ස්වදේශී Star Sales Awards 2023/24 සම්මාන උළෙල වෙතිත් ස්වදේශී හි වෙළෙඳ විශිෂ්ඨයින් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයෙයි
Photo Caption :
ස්වදේශී Star Sales Awards 2024 සම්මාන උළෙලේදී ස්වදේශී කර්මාන්තායතනයේ අධ්යක්ෂ ප්‍රවීර් සමරසිංහ මහතා විසින් ක්‍රිෂාන් මධුශංක මහතා වෙත සම්මානය පිරිනැමූ අයුරු සහ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය ඇතුළු ස්වදේශී කර්මාන්තායතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය
ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන ස්වදේශී සිය ‘ස්වදේශී Star Sales Awards 2023/24’ සම්මාන උළෙල මීගමුවේ ජෙට්වින් බ්ලු හෝටල් පරිශ්‍රයේදී පසුගිය දා පවත්වන ලදී. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ සාම්ප්‍රදායික සහ නවීන වෙළෙඳ අංශයන් ඔස්සේ විශිෂ්ට කාර්ය සාධනයක් ලබාගත් පිරිස් අගය කිරීම සඳහාය. එමෙන්ම මෙහිදී සමාගමේ සාර්ථකත්වයට දායක වූ සුවිශේෂී හවුල්කරුවන් ද ඇගයීමට ලක් කෙරිණි.
ශ්‍රී ලාංකේය උරුමය නවෝත්පාදනයන් සමඟ මුසු කිරීම යන ස්වදේශී කර්මාන්තායතනයේ මූලික සංකල්පය පිළිබිඹු වන පරිදි මෙම උළෙල සංවිධානය කර තිබුණි. සම්භාව්‍ය ‘දන්නෝ බුන්දුන්ගේ’ තනුව වැයුණු සාම්ප්‍රදායික බෙර වාදනයකින් උත්සවය ආරම්භ වූ අතර, එමඟින් සමාගමේ සාර්ථක ඉදිරි ගමන සංකේතවත් විය.
ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි / කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය විසින් සිය පිළිගැනීමේ කතාවේදී, ආයතනයේ අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය අනෝන්‍ය සහයෝගිතාව, කණ්ඩායම් හැඟීම සහ වෙහෙස මහන්සිවී වැඩ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. මෙතෙක් ළඟා කරගත් ජයග්රහණයන් සැමරීම සහ එම ජයග්‍රහණ ලබාගත් පිරිස් ධෛර්යමත් කිරීම සඳහා මෙම උත්සවය පවත්වන ලදී. එමෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණ ළඟා කර ගැනීම සඳහා කැපවීමෙන් සිය සීමා මායිම් අභිබවා කටයුතු කිරීමේ වැදගත්කම ද ඇය සිය කතාවේදී අවධාරණය කළාය.
පිළිගැනීමේ කතාවෙන් අනතුරුව ස්වදේශී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා සභාව අමතමින් පසුගිය වසරේ විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ ආවර්ජනය කළ අතර, 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන උපාය මාර්ග පිළිබඳවද විස්තර කරන ලදී. ඔහුගේ කතාව නවෝත්පාදන, සහයෝගීතාවය සහ ආයතනයේ මුල්පුරුක් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම යන අංශ වලින් සමන්විත විය. එමෙන්ම පුද්ගලික සත්කාරක ක්ෂේත්රයේ වර්ධනයක් අවශ්‍ය බව ද උඩවත්ත මහතා සිය කතාවේදී අවධාරණය කළේය.
සංස්කෘතික අංග ඇතුළු විවිධ විනෝදාස්වාදය රැගත් ඉදිරිපත් කිරීම් රැසකින් සමන්විත වූ මෙම උත්සවය, ‘ස්තූතියි ශ්‍රී ලංකා’ යනුවෙන් විශේෂ නර්තනයකින් හැඩ වූ අතර, එමඟින් ස්වදේශී කර්මාන්තායතනයේ දේශීයත්වය කෙරෙහි දක්වන වටිනාකම මනාව පිළිබිඹු විය. මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් වූයේ ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සිය නවතම සබන් වර්ගය වන ස්වදේශී කොහොඹ ලෙමන්ග්‍රාස් සබන් පිළිබඳ රැස්ව සිටි පිරිසට හඳුන්වා දීමයි. මෙම නව සබන් නිෂ්පාදනය නිර්මාණය කර ඇත්තේ ශරීරයේ දහදිය දුගඳ නැතිකර ශරීරය ප්‍රබෝධමත් කිරීමට සහ දිගු කල් පවතින ප්‍රබෝධමත් සුවඳක් සැපයීම සඳහා ය. සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තත්වයෙන් උසස් ඖෂධීය පුද්ගලික සත්කාරක විසඳුම් පිරිනැමීමට ස්වදේශී සමාගම සතු කැපවීම මෙවැනි නිෂ්පාදන මඟින් පෙන්නුම් කරයි.
මෙම විචිත්‍රවත් අංගයන්ගෙන් අනතුරුව සැවොම බලාපොරොත්තුවෙන් සිටි සම්මාන ප්රදානය කිරීම ආරම්භ වූ අතර එහිදී විකුණුම්වල ඉහළම දක්ෂතා දැක්වූවන් ඔවුන්ගේ අගනා දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් වූ අතර, ආයතනයේ දියුණුව වෙනුවෙන් ඉවහල් වූ ව්‍යාපාරික හවුල්කරුවන් ද ඇගයීමට ලක්විය.
ස්වදේශී කණ්ඩායමේ, ශක්තිමත් කණ්ඩායම් හැඟීම නිරූපණය කරන සුවිශේෂී කණ්ඩායම් ගීතයක් සමඟින් උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.
තිරසාරභාවය සහ සදාචාරාත්මක භාවිතයන් සඳහා වන ස්වදේශී සතු කැපවීම මෙම සවස් යාමය පුරාවටම කැපී පෙනුණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාර සන්නාමයක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය දේශීයව සපයාගත් ගුණාත්මක ඖෂධ පැළෑටි පමණක් භාවිතා කරන අතර, ඒවා ඉතා සූක්ෂම සහ සංකීර්ණ පරීක්ෂණ ක්‍රියාවලියක් යටතේ භාවිතයට ගනියි. ස්වදේශී කොහොඹ සහ රාණි සඳුන් වැනි ජනප්‍රිය නිෂ්පාදන ඇතුළු ස්වදේශී කර්මාන්තායතනය නිෂ්පාදනය කරන අනෙකුත් සියළුම නිෂ්පාදනවල 100%ක් ශාකසාර අමුද්‍රව්‍ය අඩංගු වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. මේ නිසාවෙන් ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ලක්විය.මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි.
ස්වදේශී කර්මාන්තායතනයේ වසර 80 ක මෙම අභිමානවත් උරුමය ගොඩනැගී ඇත්තේ තිරසාරත්වය, සදාචාරාත්මක භාවිතයන් සහ නවෝත්පාදනය සඳහා වන ඔවුන්ගේ කැපවීම මතය. ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය 1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳ පොලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.
ස්වදේශී Star Awards 2023/24 සම්මාන උළෙල මඟින්, සමාගමේ විකුණුම් විශිෂ්ටතා ඇගයීම මෙන්ම නවෝත්පාදන, තිරසාරභාවය සහ සදාචාරාත්මක භාවිතයන් යන අංශයන්ගෙන් පෞද්ගලික සත්කාරක ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටීමට ආයතනය සතු කැපවීම තහවුරු කරන ලදී.