ඩොලරය අද යළි නගී

0
USD-LKR-09.06.2026

ශ්‍රී ලංකා රුපියල ඊයේ (08) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළුවශයෙන් ශක්තිමත් වන ස්වභාවයක් පෙන්නුම් කළද, අද (09) වන විට යළිත් වතාවක් එහි අවප්‍රමාණයක් දක්නට ලැබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතිකය සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.22 සිට රු. 332.38ක් දක්වා ත්, විකුණුම් මිල රු. 341.04 සිට රු. 342.08ක් දක්වා ත් ඒ අනුව ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරට වානිජ බැංකු විසින් ප්‍රකාශිත විනිමය අනුපාතිකයන් සැලකීමේ දීද අද (09) පෙරවරුව වන විට ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල ඉහළ යාමක් නිරීක්ෂණය වේ.

ඒ අනුව මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයක් විසින් අද (09) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි විය.

ලංකා බැංකුව: 332.50 | 341.50

මහජන බැංකුව: 331.41 | 339.75

කොමර්ෂල් බැංකුව: 332.00 | 341.00

හැටන් නැෂනල් බැංකුව: 332.25 | 341.50

සම්පත් බැංකුව: 332.50 | 341.50

සෙලාන් බැංකුව: 333.00 | 341.00

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 331.90 | 343.10

DFCC බැංකුව: 332.75 | 342.25

NDB බැංකුව: 332.50 | 341.50

උපුටා ගැනීම: අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *