකටත් ඔබට මිලදී ගැනීමේ හැකියාව හිමි වේ. 

සම්ප්‍රදායික කැමරා ආකෘති බිඳ දමමින් realme 8 වෙළඳ පොළට පැමිණෙන්නේ  64MP AI Quad Camera පද්ධතියක් සමඟින්. රාත්‍රී හෝ දවහල් කාලයේ ඕනෑම ස්ථානයක- ඕනෑම වේලාවක වඩාත් පැහැදිළි ඡායාරූප ලබා ගැනීමට  realme 8 හි  64MP ප්‍රධාන කැමරා උපකාරී වේ. පසුගිය වර්ෂයේ දියත් කරන ලද realme 7 හි Starry Mode පරිශිලකින්ගේ සිත් ඇඳ බැඳ ගන්නා විශේෂාංගයක් විය.  ඒ හේතුවෙන්ම මේ වසරේ නවතම realme 8 සඳහා එහි වඩාත් දියුණු කළ දෙවෙනි පරම්පරාවේ Starry Mode ඇතුළත් කර තිබේ. realme 8 හි UIS Max Video Stabilization මඟින් ස්ථාවර හා සුමට වීඩියෝ පටිගත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.  realme 8, 1000 nits peak brightness සහිත අඟල් 6.4 ක Super AMOLED තිරයක් සහිතව පැමිණේ. මෙම  තිරයේ  සුවිශේෂී විශේෂාංගයක් ලෙස  always on display සහය සපයන fast unlocking light-sensitive in-display sensor හැඳින්විය හැකියි. realme 8 සතුව 1080P FHD resolution අගයක්,   180Hz touch sampling අගයක් සහ peak brightness 1000nits සහිත sunlight mode එකක් පවතී. තවද, මෙහි තිරය  eye protection විශේෂාංග වන  DC-like dimming function සහ  anti-flicker in low brightness වැනි විශේෂාංග වලින්ද සමන්විත වේ. 

realme 8,  30W Dart Flash Charge මඟින් සන්නද්ධ වී තිබෙන අතර, මේ හරහා මිනිත්තු 65ක් ඇතුලත 5000mAh බැටරි ධාරිතාවයක් දක්වා ගමන් කළ හැකියි. තවද,  දුරකතනයේ Five Dimension Charge Protection හරහා ඔබට ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටළුවක් ඇති වන්නේ නැත. තවද, මෙහි සුවිසල්  5000mAh බැටරිය දින 40 ක් දක්වා ක්‍රියාකාරී ලෙස පවත්වා ගත හැකි වනවා. දුරකතනයේ Super Power Saving Mode හරහා  සියයට 5ක් පමණ දුරකතනයේ charge තිබුණත් දින දෙකක කාලයක් භාවිත කිරීමේ හැකියාව හිමි කර දෙනවා. realme 8 පරිශීලනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ඔබට ස්මාර්ට් දුරකතනයේ බැටරි කාලය පිළිබඳ සිතීමට අවශ්‍ය වන්නේ නැහැ.  realme 8 වෙත App Quick Freeze පහසුකම, sleep Standby Optimization ඇතුළු සුවිශේෂී  බැටරි කාර්යසාධනය ඉහළ නංවන විශේෂාංගද එක්කර තිබෙනවා. 

realme සෑම තාක්ෂණික උපාංගයක්ම නිර්මාණය කරන්නේ පාරිභෝගික සුවපහසුව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරමින් නූතන ලොවට ගැළපෙන වඩාත් ආකර්ෂණීය ලෙසින්.  realme 8 ද කිසිඳු වෙනසකින් තොරව ඔබ අතට පත් වන්නේ ඉහළම ආකර්ෂණීය බවකින් යුත් මනරම් නිමාවක් සමඟින්.  වෙළඳ පොළේ ඇති අනෙකුත් ස්මාර්ට් දුරකතයන්හි සාමාන්‍ය බර හා සැසඳීමේදී realme 8 හි ග්‍රෑම් 177g ක් තරම් වූ සැහැල්ලු බර සහ 7.9mm තරම් වූ ගණත්වය පරිශීලකයාට ස්මාර්ට් දුරකථනය පහසුවෙන් අල්ලා ගැනීමට හා හැසිරවීමට ඉඩකඩ ලබා දෙනවා.  තාක්ෂණික ප්‍රවණතා පදනම් කරගත් නිමාව,  කර්මාන්තයේ ප්‍රමුඛ තාක්‍ෂණ භාවිතය සහ අතිශය සිහින් සහ සැහැල්ලු බවක්   සමඟින් නිර්මාණය කර ඇති realme 8  නිසැකයෙන්ම තාක්ෂණික ලොවේ පෙරලියක් ඇති කරනු බව විශ්වාසයි. නවතම මාදිලියේ වර්ණයන් පිළිබඳ කතා කිරීමේදී,  realme 8,  Cyber Silver සහ Cyber Black මනරම් වර්ණයන්ගෙන් ඔබට මිලදී ගැනීමට හැකියාව හිමි වනවා.

primary clock speed 2.05Ghz, සහ quad-core Mali-G76 GPU සහිත A75 cores සහ  six small A55 cores වලින් සැකසුණු  realme 8හි Helio G95 Gaming Processor විශේෂ වේ. මෙම  ප්‍රොසෙසරය මඟින් ඕනෑම ප්‍රධාන ධාරාවේ ජංගම ක්‍රීඩාවක් හැසිරවීමේ හැකියාව ඇත. ඉතාමත් හොඳ cooling effect එකක් සඳහා realme 8 වෙත  කාර්යක්ෂම Copper liquid Cooling තාක්ෂණය භාවිතා කර ඇති අතර,  මෙය realme 7 හා සැසඳීමේ දී 14.4% ක ඉහළ Cooling කාර්යක්ෂමතාවයක්.

වැඩිදුර විස්තර සඳහා  www.realme.com/lk වෙත පිවිසෙන්න

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *