ANTON ARMOR Roofing Sheets සහ Gutters නිෂ්පාදන තුළින් වහලයේ ජලපවාහන ගැටලුවලට නිවැරදි විසඳුමක් සමඟ අලංකාර පෙනුමක්
PVC කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛතම සන්නාමය වන St. Anthony’s Industries Group විසින් ඔවුන්ගේ තවත් සුවිශේෂී නව නිපැයුමක් ලෙස 100% පරිසර හිතකාමී ARMOR Roofing Sheets සහ Gutters වෙළෙඳපල වෙත හඳුන්වාදෙන ලදී.
මෙම නවීන ARMOR වැහිපීළි පෙළ St. Anthony’s Industries Group හි ARMOR සෙවිලි තහඩු සඳහා වඩාත් ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දී ඇති අතර මෙම වැහිපීළි පද්ධතිය කල්පැවැත්මේ සහ සුන්දර බවෙහි මනා සංකලනයක් වනු ඇත.
තිරසාරබව සහ නවෝත්පාදනය සඳහා සමාගමෙහි ඇති නොසැලෙන කැපවීම මෙන්ම ඔවුන්ගේ ඉදිරි ගමන මෙම නව නිෂ්පාදන තුළින් මැනවින් ප්‍රදර්ශනය වේ. එමෙන්ම අලංකාර බව රැකගනිමින් ජලපවාහනය සඳහා සාධනීය නව නිපැයුමක් හඳුන්වාදීම සහ නව ප්‍රමිතීන් ස්ථාපිත කිරීම ආදී කරුණු ඔස්සේ ශිල්පීය කුසලතාවය සහ තාක්ෂණික නිපුණත්වය සංකේතවත් කිරීම මෙහි අරමුණ වේ. මෙම ARMOR වැහිපීළි නිෂ්පාදන පෙළ වැඩි දියුණු කිරීම තුළින් හිමිකරගෙන ඇති සුවිශේෂි සන්ධිස්ථානය පිළිබඳව St. Anthony’s Industries Group හී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලහිරු ජයසිංහ මහතා විසින් සාඩම්බරයෙන් සිහිපත් කරන ලදී.
ARMOR වැහිපීළි පද්ධතිය අසමසම වාසි රැසක් සහිතව හඳුන්වා දී ඇති ක්‍රියාකාරිත්වයෙන් ඉහළ නව නිපැයුමක් වේ. මෙම නවීන ARMOR වැහිපීළි නිෂ්පාදනය පහසුවෙන් සවිකිරීමේ හැකියාවෙන් යුතු අතර ARMOR සෙවිලි තහඩු සමඟ එය එක් වූ කල වහලයේ සමස්ත අලංකාරය තවදුරටත් ඔප්නැංවේ. විවිධ වහල ප්‍රමාණයන්ට ඔබින පරිදි නිර්මාණය කර ඇති ARMOR වැහිපීළි ඉතාමත් තද වැසි සහිත මෝසම් කාලගුණික තත්ත්වයකට වුවද ඔරොත්තු දිය හැකි ලෙස උසස් ඉංජිනේරු තාක්ෂණය ඇසුරින් නිෂ්පාදනය කර ඇත. මෙය සතු ඉහළ ධාරිතාව සහ විශේෂිත හැඩය නිසා වැසි ජලය උතුරායාමක් සිදුනොවන අතර කාර්යක්ෂම ජලපවාහනයක් සහතික කරයි.
එමෙන්ම මෙහි ඇති අසමසම UV ප්‍රතිරෝධී හැකියාව තුළින් විකෘතිතාවන් ඇතිවීම වළක්වමින් දිගුකල් පැවැත්ම තහවුරු කරන අතර, දැඩි ආරක්ෂණ ප්‍රමිතීන් තුළින් ගිනි පැතිරීම අවම කිරීමේ හැකියාව මෙන්ම අවම නඩත්තුව වැනි වාසි රැසක් ද පාරිභෝගිකයා වෙත තිළිණ කරයි. මෙම වැහිපීළි ඇම්බර් බ්‍රවුන් සහ සුදු යන වර්ණවලින් ලබා ගත හැකි අතර මෙය නිසැකවම ඔබේ නිවසේ බාහිර පෙනුමට ආකර්ෂණීය බවක් එක් කරනු ඇත.
Unplasticized Polyvinyl Chloride (UPVC) වලින් නිමවා ඇති මෙම නිෂ්පාදන පෙළ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර එය පාරිසරික තිරසාරභාවය කෙරෙහිද දායක වේ. ජලපවාහනයේදී පොදුවේ මතුවෙන ගැටලු සඳහා නිසි විසඳුම් ඉදිරිපත් කරමින් මෙය වැසි ජලය ගලා යාම සඳහා ස්ථාවර සහ සුමට මනා නිමාවකින් මෙන්ම ප්‍රමිතියකින් යුතුව සකස් කර ඇත.
පීලි මට්ටම – තිරස් | ||||
වැහිපීලි වර්ගය | ජලය බැසයාම පීලි කෙලවරදී | ජලය බැසයාම පීලි මැදදී | ||
වහලයේ උපරිම වර්ගඵලය | ගලායන ධාරිතාවය | වහලයේ උපරිම වර්ගඵලය | ගලායන ධාරිතාවය | |
ආමර් වැහිපීලි | 197 වර්ග මීටර | 245 ලීටර්/විනාඩි | 414 වර්ග මීටර | 518 ලීටර්/විනාඩි |
පීලි මට්ටම – 1 : 600 | ||||
වැහි පීලි වර්ගය | ජලය බැසයාම පීලි කෙලවරදී | ජලය බැසයාම පීලි මැදදී | ||
වහලයේ උපරිම වර්ගඵලය | ගලායන ධාරිතාවය | වහලයේ උපරිම වර්ගඵලය | ගලායන ධාරිතාවය | |
ආමර් වැහිපීලි | 307 වර්ග මීටර | 384 ලීටර්/විනාඩි | 584 වර්ග මීටර | 730 ලීටර්/විනාඩි |
PVC පයිප්ප සහ උපාංග, PVC මැලියම් වර්ග (adhesive and sealants), ජල ටැංකි, CPVC පයිප්ප සහ උපාංග ඇතුළු නිෂ්පාදන රැසක් මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වාදෙන ලද St. Anthony’s Industries Group මෙරට කාර්මික සහ පාරිභෝගික ක්ෂේත්‍ර සඳහා විශේෂීකරණය වූ නිෂ්පාදනයන් නිපදවන පුරෝගාමී ආයතනයකි. සැමවිටම උසස් අමුද්‍රව්‍ය යොදාගනිමින් ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කළ නවෝත්පාදනයන් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුකරන St. Anthony’s Industries group, අති නවීන තාක්‍ෂණික හැකියාව සහ විශිෂ්ටත්වය තුළින් පාරිභෝගික ජීවිත වැඩි දියුණු කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි.