ජනවාරි මාසයේ දී වාහන ආනයන වියදම 25%කින් පහළට
2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම වෙනුවෙන් දරන ලද වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 224 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී.
2025 දෙසැම්බර් මාසයේ දී වාහන ආනයනය වෙනුවෙන් දරන ලද ඩොලර් මිලියන 301ක වියදම හා සැලකීමේ දී මෙය 25.58%ක පහළ යාමක් වේ.
මෙම ආනයන තුළ පුද්ගලික වාහන මෙන්ම වානිජ කටයුතු වෙනුවෙන් ගෙන්වන ලද වාහන ද අන්තර්ගත වේ.
2025 වසරේ දී වාහන ආනයනය වෙනුවෙන් දරන ලද සමස්ත වියදම ඩොලර් මිලියන 2,047 කි.
උපුටා ගැනීම : අද දෙරණ