2026 පෙබරවාරි මාසයේ දී ඉතිහාසගත සංචාරකයින් පිරිසක් මෙරටට
2026 පෙබරවාරි මාසයේ දී ඉතිහාසයේ මසක් තුළ මෙරටට පැමිණි ඉහළම සංචාරක පැමිණීමේ වාර්තාවන් අලුත් කරමින් 279,328ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 17%ක් එනම් 47,679ක් ඉන්දියානු සංචාරකයින් වන අතර 11%ක් එනම් 30,788ක් එක්සත් රාජධානියෙන් මෙරට පැමිණි සංචාරකයින් ලෙස වාර්තා වී ඇත.
කෙසේ වෙතත් මාර්තු මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම වූ ලක්ෂ 3ක සංචාරක පිරිස, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ සපුරාගැනීමට නොහැකි වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඊයේ පවසා සිටියේ ය.




උපුටා ගැනීම : අද දෙරණ