2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී DIMO පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබයි

0
Ms. Thanusha Chandrasekera - Head of Operations Compliance - DIMO is receiving the Bronze Award from Mr. Prabath Chandrakeerthi, Secretary to the Ministry of Environment at the award ceremony

පසුගියදා BMICH හිදී පැවති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන කාණ්ඩය (Vehicle Servicing Centre category) යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට DIMO සමත්විය. මෙය DIMO, ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන වසරයි. මෙම සම්මාන උළෙලේදී වාහන සේවා මධ්‍යස්ථාන අංශය වෙත පිරිනමන ලද ඉහළම සම්මානය වූයේ ලෝකඩ සම්මානයයි.                                             

මෙම කීර්තිමත් සම්මාන උළෙලේදී Mercedes-Benz වාහන සඳහා සේවා  සපයන DIMO 800, සේවා මධ්‍යස්ථානය  පරිසර සංරක්ෂණය සඳහා දක්වන ලද සුවිශේෂී කැපවීම වෙනුවෙන්  ඇගයීමට ලක් විය. DIMO 800 හි සූර්ය පැනල හරහා විදුලිය උත්පාදනය කරන අතර ජලය අපතේ යාම අවම කිරීම සඳහා අප ජලය පවිත්‍ර කිරීමේ ක්‍රමවේදයක් මෙන්ම  වැසි ජලය රැස්කිරීමේ පද්ධතියක් ද ස්ථාපිත කර ඇත.  එසේම මෙම ගොඩනැගිල්ල ස්වභාවික වාතාශ්‍රය සහ ආලෝකය වැනි පරිසර හිතකාමී  ක්‍රමවේදයන්  භාවිත කරමින් ස්ථාපනය කර ඇති අතර මෙම  මධ්‍යස්ථානය  ISO 14001: 2015 ට අනුකූලව පාරිසරික කළමනාකරණ තත්ත්ව සහතිකයද ලබා ඇත .

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතින් ප්‍රදානය කරන ලද මෙම සුවිශේෂී ලෝකඩ සම්මානය  DIMO හි  අනුකූලතා මෙහෙයුම්  ප්‍රධානී තනූෂා චන්ද්‍රසේකර මහත්මිය විසින් සම්මාන උළෙලේදී ලබාගන්නා ලදී

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *