රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම පරාසයට අයත් මීටර් 1 X 1 Eterno ටයිල් හඳුන්වා දෙයි

0

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, ශ්‍රී ලංකාවේ විශාලතම  Eterno පරාසයට අයත් වන මීටර් 1×1  ටයිල් වෙළඳපොළ වෙත හඳුන්වාදෙන ලදී. දේශීය ටයිල් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම අවස්ථාව නව්‍ය නිර්මාණ සහ තාක්‍ෂණයන් හඳුන්වාදීමේ වෙළඳපොළ ප්‍රමුඛයා රොසෙල් බව යළි යළිත් තහවුරු කරයි.

දශක ගණනක් පුරාවට, විශිෂ්ටතම ගෝලීය නිර්මාණ සහ නවීන තාක්‍ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් නිවාස හිමියන්ට සහ නිර්මාණ ශීල්පීන්ට අසමසම ජීවන රටාවක් හිමිකරදීමට රොසෙල් පෙරමුණ ගෙන සිටී. ලොව අති විශිෂ්ඨතම නිර්මාණයන්හි ආභාසය ලත් නව Eterno මීටර් 1×1 ටයිල් , අලංකාර ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට රොසෙල් තුළ වූ කැපවීම මනාව විදහා දක්වයි.

Italian white marble, travertine, stone, cement & concrete ආදී විවිධ මෝස්‌තර රැසක් Eterno ටයිල් එකතුව සතු වේ. මෙම එකතුවේ ඇති ටයිල් නිර්මාණකරණයේ විශිෂ්ටත්වය මැනවින් කියාපාන අතර ඒවා සතු අසමසම නවීනත්වය සහ කල්පැවැත්ම ඔබගේ ජීවන අවකාශය උසස් මානයකට රැගෙන යයි.

මෙම Matt-Polished Tiles ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අතර ඒවා Matt පෙනුමකින් සහ මෘදු මතුපිටකින් සමන්විත වේ.  Wall ටයිල් හා Floor ටයිල් සඳහාම සරිලන ලෙස නිපදවා ඇති නව Eterno ටයිල් විශිෂ්ට නිර්මාණ සඳහා අසීමිත හැකියාවක් ලබා දෙනු ඇත.

“නිර්මාණකරණය සහ නවෝත්පාදනය අපගේ හදවතයි.  මෙම හඳුන්වාදීම ගනුදෙනුකරුවන්ට නවෝත්පාදන සහ විශිෂ්ට නිර්මාණ අඛණ්ඩව ලබාදීමට අප කරන කැපවීම මනා ලෙස ප්‍රදර්ශනය කිරීමක්.” රොසෙල් හි අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය පැවසුවේය. “මෙම නිෂ්පාදනය ශ්‍රී ලාංකේය වෙළඳපොළ තුළ පෙරළියක් සිදුකරනවා නොඅනුමානයි. ඒ වගේම  නිවාස හිමියන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ගෘහ අලංකරණ ශිල්පීන්ට සිත් ඇදගන්නාසුළු සහ පුළුල් ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා මහඟු  අවස්ථාවන් හිමිකරදෙයි. අපගේ නවතම පරාසයන් සඳහා ‘3D Precision Carving Inks’ වැනි ප්‍රමුඛතම ගෝලීය තාක්‍ෂණයන් භාවිතය තුළින්, දේශීය හා ගෝලීය වශයෙන් නිර්මාණ විශේෂඥයින් ලෙස අපගේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.” ඔහු තවදුරටත් පවසා සිටියේය.

මීටර 1 x 1 Eterno ටයිල් දිවයින පුරා ඇති සියලුම රොසෙල් ප්‍රදර්ශනාගාරවලින් දැන් ලබාගත හැක. සම්පූර්ණ එකතුව දැකබලා ගැනීමට සහ ටයිල් කිරීමේ නව ප්‍රමිතිය අත්විඳීමටත්, අදම ඔබේ ළඟම ඇති රොසෙල් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න.

රොසෙල් ඔබගේ ජීවන අවකාශය තුළ විශිෂ්ට නිර්මාණකරණයේ ප්‍රමුඛයා වේ. වසර ගණනාවක සිට නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වය සමඟින්, ශ්‍රී ලාංකිකයින් වෙත ගුණාත්මක නිෂ්පාදන තිලිණ කිරීමට රොසෙල් අඛණ්ඩව කැපවී සිටී. ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා වලට සරිලන ලෙස සිය නිෂ්පාදන පරාසය පුළුල් කරමින් කර්මාන්තය තුළ විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීමට රොසෙල් සමත් වී ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර +94766 22 33 44 දුරකථන අංකයට අමතන්න. එසේ නැතහොත්  [email protected] යන විද්‍යුත් තැපෑල් ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ www.rocell.com වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩි විස්තර දැන ගත හැක.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *