ලෝක ව්‍යවසායකත්ව දිනය සමරමින් ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන  මධ්‍යම පළාතේ දියත් කරයි.

0

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA, ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන,  ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට සමත් වී ඇත. අගෝස්තු 21වන දිනට යෙදී තිබු ලෝක ව්‍යවසායකත්ව දිනය නිමිත්තෙන් ‘DIVA දෑතට දිරියක්’  වැඩසටහන මඟින් එක්දින සම්මන්ත්‍රණයක් ‍‍Women in Management (WIM) ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය විසින් මධ්‍යම පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් 100කට අධික පිරිසක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. සම්මන්ත්‍රණයෙන් අනතුරුව කාන්තා ව්‍යවසායිකාවන්ගේ ප්‍රායෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යවසායකත්ව කුසලතා පිළිබඳව දෙදින වැඩමුළුවක් ද පවත්වනු ලැබීය. අභියෝගාත්මක ව්‍යවසායකත්ව ලෝකය තුළ වර්ධනය වීමට ව්‍යවසායිකාවන්ට අවශ්‍ය විශ්වාසය, දැනුම සහ නිපුණතාවලින් කාන්තාවන් සන්නද්ධ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන DIVA දෑතට දිරියක් වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන හැදින්විය හැකියි.

2022 වසරේ ආරම්භ කළ ‘DIVA දෑතට දිරියක්‘ වැඩසටහන ආරම්භයේ පටන්ම, කාන්තාවන් බලගන්වමින් ඔවුන්ව කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ සිට ඉතාමත් සාර්ථක ව්‍යවසායිකාවන් දක්වා පරිවර්තනය කිරීමට එය සහය විය. වැඩසටහන මඟින් ව්‍යාපාර ලියාපදිංචිය, මූල්‍ය කළමනාකරණය, උපායශීලි මිලකරණය, පාරිභෝගික සත්කාර, ඩිජිටල් වෙළදාම, අලෙවිකරණය, සන්නාමකරණය සහ ඇසුරුම්කරණය වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි.  මෙම අත්‍යවශ්‍ය අංග ඇතුළත් කිරීමෙන්, ආර්ථික අභියෝග හමුවේ වුවද තම ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට කාන්තාවන් සවිබල ගන්වයි.

DIVA දෑතට දිරියක්‘ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන මේ වන විට දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සාර්ථකව දියත් කර ඇති අතර, කාන්තාවන් 175 දෙනෙකුට තම ව්‍යාපාර ආරම්භ කිරීමට සහ තවදුරටත් ඒවා දියුණු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. වයඹ, උතුර, දකුණ සහ ඌව යන පළාත් 4 මෙම වැඩසටහන මඟින් මේ වනවිට ආවරණය කර ඇත. මෙම වැඩසටහනේ පස්වන අදියර ලෙස මාතලේ සම්මන්ත්‍රණය, කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අදිටනින් දියත් කෙරුණි. ප්‍රතිලාභීන් වැඩි පිරිසකට වැඩසටහන සමඟ සම්බන්ධවිය හැකි පරිදි, සම්මන්ත්‍රණය සඳහා අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය ෆේස්බුක් හරහා සිදු කරන ලද අතර, වැඩසටහනට සහභාගී වීමට කැමති කාන්තා ව්‍යවසායකයන්ට තම ආසනය වෙන් කරවා ගැනීම WhatsApp පණිවිඩයක්, SMS හෝ දුරකථන ඇමතුමක් මඟින් සිදු කිරීමේ අවස්ථාව සැපයිණි.

“තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි, අනාගත පරපුර පෝෂණය කරමින් ජාතිය ගොඩනැගීම සඳහා කාන්තාවන් සතු  තීරණාත්මක කාර්යභාරය අවධාරනය කරමින්, DIVA සන්නාම අරමුණෙහි එක් කොටසක් ලෙස, ‘DIVA දෑතට දිරියක්‘ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කර ඇත. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ වර්තමානයේ පවතින ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා අධිෂ්ඨානශීලී කාන්තාවන්ට ශක්තියක් සහ උපකාරයක් ලබා දීමටය. මේ වනවිට ‘DIVA දෑතට දිරියක්‘ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන් 5ක් පවත්වා ඇති අතර පසුගිය වසර 2ක කාලය පුරා කාන්තා ව්‍යවසායකයින්  275කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සවිබලගන්වා ඇත. එසේම දිවයින පුරා සිටින තවත් කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් හා සවිමත් කරමින් ඔවුන් සවිබලගැන්වීමේ කටයුතු DIVA  සන්නාමය විසින් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *