රත්මලානේ ආරම්භ කළ නව වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සහ බොඩි ෂොප් මධ්‍යස්ථානය සමඟින් Sterling Aftercare සේවා ජාලය තවදුරටත් පුළුල් වෙයි

0
Image (29)

Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන අලුත්වැඩියා තාක්ෂණය, සම්පූර්ණ බොඩි අලුත්වැඩියාවන්, පේන්ටිං සහ නිමවුම් සේවාවන් එකම ස්ථානයකට ගෙන එමින් විශිෂ්ට සේවාවක් සැපයීමට Sterling සමාගම සතුව ඇති කැපවීම මෙම නව මධ්‍යස්ථානය මඟින් මනාව පිළිඹිබු වේ.   

Sterling Aftercare සේවා ජාලයේ උසස් ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය, පාරිභෝගිකයාට ඇති පහසුව නිසා සේවාවේ තාක්ෂණික නිවැරදිතාවයට හෝ ප්‍රමිතියට කිසිදු බලපෑමක් නොවන බව තහවුරු කරයි. ජපන් සහ යුරෝපීය ඇතුළු සියලුම වර්ගයේ වාහනවල ව්‍යුහාත්මක අනතුරු අලුත්වැඩියාවන්, බාහිර බොඩි අලුත්වැඩියාවන් (cosmetic fixes), කාර්යක්ෂම අලුත්වැඩියා විසඳුම් මෙන්ම පූර්ණ වාහන පේන්ටිං සහ නිමවුම් සේවාවන් සඳහාම විශේෂිතව මෙම මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Sterling Automobiles Lanka (Pvt) Ltd හි ප්‍රධාන මුල්‍ය නිලධාරී නලින් වර්ණකුල මහතා මෙසේ පැවසීය. “මෙම විශේෂිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අපගේ පාරිභෝගිකයන්ට උසස් ප්‍රමිතියෙන් යුතු, වෘත්තීය මට්ටමේ අනතුරු අලුත්වැඩියා සේවාවක් ලබා දීමයි. අනතුරකට මුහුණ පෑ මොහොතක, විශ්වාසදායක සේවාවක් සොයා නගරය පුරා රස්තියාදු වීමට සිදුවීම පාරිභෝගිකයෙකුට ලොකු පීඩාවක්. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන අලුත්වැඩියා තාක්ෂණය සහ පූර්ණ පේන්ටිං සේවාවන් රත්මලානට ගෙන ඒම මඟින්, වාහනයේ ආරක්ෂාව, කල්පැවැත්ම සහ නිෂ්පාදිත සමාගමේ ප්‍රමිතියෙන්ම වාහන නැවත යථා තත්ත්වයට පත් කිරීමට අපට පුළුවන්.”

අනතුරකින් පසුව වාහනය සාදා ගැනීමට යන කාලය ගැන පැහැදිලි බවක් නැතිකම, හොඳම සේවාව ලබා ගැනීමට ඇති අපහසුව සහ ප්‍රමිතියෙන් තොර අලුත්වැඩියාවන් නිසා වාහන හිමියන් බොහෝ විට අපහසුතාවට පත් වේ. නමුත් රත්මලාන මධ්‍යස්ථානය තුළින් සමස්ත අලුත්වැඩියා ක්‍රියාවලියම ක්‍රමවත් සහ පැහැදිලි පියවර කිහිපයකින් සිදු කෙරේ. වාහනය භාරගැනීමේ සිට හානි පරීක්ෂා කිරීම, නිවැරදි බොඩි අලුත්වැඩියාව, විශේෂිත පේන්ටිං සේවා, උසස් තත්ත්ව පරීක්ෂාවන් සහ වාහනය නැවත භාරදීම දක්වා සියලුම දේ මීට ඇතුළත් වේ. 

මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ, වාහන හිමියන්ට අවශ්‍ය වන උසස් තාක්ෂණික පරීක්ෂාවන්, අනතුරු අලුත්වැඩියාවන්, සාමාන්‍ය නඩත්තු කටයුතු සහ යාන්ත්‍රික සේවාවන් දක්වා සියලුම දේ එකම තැනකින් ලබා දෙන පූර්ණ සේවා සැපයුම්කරුවෙකු ලෙස Sterling Automobiles සතු ස්ථානය තවත් ශක්තිමත් වේ. 2007 වසරේදී ආරම්භ කළ Sterling සමාගම, සේවා මධ්‍යස්ථාන 5කට වැඩි සංඛ්‍යාවක්, 400කට අධික කාර්ය මණ්ඩලයක්, 100,000කට වැඩි සක්‍රීය පාරිභෝගික පදනමක්, සහිත ශක්තිමත් ජාලයක සහය ඇතිව මෙම නව මධ්‍යස්ථානය බලගන්වයි. ශාඛා ජාලය නුගේගොඩ,කඩවත, ගාල්ල  , මිනුවන්ගොඩ  සහ රත්මලාන යන නගරයන්හි  පිහිටා ඇත.

එකම උසස් ප්‍රමිතියකින් යුතු සේවාවක් සහ නිසි වෙලාවට කාර්ය නිමකර ගැනීමට බලාපොරොත්තු වන පෞද්ගලික වාහන හිමියන්, ආයතනික වාහන සමූහ කළමනාකරුවන්, රක්ෂණ තක්සේරුකරුවන් සහ වාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික පාර්ශ්වකරුවන් සඳහා මෙම රත්මලාන මධ්‍යස්ථානයෙන් සෘජුවම සේවාවන් සපයනු ලබයි.

හානි පරීක්ෂා කිරීම් හෝ අනතුරු අලුත්වැඩියා සේවාවන් වෙන්කරවා ගැනීම සඳහා වාහන හිමියන්ට, රක්ෂණ පාර්ශ්වකරුවන්ට සහ වාහන සමූහ මෙහෙයුම්කරුවන්ට 011 7 600 800 පාරිභෝගික ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.sterling.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

මන්ද යත්, අනතුරක් සිදු වූ විට ඔබට අවශ්‍ය වන්නේ පැලැස්තර විසඳුමක් නොව, නිෂ්පාදිත සමාගමේ ප්‍රමිතියෙන්ම වාහනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමක් බැවිනි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *