මැයි මාසයේ සංචාරක ආදායම ඩොලර්වලින් අඩුවෙද්දී රුපියල්වලින් වැඩිවෙලා

0
Tourist-Arrivals-AI

2026 මැයි මාසයේ දී 145,745ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා නිවේදනය කළේය. මෙය 2025 මැයි මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීමෙහි 9.65%ක වර්ධනයක් වේ. මේ අතර සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඉතිහාසයේ මේ දක්වා ඔ්නෑම වසරක මැයි මාසයක පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මෙය වසරේ දී වාර්තා වී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිය සතිපතා ආර්ථික දර්ශක වාර්තාව මගින්, 2026 මැයි මාසයේ සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 155.7ක් බව සඳහන් කර සිටී. මෙය 2025 වසරේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ලෙසින් වාර්තා වී තිබූ ඩොලර් මිලියන 164.1 හා සැසඳීමේ දී 5.11%ක පහළ යාමක් වේ.

කෙසේවෙතත් 2026 මැයි මාසයේ සංචාරක ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලින් ගණනය කිරීමේ දී රු. බිලියන 49.1 සිට රු. බිලියන 50.6ක් දක්වා 3.05%ක ඉහළ යාමක් වාර්තා කර ඇත. ඩොලරයේ රුපියල් වටිනාකම ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

මේ අතර 2026 මුල් මාස 05 තුළ සමස්ත සංචාරක ඉපැයීම් ‌ඩොලර් මිලියන 1,360ක් ලෙසින් වාර්තා වන අතර එය 2025 වසරේ මුල් මාස 05 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,543.1 හා සැසඳීමේ දී 11.9%ක අඩුවීමක් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දේ.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *