ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තිරසාර මාවතකට යොමු කිරීමට  Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්‍රවේශයක්

0
Image 01 (64)

ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අපේක්ෂා කරන සුවපහසුව, විශ්වාසනීයත්වය සහ උසස් සේවා ප්‍රමිතීන් එලෙසින්ම පවත්වා ගනිමින්, සංචාරක අත්දැකීමේ වැදගත් නමුත් බොහෝ විට නොසලකා හරින අංගයක් වන ප්‍රවාහන කටයුතු නිසා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Jetwing Travels හි සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිරෝමාල් කුරේ මහත්මිය මෙසේ සඳහන් කළාය:

“අපගේ සංචාරකයන්ගේ සමස්ත සංචාරක අත්දැකීමේ සෑම පියවරකදීම වගකීම්සහගත සංචාරක සේවාවක් ප්‍රායෝගිකව ලබා දීමට අප දරන නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම හවුල්කාරීත්වය හඳුන්වන්න පුළුවන්. අපගේ වාහන සංචිතයට Plug-in Hybrid තාක්ෂණය හඳුන්වා දීම හරහා, ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන අපගේ පාරිභෝගිකයන් බලාපොරොත්තු වන සුවපහසුව, විශ්වාසනීයත්වය සහ නම්‍යශීලීභාවය නොඅඩුව ලබා දෙන අතරම, ගොඩබිම් ප්‍රවාහනය නිසා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට ප්‍රායෝගික පියවරක් තැබීමට අපට හැකි වී තිබෙනවා.”

මෙම තිරසාර පාරිසරික පරිවර්තනයේ පියවරක් ලෙස, JAECOO J7 Plug-in Hybrid Electric Vehicles (PHEV) මාදිලියේ වාහන 21ක් Hayleys Mobility විසින් Jetwing Travels වෙත පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදී. මෙම වාහන Jetwing Travels සහ Jetwing Journeys හරහා ගුවන්තොටුපළ ප්‍රවාහන සේවා, විනෝද සංචාර සහ දිවයින පුරා කෙරෙන දීර්ඝ සංචාර සඳහා යෙදවීමට නියමිතය.

Jetwing Travels වෙත නිල වශයෙන් භාරදෙන ලද JAECOO J7 Plug-in Hybrid (PHEV) වාහන සංචිතය

Hayleys Fentons Limited යනු ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන Hayleys PLC හි බලශක්ති, මොබිලිටි සහ ව්‍යාපෘති අංශය නියෝජනය කරන ප්‍රධාන ආයතනයයි. එම විශ්වාසනීය පදනම හරහා, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණික දැනුම, දිවයින පුරා පැතිරුණු සේවා හැකියාවන් සහ ආයතනික ශක්තිය Hayleys Mobility වෙත නොඅඩුව හිමි වේ.

Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“තිරසාර ප්‍රවාහන විසඳුමක් (Sustainable mobility) පුළුල් ලෙස සමාජගත වීමට නම්, එමඟින් පාරිසරික මෙන්ම වාණිජමය වශයෙන්ද විශාල වටිනාකමක් ලැබිය යුතුයි. කිලෝමීටර 90කට ආසන්න පූර්ණ විද්‍යුත් ධාවන හැකියාව (Electric-only driving), කිලෝමීටර 1,200ක් දක්වා වූ සමස්ත ධාවන පරාසය සහ පෙට්‍රල් වාහනයකට සාපේක්ෂව කිලෝමීටරයකට රුපියල් 15ක පමණ ඉතිරියක් ලබා දෙන JAECOO J7 PHEV වාහනය, විශාල ධාවන පරාසයක් සහිත වාහන සංචිත පවත්වාගෙන යන ආයතනවලට ඉතාමත් වාසිදායක තේරීමක්.”

Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළාය:

“JAECOO J7 PHEV වාහනය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ඉතාමත් ගැළපෙන්නේ, එය කෙටි ගමන්වාර මෙන්ම දිවයින පුරා කෙරෙන දීර්ඝ සංචාර සඳහා අවශ්‍ය නම්‍යශීලීභාවය ලබා දෙන නිසයි. එහි ඇති ඉහළ මට්ටමේ අභ්‍යන්තර නිමාව (Refined cabin), ලීටර 500ක පමණ ගමන් බෑග් ඉඩකඩ, සුවපහසු වාතාශ්‍රිත ඉදිරි අසුන් (Ventilated front seats) සහ විශාල Panoramic වීදුරු වහලය (Panoramic sunroof) මඟින් මගී අත්දැකීම තවත් ඉහළ නංවනවා. විශේෂයෙන්ම ගුවන්තොටුපළේ සිට පැමිණෙන විට හෝ දීර්ඝ සංචාරවල යෙදෙන විට සංචාරකයන්ගේ ගමන් බෑග් සහ පෞද්ගලික දේවල් ආරක්ෂිතව තබාගැනීමට මෙම විශාල බෑග් ඉඩකඩ ඉතාමත් ප්‍රායෝගිකයි. එමෙන්ම එයාර්බෑග් 8ක්, අංශක 540ක පරාසයක් සහිත කැමරා පද්ධතියක් (540-degree panoramic camera) සහ උසස් රියදුරු සහායක පද්ධතියක් (Advanced driver-assistance systems) සහිත මෙම J7 PHEV වාහනය විවිධ වූ මාර්ග තත්ත්වයන් යටතේ ඉහළ සුවපහසුව, පහසුව සහ විශ්වාසනීයත්වය තහවුරු කරනවා.”

Hayleys Mobility Limited හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින් මෙසේ පැවසීය:

“වාහන ලබාදීමට අමතරව ආරෝපණ පහසුකම්, තාක්ෂණික උපදෙස් සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන් ඇතුළත් පරිපූර්ණ මොබිලිටි සේවා පද්ධතියක් හරහා, පාරිභෝගිකයන්ට පහසු මෙන්ම තිරසාර ප්‍රවාහන අත්දැකීමක් ලබාදීමට Hayleys Mobility සෑම විටම සහයෝගය ලබාදෙනවා.”

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 011 2 222 222 අංකයෙන් Hayleys Mobility ආයතනය සම්බන්ධ කර ගත හැකිය. 

ඡායා රූප විස්තරය: Hayleys PLC හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා සහ Jetwing Travels (Private) Limited හි සභාපතිනි සහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශිරෝමල් කුරේ මහත්මිය, JAECOO J7 Plug-in Hybrid වාහන 21ක් නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට Hayleys Mobility, Jetwing Travels සහ Jetwing Journeys හි නියෝජිතයන් පිරිසක් සමඟ එක්වූ අයුරු.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed