විධායක විශිෂ්ටත්වය සහ නායකත්වය සමරමින් Evolution Auto, XPENG සහ AVATR සමඟ 45 Under 45 CEO සම්මාන උළෙලට අනුග්‍රාහකත්වය සපයයි.

0
Image - 45 Under 45 PR (1)

ශ්‍රී ලංකාවේ XPENG සහ AVATR මෝටර් රථ සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto, කීර්තිමත් ‘45 Under 45 CEO Awards 2026’ සම්මාන උළෙල සමඟ අත්වැල් බැඳ ගනිමින්, ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ ගමනාගමන විසඳුම් ඔස්සේ නායකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම සඳහා වන තම කැපවීම නැවත වරක් තහවුරු කළේය.

Global CEO Forum (Pvt) Ltd. විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන රාත්‍රියේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකය නව මාවතකට මෙහෙයවන සුවිශේෂී ව්‍යාපාරික නායකයින්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ ව්‍යවසායකයින් 63 දෙනෙකු ඇගයීමට ලක් විය. ඔවුන්ගේ දූරදර්ශී අනාගත දැක්ම, දැඩි උත්සාහය සහ කැපී පෙනෙන සාර්ථකත්වයන් මෙහි දී අගය කිරීමට ලක් කෙරිණි.

ව්‍යාපාරික වර්ධනය උදෙසා ආයතන නවෝත්පාදන සහ ප්‍රගතිශීලී උපායමාර්ග වැළඳ ගන්නා වටපිටාවක, බුද්ධිමත් තාක්ෂණය (intelligence), ඉහළ කාර්යසාධනය, නව්‍යකරණය සහ ඉදිරිගාමී චින්තනය නිරූපණය කරන ප්‍රිමියම් විද්‍යුත් වාහන  සන්නාම ද්විත්වයක් වන XPENG සහ AVATR ප්‍රදර්ශනය කිරීමට Evolution Auto සමාගමට මෙම උත්සවය කදිම අවස්ථාවක් විය. නව විධායක නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම වාහන, තමන් නිරත ක්ෂේත්‍රයන්හි පරිවර්තනයක් සිදු කිරීමට පෙරමුණ ගන්නා පුද්ගලයින්ගේ අරමුණු හා මැනවින් ගැළපෙන, අතිසංකීර්ණ මෙන්ම සුවපහසු (sophisticated) මෝටර් රථ අත්දැකීමක් සලසා දෙයි.

දිවයිනේ වඩාත්ම බලපෑම් සහගත ආයතනික විධායකයින් සහ නැගී එන ව්‍යවසායකයින් රැසක් එක්රැස් වූ මෙම උත්සවය, ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීමට මෙන්ම නවෝත්පාදනය, නායකත්වය සහ ව්‍යාපාරික ලෝකයේ අනාගතය පිළිබඳ සංවාද ගොඩනැගීමට කදිම අවස්ථාවක් විය. එහිදී Evolution Auto සමාගම දැක්වූ දායකත්වය මඟින් තිරසර වර්ධනයක් සහ ප්‍රගතියක් ළඟා කර දෙන අති නවීන තාක්ෂණය වැළඳ ගැනීම සහ නව්‍යකරණයෙන් පිරි නායකත්වය අතර ඇති ස්වාභාවික සබඳතාව මැනවින් පිළිබිඹු විය.

Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා විසින් තමන් නිරත ක්ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ මෙන්ම ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ව්‍යාපාරික නායකයින් හැඩගැස්වීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් සම්භාවනීය සම්මානලාභීන් කිහිපදෙනෙකු වෙත සම්මාන පිරිනැමීම මෙම උත්සවයේ වැදගත්කම තවදුරටත් ඉහළ නැංවීමට සමත් විය.

මෙම සහයෝගීත්වය පිළිබඳව අදහස් දක්වමින් Evolution Auto සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා “ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව තුළ නවෝත්පාදනය, වර්ධනය සහ සාධනීය වෙනසක් ඇති කිරීමට පෙරමුණ ගන්නා සුවිශේෂී පුද්ගලයින් ඇගයීමට ලක් කරන ‘45 Under 45 CEO Awards’ සම්මාන උළෙල සඳහා සහයෝගය දැක්වීමට ලැබීම අපට මහත් ගෞරවයක්. මෙහිදී සම්මානයට පාත්‍ර වූ නායකයින්, Evolution Auto සමාගමේ දැක්ම සමඟ මැනවින් ගැළපෙන අභිලාෂය, අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව සහ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම මැනවින් ප්‍රදර්ශනය කරනවා. අප XPENG සහ AVATR සන්නාම මඟින් ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ, අති නවීන තාක්ෂණය, උසස්ම සුවපහසුව, තිරසරභාවය සහ ඉහළ කාර්යසාධනය මුසු වූ වාහන මඟින් ඉදිරිගාමී චින්තනයක් සහිත වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින්. මෙම ව්‍යාපාරික නායකයින්ගේ ජයග්‍රහණ සමරන අතරම, නව්‍යකරණයෙන් පිරි සහ ප්‍රගතිශීලී අනාගතයක් උදා කිරීම වෙනුවෙන් අප සැමවිටම කැපවී සිටිනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

උසස් තාක්ෂණය, බුද්ධිමත් මෙහෙයුම් පද්ධති, සිත්ගන්නා සුලු නිමාව සහ ඉහළම මට්ටමේ රිය පැදවීමේ අත්දැකීම හේතුවෙන් XPENG සහ AVATR සන්නාමයන් ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ඇගයීමට ලක්ව ඇත. මෙම සන්නාම ද්විත්වයේම ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා ලෙස Evolution Auto සමාගම වර්තමාන ව්‍යාපාරික නායකයින්, ව්‍යවසායකයින් සහ වෘත්තිකයන්ගේ නවීන අවශ්‍යතාවලට සරිලන පරිදි, නව යුගයකට ගැළපෙන විද්‍යුත් වාහන තාක්ෂණය මෙරට පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

නායකත්වය සහ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරෙන මෙවැනි සුවිශේෂී ප්‍රයත්නයන් සඳහා සහයෝගය දැක්වීම තුළින් නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම වෙනුවෙන් තමන් තුළ ඇති කැපවීම Evolution Auto සමාගම තවදුරටත් තහවුරු කරයි. එමෙන්ම වඩාත් බුද්ධිමත් මෙන්ම තිරසර අනාගතයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට සමාගම ලබා දෙන දායකත්වය ද මෙයින් මැනවින් පිළිබිඹු වේ.

වැඩිදුර විස්තර සඳහා www.xpeng.lk සහ www.avatr.lk වෙබ් අඩවි වෙත පිවිසෙන්න. නැතහොත් +94 74 411 2132 (රනිල්) දුරකථන අංකය අමතන්න.

END

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *