IT Gallery 2024 වාර්ෂික හවුල්කාර සමුළුවේදී Ezviz සන්නාමය සමඟ ඇති අඛණ්ඩ සහයෝගීතාවය උත්කර්ෂවත්ව සමරයි

0

2018 වසරේදි මුල්වරට පවත්වන ලද IT Gallery හි වාර්ෂික හවුල්කාර සමුළුව, එහි ආරම්භයේ සිටම සම්බන්ධතාවයන් පෝෂණය කරමින් කර්මාන්තයේ නවෝත්පාදනයන් මෙහෙයවන සුවිශේෂී අවස්ථාවක් විය. මෙම වසරේ  සමුළුව සඳහා Ezviz හි මෙරට කළමනාකාරිනිය වන Rita Liu මෙනවිය සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකාරිනි වන Li Xin මෙනවිය සහභාගි  වී සිටියහ.

මීට වසර 6කට පෙර Ezviz සන්නාමය ශ්‍රී ලංකාව වෙත ප්‍රථමවරට හඳුන්වාදෙමින් WIFI කැමරාවල සිට Smart Entry උපාංග දක්වා නව්‍ය ආරක්ෂණ විසඳුම් ශ්‍රී ලාංකේය නිවෙස් වෙත බෙදාහැරීමේ පුරෝගාමියා ලෙස IT Gallery කටයුතු කළ අතර මෙවර සමුළුවේදි Smart home ආරක්ෂණ සන්නාමය වන Ezviz සහ IT Gallery අතර පවත්නා හවුල්කාරිත්වය  සිහිපත් කෙරිණි.

 2023 වසරේ සිට IT Gallery සහ Ezviz සන්නාමය ඉදිරියට ගෙනයාම සඳහා දායකත්වය සපයන ලද ප්‍රධාන නියෝජිතයන් තිදෙනා වෙත ගෞරව ප්‍රණාමය පුද කිරීම මෙම සමුළුවේ මූලික අරමුණ වූ අතර මෙම අවස්ථාව හවුල්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කරමින් සවිමත් සම්බන්ධතා ජාලයක් සහතික කිරීම කෙරෙහි බෙහෙවින් ඉවහල් විය. සමාගමේ ජයග්‍රහණය සැමරීම සඳහා මෙන්ම දේශීය වෙළෙඳපල වෙත හඳුන්වාදෙනු ලබන නව නිෂ්පාදනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  දිවයින පුරා සිටින නියෝජිතයන් 350කට අධික සංඛ්‍යාවක් මෙවර සමුළුවට සහභාගි වී සිටියහ.

Ezviz සන්නාමයේ මෙරට ප්‍රමුඛතම බෙදාහරින්නා ලෙස IT Gallery විසින් එම සන්නාමය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වසර 6ක් පුරාවට සැලකිය යුතු කාර්භාරයක් ඉටු කර තිබේ.  නව්‍ය Smart Home ආරක්ෂණ විසඳුම් හරහා ලාංකික  නිවෙස් වෙත උපරිම ආරක්ෂාවක්  සහතික කර ඇත. මෙම සමුළුවේදී හවුල්කරුවන් වෙත පිරිනමන ලද සුවිශේෂී පිළිගැනීම Ezviz සන්නාමයේ සහ IT Gallery අතර පවතින  හවුල්කාරිත්වය පිළිබඳ  මනා සාක්ෂියකි.

 EZVIZ හි දකුණු ආසියාතික කලාපයේ විකුණුම් අධ්‍යක්ෂ Aaron Lee මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.” ශ්‍රී ලාංකේය වෙළෙඳපල වෙත නව්‍ය ආරක්ෂණ විසඳුම් ලබාදීම කෙරෙහි  IT Gallery සමඟ තිබෙන අපගේ සහයෝගීතාවය බොහෝ ඉවහල් වී තිබෙනවා. මෙම වර්ධනීය සහ නවෝත්පාදන ගමන ඉදිරියටත් පවත්වාගෙන  යාමට අපි ඉතාමත් උනන්දුවෙන් පසුවෙනවා.”

“මෙහිදී අපගේ හවුල්කරුවන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සිය පිළිබඳව අපි හඳුනාගැනීම අත්‍යවශ්‍යයි. Ezviz සන්නාමය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය සැලකිය යුතු මෙහෙයක් ඉටුකර තිබෙනවා. අපි එකතු වී නව්‍යකරණය සහ විශිෂ්ටත්වය පිළිබඳ සීමාවන් අතික්‍රමණය කරමින් ඉදිරියට ගමන් කිරීමට කටයුතු කරනවා.” ලෙසින් IT Gallery Computers (Pvt) Ltd හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.

නවෝත්පාදනය සහ සහයෝගීතාවය ඉහළ නැංවීම වෙනුවෙන් සමාගම දක්වන කැපවීම මෙම IT Gallery Partner Summit 2024 තුළින් මැනවින් සනාථ වේ. Ezviz සන්නාමය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇති අනාගත හැකියාවන් සහ අවස්ථාවන් පිළිබඳව IT Gallery ආයතනය ඉතාමත් උද්‍යෝගයෙන් සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *