බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

0

කුකුළු මස් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන බයිරහා ෆාම්ස් පී එල් සී සමාගම පසුගියදා ටොන් 500ක ධාරිතාවකින් යුත් නව ශීත ගබඩා (ශීතාගාර) සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. බයිරහා ෆාම්ස් පී එල් සී හි විධායක අධ්‍යක්ෂ රියාල් යාකුබ් මහතා විසින් කළමනාකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුලු කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ විවෘත කරනු ලැබූ මෙම සංකීර්ණය තුලින් සැපයුම් දාමය පුරා සිය නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය, තොග කළමනාකරණය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට බයිරහා සමත් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බයිරහා ෆාම්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී යාකූත් නලීම් මහතා සඳහන් කර සිටියේ මෙම නව පහසුකම දේශීය වෙළෙඳපොල මෙන්ම අපනයන වෙළෙඳපොල මෙහෙයුම් සඳහා ඉතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වන බවයි. වසර ගණනාවක් පුරා බයිරහා නිෂ්පාදන ප්‍රමාණයන් හා වෙළෙඳපොල ප්‍රවේශය ඉහළ ගොස් ඇති බැවින් මේ ආකාරයේ ගබඩා හා සැපයුම් සංකීර්ණයක දැඩි අවශ්‍යතාවය ඉතා වැදගත් වනු ඇති බවද ඒ මහතා සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ යකූත් නලීම් මහතා “අපගේ නිෂ්පාදන තොග, බෙදාහැරීම් සහ ගුණාත්මකභාවය මනාව සැලසුම් කිරීමට හා කළමනාකරණය කිරීමට මෙම පහසුකම තුලින් අවස්ථාව උදා වනවා. එසේම අකාර්යක්ෂම ශීතාගාරයන් තුලින් ඇති වන නිෂ්පාදන ඵලදායීතාව අඩු වීම අවම කරමින් ස්ථාවර තත්වයක් පවත්වාගෙන යාමේ හැකියාවද මේ තුලින් සලසා දෙනවා. අපගේ හවුල්කරුවන් හා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වගකීම් සහගත සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙවන් පහසුකම් ලබාදීම ඉතා වැදගත් වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම නව සංකීර්ණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් ආයෝජනය කිරීමට බයිරහා ෆාම්ස් පී එල් සී කටයුතු කර ඇත.  -20°C ක්‍ ක ස්ථාවර උෂ්ණත්වයක් පවත්වා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ශීතාගාර පහසුකම නාස්තිය අවම කිරීමට, තොග සැපයුම ඉහළ නැංවීමට මෙන්ම සියලු වෙළෙඳපොල සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිති අවශ්‍යතාවන් සපුරාලීමට සමත් වන බවට සහතික කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත.

එසේම මෙම පහසුකම හරහා ගබඩාවන් තුලට ඇතුලු කරන හා එයින් වෙළෙඳපොලට නිකුත් කරනු ලබන නිෂ්පාදන ප්‍රමාණයන් නිවැරදිව පවත්වාගෙන යාමට හැකි වන අතර ඉහළ මට්ටමේ ගබඩා කළමනාකරණ පද්ධතියක් තුලින් එය තව දුරටත් ශක්තිමක් කිරීමටද හැකියාව උදා වේ. එසේම QR මත පදනම් වූ හඳුනා ගැනීමේ හැකියාවද මෙම පහසුකම තුලින් හඳුන්වා දී ඇති අතර අපනයන හා දේශීය මෙහෙයුම් සඳහා අවශ්‍ය නිෂ්පාදන හඳුනා ගැනීම, අධීක්ෂණය හා හැසිරවීම ඉහළ නැංවීමට අමතරව වෙළෙඳපොල අවශ්‍යතාව මත නිෂ්පාදන සොයා ගැනීමේ හැකියාවද ලබා දෙනු ඇත.

තවද ආරක්ෂිත හා වඩාත් කාර්යක්ෂම සේවා කොන්දේසි වෙනුවෙන් ස්ථාපිත මෙම සංකීර්ණය තුලින් නිෂ්පාදන දත්ත හැසිරවීම අවම වන අතර ට්‍රක් රථ හරහා යාන්ත්‍රිකව එහා මෙහා ගෙන යාමේ හැකියාව උදා කරලීමද විශේෂත්වයකි. මේ නිසාම සේවකයින්ටද වඩාත් පහසුවෙන් මෙහෙයුම් සඳහා සම්බන්ධ විය හැක්කේ පැටවීමේ සහ මාරු කිරීමේ පහසුව හා ආරක්ෂාවද ලබා දෙමිනි.

සිය පහසුකම් නවීකරණය කිරීම සඳහා මෙන්ම මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා බයිරහා හි අඛණ්ඩ කැපවීමේ සුවිශේෂී පියවරක් වන මෙම නවීන ශීතාගාර සංකීර්ණය ආයතනික මෙහෙයුම්හි කාර්යක්ෂමතාව, සුරක්ෂිත බව හා ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීමේ ප්‍රමුඛ පියවරක් බවටද පත් වීම නොඅනුමානය.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *